51. වේදනාව

5 0 0
                                    

ගෙදර යාගන්න තරම් හිත හයියක් නැති නිසා මං ගේට්ටුව ලගටත් ඇවිත් තුන්හතර වතාවක් ඇතුලට නොයා එහාට මෙහාට කැරකුනා. යන්න නම් පුළුවන්. තාත්තිගෙයි අම්මිගෙයි මූණ බලන්නේ කොහොමද. එයාලා අහන ප්‍රශ්ණවලට මට දෙන්න උත්තර නැහැනේ වලාමේ. එයාලගේ ඇස්වලට අහුනොවී කාමරේට පැනගන්න එකම ක්‍රමයයි තියෙන්නේ. මොනවා කරන්නද. අන්තිම තුරුම්පුවත් අදිනවා. මං උස මල් පෝච්චියට අඩිය තියලා තාප්පෙට නැගගත්තා. වඳුරු ජාන තියෙන නිසාම හොඳයි ඉතින්. වතුර බටේ දිගේ බඩගාගෙන ඇවිත් මං ජනේලේ ඇරන් ඇතුලට පැන්නා. කාමරේ තිත්තපත කරුවලයි. අම්මේ.. ඇති ඔයින් ගියා. මං ලොකු හුස්මක් අතෑරියා.

ආ.... මේ ඇවිත් තියෙන්නේ..”

එකපාරම කාමරේ එලිය වෙලා ඇහුන කටහඩත් එක්කම මට හීක්ගෑවුනා. කාගෙන් බේරුනත් මේ දෙකෙන් බේරෙනවා කියන්නේ අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක්. මගේ ඇඳ ලග වීල්චෙයාර් එකේ ඉදගෙන තරූ මං දිහා බලන් හිටියා. ටක්කෙටම මං දන්නවා අනිත් එකී ඇති දොරට හේත්තු වෙලා අත් දෙකත් බැදන් මාව කන්න බලාගෙන. කියන්න මුකුත්ම කටට නාපු නිසා මං නැගිට්ටා.

කොහොමද උඹ මෙහෙම කරන්නේ.. ආ නික්....”

සඳූගේ තෙතමනයක් නැති කටහඬ අද වෙව්ලනවා. ඒකි අඬන්නද හදන්නේ. අනේ දැන් නම් එපා. ප්ලීස් ප්ලීස් ප්ලීස්.. මං සද්ද නැතුව ගිහින් පිජාමා එකයි ටවල් එකයි කරට දාගත්තා.

නික්....”

ඒ පාර තරූ.. හනේ... දෙයියෙක් ඉන්නවා නම් මේවා බලාගනිල්ලකෝ. මට මුන්ට දෙන්න උත්තර නෑ හත්දෙයියනේ.

“නික්....”

හිතුවෙවත් නැති වෙලාවක සඳූ මගේ උරහිස්වලින් අල්ලගෙන මාව එයාගේ පැත්තට කරකවා ගත්තා. මාත් රොබෝ වගේ කැරකුනේ. ඒත් සඳූගේ ඇස් එක්ක මගේ ඇස් පැටලෙන්න කලින් වෙන අතක් බලාගන්න මං පරිස්සම් වුනා.

මගේ මූණ දිහා බලපං නික්. උඹ කොහොමද මෙහෙම කරන්නේ. මෙච්චර අවුරුදු විස්සකට එලියට නාපු එක්කෙනෙක් එකපාරටම ඇවිත් කිව්වම එයා අපේ අම්මා කියලා උඹ එක පිළිගත්තේ කොහොමද නික්. උඹ දෙයක් ලේසියෙන් පිළිගන්නේ නැහැනේ. ඇයි මේකෙදි විතරක් හොයන්නේ බලන්නේ නැතුව වැඩ කරන්නේ.”

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now