09. ඉල්ලගෙන කෑම

5 1 0
                                    

අපි තරූගේ රූම් එකට එද්දි අම්මි හිටියේ නෑ. තරූ බෙල්ල දික් කරගෙන දොර දිහා බලාගෙන හිටියා. ඒ බලන් ඉදපු විදියට නම් පැය දෙකක්වත් බලන් ඉන්නැති ඔහොම.

මොකෝ යකෝ.”

“ඇයි තොපි පරක්කු වුනේ.”

“නිකන් ඉතින්..”

“කෝ අම්මි..”


මම තරූගෙන් ඇහුවේ ගෙනාපු කොත්මලේ වැනිලා බීම බෝතලේ අතට දෙන ගමන්. තරූ ඒක අරන් ඒක හුස්මට බීගෙන බීගෙන යන දිහා මං බලන් හිටියේ මල පෙරේතයෙක් දිහා බලන් ඉන්නවා වගේ. බීලා බෝතලේ ටේබල් එක උඩින් තියන ගමන් තරූ මගේ දිහා බැලුවා. මං බලන් හිටිය විදිය නිසාද කොහේද තරූ උරහිස් අකුලලා ඇයි කියලා ඇහුවා. මං මුකුත් නෑ කියන්න ඔලුව හෙල්ලුවා.


කාන්තාරෙක හිටියද යකෝ.”

“බොන්න මුකුත්ම නැතුව හිටියේ බං. අම්මිත් ඩොට්ට හම්බෙන්න ගියා ගියාමයි තාම නෑ.”


මගේ ප්‍රශ්නෙට උත්තර හම්බුන නිසා මං ජනේලෙන් පාර දිහා බලන් හිටියේ කම්මැලිකමට. ටිකකින් දොර ඇරෙන සද්දෙන් අම්මි ඇතුලට ආවා කියලා මං දැනගත්තා.


ඔය දෙන්නා කොයි වේලේද ආවේ.”

“දැන් ටිකකට කලින් අම්මි. ආ.. මේක බොන්න.”

“ආ.. මේ මොකද නික් ආසම බීම ජාතිය මට දීලා. නික් බීවේ නැද්ද.”


අම්මි අහනවත් එක්කම මං ඇතුලට හැරුනේ තත්පරේට හැටේ වේගෙන්. සඳූගේ ආච්චිට හාල් ගරන්න. මේකි එයාගේ කිරි එකයි අම්මිගේ කිරි එකයි දෙකම බීලා අම්මිට දීලා තියෙන්නේ මගේ එක. මං සඳූ දිහා රවලා බලද්දි ඒකි කුප්පම විදියට කට කොනකින් හිනාවුනා.


ආ.. නික් බීවේ නැද්ද දරුවෝ.”

“බී..බීවා අම්මි.”


තරූට ගොතගැහුන නිසා මං ඒ මූණ දිහා බැලුවා. තරූ ඇස්වලින් මට ටේබල් එක උඩ තිබුන වැනිලා බීම බෝතලේ පෙන්නුවා. එවෙලේ තමයි මටත් මතක් වුනේ. යකඩෝ.. නික්ට වැනිලා ඇලජික්නේ. මං අම්මි දකින්න කලින් තරූ බීපු බෝතලේ අරන් අත පිටිපස්සෙට කරගත්තා. අම්මි චුක්කි ගාගෙන සඳූගේ පැත්තට හැරෙද්දිම මං බෝතලේ ජනේලෙන් එලියට චුතකරා.


හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now