ඇස්වලට ආයේ පාට ලොකේ සුදුපාට පෙනෙද්දි මං අමාරුවෙන් ඇස් ඇරියා. ඉන්න තැනම ඉදන් මං ඔලුව දෙපැත්තට වැනුවේ ඉවසන්න බැරි තරම් ලොකු ඔලුවේ කැක්කුමක් දැනෙද්දි. දෙපැත්තට වනද්දි විසිවුන ලේ දැකලා මං දැනගත්තා තාප්පේ වැදුන වෙලාවේ නලල තුවාල වෙලා කියලා. මං ඔලුව අතගාන්න හැදුවත් මට අත් හොල්ලන්න බැරිවුනා. ලොක්වෙලා වගේ. ටිකකින් තමයි මට වැඩේ තේරුනේ. මාව බැදලා දාලා. මං බෙල්ල හරවලා බලද්දි දැක්කේ මගේ ලඟම ඉන්න සඳු. ඊට එහායින් බිඟුන්ගේ සපත්තුවත් පෙනුනා. අනිවා අයියත් ඇති. මොකක්ද වුනේ කියලා මං ටිකක් මතක් කරලා බැලුවා. කයිය ගගහා ආවා. මං ඇස් පියාගත්තා. ජීප්එක ගැස්සුනා. බිඟුනුයි අයියයි බැන බැන ආවා. ඉස්සරහින් කන්ටේනර් එකක් ආවා. ජීප්එක ඒකේ වැදුනා. කැරකුනා. ලොරියේ වැදුනා. විසිවුනා. කලුවර වුනා. ඒකනේ වුනේ. මට හරකට වගේ තේරුනා බැදලා දාලා තියෙන විදියෙන් අපි හැපුනා නෙමෙයි හැප්පුවා කියලා.
මං හතරඅතේ ඇස් කැරකෙව්වේ ඉන්න තැන ගැන අදහසක් ගන්න. ගරාජ් එකක් වගේ. හැමතැනම ටයර්.. වාහන කෑලි.. අපිව හේත්තු කරලා තිබුනෙත් ටයර් ගොඩවල්වලට. මං වටපිට බැලුවේ කවුරුහරි ඉන්නවද කියලා. ම්හු... නෑ.. බල්ලෙක්වත් නෑ.. අනික සිහිය ඇවිත් තියෙන්නෙත් මට විතරද කොහේද. මං මගේ ලගම හිටිය සඳුට උරහිසින් ඇන්නා. ම්හු. නෝ ආන්සර්. ආයේ තට්ටු කරත් කිසිම හැලහොල්මනක් නෑ. මැරිලා වගේ. ෂුවර් එකටම සඳු තාම ඇත්තේ නින්දේ. මෙහෙම දෙයක් වුනා කියලවත් දන්නේ නැතුවැති. මං කෙලින් වෙන්න බැලුවා. අත් දෙකයි කකුල් දෙකයි දෙකම බැදලා නිසා කෙලින් වෙන්න ටිකක් අමාරු වුනත් මං කෙලින් වුනා. අත්දෙක ඔලුව වටේ කරකවලා මං ඉස්සරහට ගත්තා. බලහල්ලකෝ අත්දෙක බැදපු එකක හැටියක්. වයර් වලින්. ඔයිට හොදයි නොබැදම හිටියා නම්. අපිටත් එක්ක ලැජ්ජයි. මං කටින් වයර් එක ගලවගත්තා. අත්දෙක නිදහස් වුන ගමන්ම කකුල් දෙකත් ගලවගත්තා. කෙලින් වෙලා මුලින්ම සඳුගේ අත්දෙක ලිහුවා. ටිකක් තදේට කම්මුලට පාරවල් දෙක තුනක් ගැහුවහම සඳුට සිහිය ආවා. ඒකි අමාරුවෙන් ඇස් ඇරලා මං දිහා බැලුවා.
“අපි මේ කොහේද නික්...”
“මං උඹගේ කෝල් එකට පස්සේ හෙලෝ කියන්නම් චුක්කි. මුලින්ම උඹ උඹගේ කකුල්දෙක ලිහාගනින්.”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰