බයික් එක ගේට්ටුවෙන් ඇතුලට දාද්දිම යාන්තමින් බැලන්ස් කරගත්තේ නැත්තම් තව නූලෙන් මට ඉන්න වෙන්නේ ජයවීර අංකල්ගේ ජීප්පුව යට. යකෝ මේ මනුස්සයා මෙච්චර ඉක්මණට පොලිස් ස්ටේෂන් එකටත් ගිහින් අපේ ගෙදරත් ආවද. ඇත්තටම මුන්දැට ගෙයක් නැද්ද. අපේ ගෙදරම බඩගාන්නේ. තාප්පේ දිගේ බඩගාලා මං යාන්තමට ඇරලා තිබුන ජනේලේ හොඳටම ඇරගෙන කාමරේට පැන්නා.
“ඇති යන්තම් ආවා.”
මෙන්න ඩබල මගේ කාමරේ බදු අරන්. පැනපු ගමන්ම සඳු කතාකරපු නිසා මං ගැස්සිලා ගියා. පණ යන වැඩනේ කරන්නේ. සඳු ඉන්නවා පිස්සු හැදිච්ච එකා වගේ කාමරේ එහාට මෙහාට ඇවිද ඇවිද දිග මැන මැන. අනිත් එකී ඉන්නවා නියපොත්ත වැලමිට ලඟට වෙනකම් කකා.
“තොපේ රූම්එකට ගංවතුරද.”
“ඒක නෙමෙයි කොහෙද මෙච්චර වෙලා ගියේ.”
“ජයවීර අංකල් වැඩේ කරාද බලන්න ගියේ. ඒක නෙමෙයි උන්දැ මොකෝ මෙහේ.”
“දන්නේ නෑ බං. එකපාරට ආවා. දැන් ඇති විනාඩි දහයක් විතර.”
“බිසෝඅම්මගේ කේස් එකටද.”
“වෙන්නැති. උඹ වොෂ් දාපන්. තා ටිකකින් තාත්ති කැඳවයි.”
“හ්ම්.”
මං වොෂ් දාගෙන විනාඩි දහයකින් විතර එලියට ආවා. සඳු දොර ලග ඉඳන් පහල ඉන්න කට්ටිය දිහාට ඇහැ දාගෙන ඉන්නවා. මං සඳුට පාඩුවේ ඔත්තු බලන්න ඇරලා රෑට අදින ඇඳුම දාගත්තා.. මොකක් හරි අඩුපාඩුවක් වගේ දැණුන නිසා මං කල්පනා කරේ මොකක්ද කියලා. ආ... හරි. මගේ පිම්පොම් බෝලේ. කෝ ඒක. මං හැමතැනම හෙව්වේ ඒක මගේ ඇඟේ ඇටයක් වගේ මට වටින හින්දා. කේන්ති ගිය වෙලාවට ඒක කේන්තිය පිටවෙනකම්ම මිරිකලා තමයි මං කන්ට්‍රෝල් වෙන්නේ. මටයි ආකේෂිටයි දෙන්නටම තිබූනේ එකම ලෙඩේ නිසා ආකේෂ් අයියගෙන් තමයි ඒ තෑග්ග හම්බුනේ.
“චුක්කි.. උඹ මගේ බෝලේ දැක්කද..”
හොයලා හොයලා බැරිම තැන මං ඇඳ යටත් රිංගුවා. නෑනේ.. අනේ. කෝ ඔයා. සඳුගෙන් උත්තරයක් නැති තැන යකා වැහීගෙන ආවත් මං ඉවසුවා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Acciónවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰