“තාත්තේ මට ලොකු සැකයක් තියෙනවා මේ තුන්දෙනා ඇත්තම තුන්දෙනාද කියලා.”
“මොනවද සුදු දූ මේ කියවන්නේ..”
වතුර වීදුරුවකුත් අරගෙන කාමරේට යන්න හදද්දි මට තාත්තිගේ කාමරේ පැත්තෙන් හීනියට යාන්තමට සතරකන්මන්ත්රණයක් ඇහුණා. පේන විදියට සතරකන් නෙමෙයි දොලොස්කන්. මොකෝ අපි කට්ටිය ඇරෙන්න ඔක්කොම ජනකාය මේකේ ඇතුලේ.. යන කතන්දරේ දිරවන්නේ නෑ වගේ හිතුන නිසා මං බිත්තියට ඇලිලා කන ඇතුලට දැම්මා.
“මටත් සැකයක් තියෙනවා තාත්ති ඒකේ නම්...”
“මොනවද අනේ මේ ඔය දෙන්නා කියවන්නේ. ඇත්තටම ඒ අපේ පැටව් තුන්දෙනා තමයි..”
“ආ.. ඒකනම් එහෙම තමයි තාත්තේ. තුන්දෙනාම අපේ අණඩපාල තුන්දෙනා තමයි. හැබැයි කැරැක්ටර්ස් මාරු කරගෙන..”
“මොනවා.. ඇයි එහෙම කියන්නේ.”
“තාත්තේ තරූ කවදාවත් කැමති නෑ කජු කන්න. ඒත් අද මෙන්න හැදි දෙකක්ම බෙදාගත්තා. අනික මං දවසකුත් දැක්කා තරූ සාක්කුවේ තිබිලා බයික් එකේ යතුර කීබෝර්ඩ් එකේ එල්ලනවා. තරූට බයික් බදින්න බෑ. හිරූටයි සඳූටයි විතරයි පුළුවන්.”
“ඒක ඇත්ත ඇහැම්. ඒක නම් මටත් හිතුනා. හැබැයි ඇහැම් මට සැකේ තියෙන්නේ තරුයි හිරුයි ගැන විතරයි. සඳූ ඇත්තම සඳූම තමයි.”
“ඇයි ඒ.. .”
“මොකද සඳූ තාමත් රෑට ඇටෑච් බාත්රූම් එකට යන්නෙත් මාත් එක්ක.”
හිකේයියා සඳූ උඹ නම්. අපි දෙන්නගේ නම්බුවත් උයාගෙනම කනවා. බොට බොගේ කාමරේම තියෙන ඇටෑච් බාත්රූම් එකට යන්නත් බැරිද යකෝ තනියම. වලාමයි.. අම්මි මුල ඉදන්ම අපි දිහා බලගෙන ඉදලා තියෙන්නේ රුවිතෙට. අම්මි නම් මොකෝ තාත්තිත්. යකෝ යසස් අයියේ. උඹ ඇතුලේ නේද. බෝලයක් පාස් කරපං අපිව බේරගන්න ඇටිකෙහෙල් කාලා වගේ ඉන්නේ. යසස් අයියගේ සද්දයක් නැති නිසා මං ඌට හිතින් පලුයන්න බැන්නා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰