65. හිතන්න දෙයක්..

5 0 0
                                    

මං නාගෙන රූෆ්ටොප් එකට ගියේ අර කොලකෑලි තුනත් අරගෙන.

ආදරයට අක්ෂර හතරක්....
තිබුනට එහි හරි තේරුමවත්...
වටහන්නට බැරි කෙනෙකුට නම් රැවටෙන්න එපා...

එක කොලේක තිබ්බේ ඒක.. කවුරුවුණත් මහ පුදුම මනුස්සයෙක් මේ. මේ කෙනා මාව ආරක්ෂා කරනවාම විතරක් නෙමෙයි මට ආදරේ කරන බව දැන් මට හොඳටම තේරෙනවා. ඒත් ඇයි මේ මගේ ඉස්සරහට නොඑන්නේ. බිඟුන්.. ප්‍රිත්වි.. කිත්නුක අයියා.. මේ තුන්දෙනා වගේම ඇවිත් අහන්න බැරිද මන්දා. බයද දන්නෑ.. ඔව් ඉතින් බය වෙන එක සාධාරණයි. මං අර තුන්දෙනාටත් දුන්නේ හොඳ හොඳ උත්තරනේ. ඒත් උන්ට ලැජ්ජ නෑනේ ඉතින්. මං මොනවා කරන්නද..

ඉන්න සතුටින්...
නැවත එනකම්..
ආයුෂත් අරන් මගේ දෝණි...
මියැදුනත් මං...
ආදරේ නම්......
නතර වෙන්නෑ මගේ දෝණී.......”

කරන දෙයක් පරිස්සමෙන්.....’

දෙවනි කොලේ මට කියලා තියෙන්නේ දෝණී කියලා. සීයා විතරයි මට අද වෙනකම් සුදුදෝණි කියලා තියෙන්නේ. දැන් තව කෙනෙක් ඉන්නවා.
මේ කවුද දෙයියනේ ඇත්තටම.

සඳ මඬලට එඹිලා......
සුසුමක සුව තවරා....
මාගේ ජීවිතේ රහසේ
මල් පෙති අතුරනවා.......”

මේ කෙනා කවුරුවුනත් මෙයාට මාව ගොඩක්ම වටිනවා වගේ. ඈතින් ඉදගෙන හරි මාගේ දිහා බලගෙන ඉන්න විතරද මන්දා ඹ්න. අනේ නූ.. ඔයාවත් මං ළඟ හිටිය නම්.. මේ ප්‍රශ්ණ ගොඩක මං පැටලෙන්නේ නෑ එහෙනම්.

නංගි....”

මගේ පිටිපස්සෙන් අකේෂ් අයියා ඇවිත් කතාකරනකම්ම මං එයාව දැක්කේ නෑ. මං කොල කෑලි ටිකත් අතේ ගුලිකරගෙන එයාගේ පැත්තට හැරුණා. අයියා ඇවිත් මං ළඟින්ම නතරවෙලා මගේ මූණ දිහා බලගෙන ඉදලා මාවත් ඇඳගෙන බිම වාඩිවුණා. කොහොමත් අකේෂ් අයියා කියන්නේ හරි සැහැල්ලු මනුස්සයෙක්. ලොකු ලොකු සල්ලිකාරයෝ වගේ ලොකුකම් අයියා ලග තිබ්බේ නෑ. වාඩිවෙන්න ඹ්න වුනාද මහන්සියක් දැණුනද ෆ්‍යු ස්ටාර් හොටෙල් හොය හොය ඉන්නේ නෑ.  දූවිලි තිබුනත් පේමන්ට් එකේ හරි ලගිනවා. ඒකමයි මං මගේ චරිතෙටම ගැලපෙන හැසිරීම් තිබුන අයියට කැමති. මගේ අවසරයක් නැතුවම මිනිහා මගේ අත අල්ලගෙන වැලමිට ළඟ ඉදලා හීරිච්ච තුවාලේ දිහා බැලුවා. පස්සේ අතගාන්න වගේ ගිහින් හයියෙන් තුවාලෙට ඇඟිල්ලෙන් ඇන්නා. මූට වෙච්ච වැඩක්. ඒක මට රිදුණ නිසාම මං අයියා දිහා රවලා බලලා අත ඇදලාගත්තා.

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now