56. දිල්රුගේ ඇත්ත

7 0 0
                                    

රූෆ්ටොප් එකේ කොට බිත්තිය උඩ හිටගෙන අත් දෙකත් පපුව මැද්දෙන් බැඳගෙන මං බලාගෙන හිටියේ ඈතින් පේන කදු දිහා. ඒවා හැමදාම උදේට මං දැකලා තිබුනත් ඒ මොන කදුද කියලා මං කවදාවත් හිතලා තිබුනේ නෑ. හිතන්න ඹ්නකමක් තිබුනේ නෑ. ඒත් අද මට හිතුනා ඇත්තටම ඒ මොන කන්දද කියලා. කදු දිහාම බලාගෙන ඉද්දි මට නොදැනුවත්වම අතීතෙට ගියේ ඉබේම.
..............................................................................................

නූගේ අළු තැන්පත් කරලා හදපු සොහොන ලඟ මං කඩාගෙන වැටුනේ පපුව පැලීගෙන එන පුදුමාකාර වේදනාවක් එක්ක. ඇත්තටම මට හිතුනේ මගේ පපුවට මොනවාම හරි වෙයි කියලා. කිසිම දවසක නොදැනුන අමුතුම වේදනාවකින් මගේ හිත කීරිගැස්සුවා. නුදම් යන්නම ගියා කියලා මට විශ්වාස කරන්න වෙනවා. හිර කරගෙන හිටිය කදුළුවලට මං පිටවෙන්න ඉඩ දුන්නා. පපුව ඇතුලේ පිනුම් ගහන වේදනාව පිටකරගන්න මං ඇඬුවේ ලතොනි තිය තිය. ඒ විදියට මං මතක ඇති කාලෙකින් ඇඬුවේ නෑ. පුළුවන් තරම් හයියෙන් උඟුර ලේ රහ වෙනකම් මං කෑගැහුවා. ඒත් ඒ කෑගැහිල්ල අහන්නවත් මාව නවත්තන්නවත් නුදම් ආවේ නෑ. මං හැපි හැපි අඬද්දි සඳූයි තරුයි මට නොදෙවනි වේදනාවකින් ඇඬුවා.

හිරූ...”

බිම වැටීගෙන බඩගාගෙන අඬන මගේ කරට අතක් දාගෙන මාව තුරුල්කරගත්තේ දිල්රු. දිල්රුගේ අතේ ලොකු කැන්ඩ්ල් එකක් තිබුනා. එයා ඒ කැන්ඩ්ල් එක මගේ අතට දීලා නූගේ සොහොන පෙන්නුවා. මං වෙව්ලන අතින් ඒ කැන්ඩ්ල් එක අරන් නූගේ සොහොනේ ඇලෙව්වේ කදුළු ආයෙම ආයෙම අළුත් වෙද්දි. කැන්ඩ්ල් එකේ මලානික කහපාට දැල්ලෙන් නූගේ සොහොනේ තිබුන ෆොටෝ එක පෙනුනා. පුංචි හුළඟක් තිබුන නිසා කැන්ඩ්ල් දැල්ල හුළඟට නැළවුණා.

අක්කේ...”

මටත් වඩා අවුරුදු දෙකක් වැඩිමල් දිල්රු කවදාවත් නැතුව මට අක්කේ කියලා කතාකරද්දි කදුළු අතරින් වුනත් මං පුදුමවුනා. ඒ ඇස්වල පුංචි සතුටක් තිබුනා. ඒ වගේම තොල් අස්සේ ලාවට හසරැල්ලක් තිබුනා. ඒ විදියට කොහොම හිනාවෙනවද මන්දා. මට නම් නූ ගියා කියලා මතක් වෙන හැමවෙලාවකම හිනාවෙන්නේ කොහොමද කියලත් මතක නැතිවෙලා යනවා. දිල්රු මගේ ඇස් දිහා බලන් ඉදලා මාව තුරුල්ලට ගත්තා.

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now