මං ඇස් ඇරියේ හොඳ නින්දකට පස්සේ. ජීවිතේටම මං මෙච්චර නිදාගන්න නැතුව ඇති. ඇයි ඉතින් ආසාවට ඇදෙන් බහින්න කියලද. බෑනේ. අමාරුවෙන් වම් අත යටින් දකුණු අතින් අල්ලගෙන මං කඳ කෙලින් කරගත්තා. අප්පා. අත පොඩ්ඩක් හරි හෙලවුණොත් ආයේ මට දෙයියෝම පෙණුනා. එක්කෙනෙක් නෙමෙයි කෝටි 33ම පෙනුණා. ඊයේ මං අමාරුවෙන් ඇදිලා ඇදිලා මගේ ෆෝන් එක අතට අරන් බලද්දි එකේ මං බලපු නැති දවස් 6 ටම මිස් කෝල්ස් ද මැසේජස්ද අරවද මේවද පිරිලා ඉතිරිලා තිබ්බා. කවුරුවත් ඒවා නොබලපු එක මගේ හොඳට ගියා. ඒකේ එක නම්බර් එකකින් එක දිගට කෝල්ස් ගාණක් ඇවිත් තිබ්බා. ඒක හින්දම මං කස්ටිය එහාට මෙහාට වෙනකම් ඉදලා ඒ නම්බර් එකට ගත්තා. ඒ සවින්. ඊයේ කිව්වා පුළුවන්කමක් තියෙනවා නම් ඇවිත් හම්බෙන්න කියලා. තැනක් වෙලාවක් කිව්වෙත් නෑ.. මං ගනිපු කොල් එක එයා ගත්ත ගානට කට්කරා. මං ඊයේ නිදාගනිද්දිත් කල්පනා කරේ ඇයි ඒ විදියට මට හම්බෙන්න කිව්වේ කියලා. මට සවින්ව හම්බවෙන්න ඹ්නේ වුණත් තැනක් වෙලාවක් නොදැන කොහේ යන්නද.. මං නිකමට වගේ ෆෝන් එක අතට අරන් බැලුවේ අම්මිත් සැපසේ දොයි නිසා. එයා මේ දවස් 06ටම මං ඇහැරිලා ඉන්න තත්පරේකවත් ඇස් පියාගත්තේ නෑ. පව් මහන්සි නිසාම නින්ද යන්න ඇති. මං ඔලුව අතගාන්න ගිහිල්ලත් ආයේ නිකන් හිටියේ ඇහැරෙයි කියලා හිතුන නිසා. ෆෝන් එකට සවින්ගේ නම්බර් එකෙන් එකම එක මැසේජ් එකක් ඇවිත් තිබ්බා. මං ඉක්මණට ඒක බැලුවා.
“Feb 5th @ 10.30 a.m. in Ruwanwella resort “
ඒකේ ආසාවටම තිබ්බේ එච්චරයි. මුගේ ආච්චිට.. දැන් පලයංකෝ රුවන්වැල්ලට. මං හෙමින් අම්මි දිහා බලලා ඔරලෝසුව දිහා බැලුවා.. 9.10 වෙලාව. දැන් ගියොත් වෙලාවට යාගන්න පුළුවන්. මං හෙමිහිට ඇඳෙන් බැහැලා අම්මිගේ පර්ස් එකට එබුනේ මේ දවස්වල මගේ අතේ රුපියලක් තියා පර්ස් එකවත් නැති නිසා. ඒකෙන් රුපියල් 1000 කොළ දෙකක් හෙමිහිට උස්සලා මං දොරත් වහගෙන එළියට ආවා. විලිලැජ්ජාවේ පණ යනවා. ලූස් ස්ලැක් කලිසමයි ටීෂර්ට් එකයි ඇඳගෙන කොණ්ඩෙත් පීරන්නේ නැතුව එළියට බැහැපු පළවෙනි වතාවද කොහේද. මං නර්ස් කෙනෙක් දකින්න කලින් දුවගෙන පහලට ආවේ තාත්ති නර්ස්ලට කියලා ගිහින් තිබ්බනේ මට කාමරෙන් එළියට බහින්න දෙන්නෙපා කියලා. ඉතින් මං ජනේලේ ළඟට ගියත් නර්ස් කෙනෙක් පස්සෙන් ඇවිත් ඇති. මං ටක්ගාලා ත්රීවීල් පාර්ක් එකෙන් ත්රීවීල් එකකට රිංගගත්තා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Hành độngවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰