තෙහෙට්ටුව හින්දා පුටුව උඩම නින්ද ගිහින් ඉඳපු මට ඇහැරුනේ දොරට තට්ටු කරන සද්දෙට. මං නිදිමතේ ඇස් කරකවලා බලද්දි සඳූත් නිදිමතේම ඇස් පොඩි කරනවා මං දැක්කා. මේ වෙලාවේ දොර අරින්න සඳූව යවනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක්. ඒක නිසා මංම ගිහින් දොර අරිනවා. පුටුවෙන් නැගිටලා ඇඟමැලි කැඩුවේ අත් දෙක දිගෑරලා ලොකු ඈනුමකුත් ඇරලා. දොර ළඟට හීනෙන් වගේ ඇවිදන් ඇවිත් මං දොරේ ලොක් එක පැන්නුවා. දොර අරිනවත් එක්කම කඩාගෙන බිදගෙන ඇතුළට ආවේ අම්මියි තාත්තියි. අම්මි ආපු වේගෙට කන්ට්‍රෝල් නැතුව වැටෙන්න ගියා. මං පැනලා අම්මිව අල්ලගත්තේ නැත්තම් අම්මිටත් වෙන්නේ තරූගේ එහා පැත්තෙන් ඇලට් එකක් දාන්න. ඒත් නොහිතපු විදියට අම්මි කෙලින් වෙච්ච හැටියෙම අත දිගෑරලා මගේ කම්මුලට ගැහුවා.
“අම්මි..”
අම්මිගේ කම්මුල් පාරට සඳූටත් පුටුවෙන් නැගිට්ටිලා. තරූට කෑගැස්සුනා. කම්මුල් පාරේ පවර් එක වැඩිකමට මගේ මූණ පැත්තකට ඇලවුනා. යකෝ අම්මි ෆ්ලයිට් එකේ ඉදන් ආපු හිරි ඇරගන්නවද. අම්මිගේ කම්මුල් පාරට මගේ ලෙන්ස් එකක් ගැලවුනා. මං ශේප් එකේ ආයෙම එක දාගෙන මූණ හරවගත්තා.
“මං..මං මේකිට කිව්වා අපි ගිහින් එනකම් නංගිලා දෙන්නව පණ වගේ බලාගන්න කියලා. මේ බලාගත්තු හැටිද. ආ..”
අම්මි තව පාරක් ආවේස වුනා වගේ මගේ පැත්තට එන්න හදද්දි තාත්ති මැද්දට පැනලා මාව කවර් වෙන විදියට හිටගත්තේ ආයෙමත් අම්මිගෙන් මට හක්ක තැලෙන්න වදී කියලා.
“මෝඩ වැඩ කරන්නෙපා මේධා. අපි දන්නවා හිරු කියන්නේ ඔයාගේ පණ කියලා. එහෙමයි කියලා මේ අහින්සකීට අත උස්සලා හරියනවද. අනික හිරූව නවත්තන්න තරූට පුළුවන්ද.”
තාත්ති මගේ පැත්තට කතා කරද්දි අම්මි තාත්තිට රැව්වා රැවිල්ලක් ආයේ හොදි එපා වෙන්න. ඒත් එක්කම බලන්න ආපු ලෙඩත් අමතක කරලා අම්මි ගස්සගෙන ගියා. වැඩේ වඩේ වුනා කියලා තේරුන නිසාද කොහේද තාත්තිත් අම්මිගේ පස්සෙන් දුවන්න ගියත් ආයෙම හැරිලා මං දිහා අසරණ විදියට බැලුවා. උපතින්ම සුදුපාට ගාම්භීර මූණක් තිබුන තාත්ති ඒ විදියට අසරණ වෙනවා බලන් ඉන්න බැරි නිසාම මං මහපට ඇඟිල්ල උස්සලා ‘ඹ්කේ’ කියලා පෙන්නුවා. ඔන්න එතකොට තමයි තාත්තිගේ මූණට එලියක් වැටුණේ.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Açãoවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰