55. සමුගැනීම

6 0 0
                                    

 ඇස් අරිද්දි මං හිටියේ නුදම් ලඟ. එයාගේ ඇඳ ලඟ. රාමනුයි මමයි විතරයි එතන හිටියේ.. එතකොට.. එතකොට. මං අර දැක්කේ හීනයක්ද. මං ටක්ගාලා බඩ අතගාලා බැලුවා. බඩට මෙලෝ හෙණයක් නෑ. යකෝ. මාර හීනයක්නේ දැකලා තියෙන්නේ. තාමත් හති. මං නූ දිහා බලද්දි එයා හරි සනීපෙට නිදි. මං එයා ලඟට යන්න අඩිය උස්සද්දිම දොර ඇරගෙන නර්ස් කෙනෙක් ඇතුලට ආවා නූගේ බෙහෙත් දෙන්න. නර්ස් ඇවිත් එයා තල්ලු කරගෙන ආපු ට්‍රොලිය මගේ ලගින් නවත්තලා ඉන්ජක්සන් එකක් අරන් නූ ලඟට ගියා. මං නිකමට වගේ ට්‍රොලිය දිහා බලද්දි ඒකේ නූගේ බෙහෙත් ඉන්ජක්සන් එක තිබුනා. එතකොට නර්ස් අරගෙන ගියේ මොකක්ද..

එක්ස්කියුස් මී නර්ස්. මේ ඉන්ජක්සන් එක මෙතනනේ. ඔයා මොකක්ද ඔය අරන් ගියේ.”

මං සිලින්ජර් එක පෙන්නලම නර්ස්ගෙන් අහද්දි එයා මං දිහා බැලුවා. ඒ නර්ස් මං මීට කලින් දැකපු නර්ස් කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් නූට බෙහෙත් දෙන්න එන්නේ එකම නර්ස්. මෙයා කවුද.

“ඔයා කවුද. මොනවද ඔය දෙන්න හදන්නේ.”

මං ප්‍රශ්ණ වැලක්ම අහගෙන නර්ස් ලඟට එන්න ආවත් නර්ස් අමුතුම විදියට හිනාවුනා. ඒ හිනාව මට නම් ඇල්ලුවෙම නෑ. නූට කරදරයක් කියලා මට හිතුනා. මං නර්ස්ව නවත්තන්න එයා ලඟට දුවන්න හැදුවත් මං පරක්කු වුනා. නර්ස් නූට බෙහෙත විද්දා. ඒ බෙහෙත ඇඟට වැටෙද්දිම නින්දේ හිටිය නූ නහයෙන් කටෙන් ලේ පෙරාගෙන දඟලන්න ගත්තා. මං යකෙක් දැක්කා වගේ බිරාන්ත‌ වෙලා ඒ දිහා බලන් හිටියේ..

නූ...”

යටිගිරියෙන් කෑගහගෙන මං ඇඳේ ඉඳගත්තා. මුළු ඇඟම ඇඟ හෝදලා වගේ දාඩියෙන් පෙඟිලා. ඒක හිනයක්ද. බඩේ වම් පැත්තෙන් ආපු වේදනාව මාව ඇඹරෙව්වා. මං ඒ දිහා බලද්දි බඩ වෙලලා තිබුන බැන්ඩේජ් එක පොඟවගෙන ලේ එනවා. එහෙනම් මට කලින් වෙච්ච දේ හීනයක් නෙමෙයි. දෙයියනේ ඒ කෝල් එක. මං විදුලි වේගෙන් ආකේෂ් අයියා දිහා බැලුවේ. ඒත් ඊට කලින් අම්මියි තාත්තියි දෙන්නම මාව බදාගත්තා.

මගේ රත්තරන් පුතේ. දෙයියනේ මං මැරි මැරි හිටියේ.”

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now