උදේ තුනට ඇහැරුන එක ආසාවටවත් ආයේ මට නින්ද ගියේ නෑ. ඇඳේ උඩුපැල්ලෙන් අතට ඉදගෙන බඩ උඩින් අත්දෙක බැදන් මං සිවිලිමේ කැරකෙන ෆෑන් එක දිහා ඔහේ බලන් හිටියා. අද කෝර්ට් එකේ වෙන දේ මට මැවි මැවි පේන්න ගත්තා. කෝර්ට් එක ලගින් ගිහින් තිබුනට ආසාවට යන්න තියා ඒ දිහා හැරිලවත් මං බලලා නෑ. එහෙව් එකේ අද ඒ කෝර්ට් එක ඇතුලේ කොටුවකට නගින්න වෙනවා කියන දේ මතක් වෙද්දි බඩපපුව දාගෙන යනවා. කල්පනා ලෝකේ ඉදපු මං මේ ලෝකෙට ආවේ හයට තියපු එලාම් එකේ සද්දෙට. එලාම් එක ඔෆ් කරන ගමන් මං ඇඳෙන් බැස්සේ අදින් පස්සේ වෙන දෙයක් වෙද්දෙන් කියලා හිතාගෙන. බාත්රූම් එකට ගිහින් වොෂ් දාගෙන සුදු ටීෂර්ට් එකට කලු කලිසම ඇඳගන්න මට විනාඩි 45කට වඩා ගියා. වෙනදා වගේ නම් විනාඩි 15න් මං ඇඳගන්නවා. ඒත් අද මගේ වැඩ ඉබ්බගේ පිටේ ගිහින්. ඇඳගෙන කාමරෙන් එලියට ඇවිත් මං දොර ලොක්කරේ මං නැති කාලේ සඳූයි තරුයි මේ කාමරේට ඇවිත් විදවනවට මං අකමැති නිසා. යතුර කලිසම් සාක්කුවට දාගන්න ගමන් මං පහලට බහින්න පඩිපෙළ දිහාට හැරෙද්දි පඩිපෙළ මුල සඳූ හිටියා අත්දෙකත් බැදන් බිත්තියට හේත්තුවෙලා. සඳූගේ මූණ අඳුරුවෙලා ගිහින්. ඇස් රතුපාට වෙලා. අනිවා අඬන්න ඇති දැන් මිනිත්තුවකට කලින්. ඒ මූණ දිහා නොබලා පඩිපෙළ බැහැගෙන යන්න හැදුවත් සඳූව පහු කරද්දි මට ඉබේම මූණ දිහා බැලුනා.
“උඹේ තීරණේ වෙනසක් නැද්ද නික්...”
මං නෑ කියන්න ඔලුව හොල්ලද්දි සඳූ බර හුස්මක් අතෑරියා. ඒ හුස්මේ බර මට හොඳටම දැනුනා. සඳූ කියන්නේ මොන දුක ආවත් කඩාගෙන වැටිච්ච චරිතයක් නෙමෙයි. මේ විදියට හීල්ලුවෙත් නෑ. දිල්රුට තාත්ති බනිද්දිවත් සඳූ හීල්ලුවේ නෑ. අනේ මට සමාවෙයන්. කෑගහලා හයියෙන් කියන්න බැරිකමට මං හිතින් සඳූගෙන් සමාව ඉල්ලුවා. සඳූට එහෙම්මම ඉන්න ඇරලා මං පහලට එද්දි තාත්ති හිටියා කෑම මේසේ පුටුවක වාඩිවෙලා ඔහේ බලාගෙන. එයා මගේ මූණ දිහා බැලුවෙවත් නෑ. අම්මි මාව දකිද්දිම හයියෙන් ඉකිගහන්න ගත්තා. අම්මිගේ ඉකියටම යුමී නැන්දියි තරුයි එකතු වෙද්දි මට කරකියාගන්න දෙයක් නැතිවුනා. සමාව ඉල්ලන්නත් ඹ්න. ඒත් ඒ දේ කරගන්න හයියකුත් නෑ. මං ඉන්න තැනම නැවතුලා ඉද්දි සීයප්පච්චි මං ලගට ආවා. එයා මාව තුරුල් කරගත්තේ හැමෝගෙම නියෝජනයක් විදියටදෝ කියලා මං හිතුනා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Acciónවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰