48. නොපෙනුන ඇත්ත

6 1 0
                                    

කදුවල වැදීගෙන ආපු සීතල හුළඟ විදින ගමන් හිටිය මං කාමරේ ඇතුලට යන්න හැදුවේ ටිකක් නිදාගන්න. හිතටද ඇඟටද මන්දන්නෑ පුදුම අමාරුයි. නින්ද ගියාම මේ මුකුත් ඔලුවේ නෑනේ. පැය දෙක තුනකට හරි වේදනාවෙන් ඈත්වෙලා ඉතෑකි. කාමරේට යන්න හැරෙද්දිම පොඩි බිත්තිය උඩ තිබුන මොකක්හරි මගේ අත වැදිලා බිමට වැටුනා. ඒ මොකක්ද කියලා බලද්දි දැක්ක දෙයින් මට ආකේෂ් අයියගේ බොටුව මිරිකන්න හිතුනා. අච්චර පුප්ප පුප්ප ඉන්නවා දැකලත් මුන්දැ මේක මෙතන තියලා ගිය එකනේ වැඩේ. බිමට වැටුන නුදම්ගේ ඩයිරි එක අරන් පහලට විසික් කරන්න හැදුවත් ආකේෂ් අයියා පණ යනකම් මන්තරේ වගේ මේක කියවන්න කියන්නේ ඇයි දන්නෑ. මං කෝකටත් කියලා ඩයිරි එකත් අරන් බිත්තියට ‌හේත්තුවෙලා බිම ඉදගත්තා.

''හිතුන විදියට මට මහ අමාරුවක් වුනේ නෑ හිරු යාලුකරගන්න එක. එයා ගැන දැනගත්තු විදියට ඒ තාලෙට මං එයා එක්ක හිටියම හිරු මට ආදරේ කරේ මාව බෙට් එකෙන් දිනවලා. එදා දිල්රු පිළිගත්තා මං දිල්රුට වඩා ටැලෙන්ටඩ් කියලා. කාලයක් හිරු එක්ක හැමනිතරම වගේ හම්බ නොවුනත් කලාතුරකින් හම්බවුන දවස්වල මං දිල්රු එක්ක ඉන්නවටත් වඩා සතුටක් වින්දා. ඇත්තටම හිරු එක්ක ඉද්දි මට කාලේ යනවා තේරුනේනෑ. හිරු මාව පුදුම තරමේ සතුටකින් පිරෙව්වා. බෙට් එකකට යාලුවුනත් මං හිරුට ආදරේ කරන්න ගත්තේ මටත් නොදැනීම. කලාතුරකින් හම්බවෙන්න දාගත්තත් කාලයක් යද්දි මට හිරුව නොදැක ඉන්න බැරි තරමටම හිරු මාව පිස්සෙක් කරා. ඇත්තටම හිරූ මට දුන්නේ කවුරුවත්ම නොදීපු ආදරයක්. හිරූ.. මගේ මැණික.. මගේ ජීවිතේ මං ආදරේ කරපු එකම කෙනා දිල්රු. ඒත් හිරු ලැබුනට පස්සේ දිල්රු දෙවනි තැනට වැටුනා කියලා මට හිතුනා. ඒත් මගේ මල්ලිගේ ඒ ආදරේ ගැන කිසිම තරහක් තිබුනේ නෑ. මගේ සතුට දිහා බලාගෙන දිල්රු හැමදාම සතුටු වුනා. මට වගේම.. නෑ... මටත් වඩා දිල්රු හිරූට ආදරේ කරන්න අරන් තිබුනා.

තව දුරටත් ඩයිරිය කියවගෙන යන්න තරම් පණක් මට තිබුනේ නෑ. මහ හයියෙන් මගේ කටින් ලතෝනියක් පිටවුනා. පපුවත් මිරිකගෙන මං පුළුවන් තරම් හයියෙන් කෑගැහුවේ මගේ අතින් වුන සමාව දෙන්න බැරි තරමේ වැරැද්ද නිසා. මං නුදම්ට කරේ කවුරුවත් නුහුලන අපරාධයක්. දෙයියනේ මොකක්ද මං මේ කරේ. ඇයි මට ඉවසන්න බැරිවුනේ. ඇයි මං ආකේෂ් අයියා කියන දේ ඇහුවේ නැත්තේ. පපුව හාරගෙන යනවා වගේ මට දැනුනේ. මගේ යටිගිරියෙන් කෑගැහිල්ලට ආකේෂ් අයියයි තරුයි සඳූයි දුවගෙන ආවේ විදුලි වේගෙන්. ආපු තුන්දෙනාම මං අඬන දිහා බලන් හිටියේ එක තැන ගල්වෙලා.. කවදාවත් දුකක් පේන්න පිට නොකරපු මං අද මේ වීදියට බිම වැටීගෙන අඬද්දි ගල් නොවුනොත් තමයි පුදුමේ. යන්තමින් කකුල් හොල්ල ගනිපු සඳූ මං ලගට ඇවිත් බිම ඉඳගෙන බිම වැටිලා තිබුන ඩයිරිය අරගත්තා. තරුත් සඳූ ලගින්ම ඉදගෙන ඩයිරිය කියවන්න ගනිද්දි මං තාප්පෙට ඔලුව තියාගත්තේ මගේ අතින් වෙච්ච කරුමක්කාර වැඩේ ගැන හිතාගන්න බැරුව. නුදම් මට සමාව දුන්නත් මගේ හිත මට කවදාවත් සමාව දෙන එකක් නෑ. මොකක්ද මං මේ කරේ.

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now