16.. වටින තොරතුරු එක්ක අප්‍රසන්න ඇත්තක්..

8 1 0
                                    

තරූ නැගිටිනවා...”

සැපට නිදන් ඉදපු මාව ඇහැරුනේ තාත්තිගේ ගාම්භීර සද්දෙට. හරියට කන ළඟින්ම හෙණයක් ගැහුවා වගේ. මං එක ඇහැක් විතරක් ඇරලා තාත්ති දිහා බැලුවා. අබ දැම්මත් පුපුරන්න ලංවෙලා තියෙන්නේ. ඊයේ ෆිල්ම් එකේ ඇඩ් ටික ඉවර වුනෙත් නෑනේ. ඇයි මේ ආයේ පටන් ගන්න හදන්නේ.

“මං කිව්වේ නැගිටින්න..”

තාත්ති ආයෙම පාරක් කියද්දි මං භාගෙට නැගිට්ටා. ඒ කිව්වේ කඳ විතරක් කෙලින් කරගත්තා. තාත්ති කිව්ව දේ මං භාගෙට ඇහුව නිසාද කොහේද තාත්තිගේ තළේළු මුණ දම්පාට වුනා.

කන් ඇහුනේ නැද්ද..”

“තාත්තිට පේන්නේ මං නිදාගෙන ඉන්නවා වගේද.”

මගේ ප්‍රශ්ණෙට තාත්ති දත්කූරු කනවා එලියටත් ඇහුනා. ඉණට අතක් ගහගෙන තාත්ති හයියෙන් හයියෙන් හුස්ම ගත්තා. එයා එහෙම කරන්නේ කේන්තිය ඉවසන්නම බැරි වුනහම. තාත්ති ඉණට අතගහගෙන ඉදපු හිඩස අස්සෙන් මං දැක්කා අනිත් හැලගෙම්බෝ දෙන්නත් කාමරේට හොම්බ දාගෙන ඉන්නවා.

කාටද ඔය කතා කරන්නේ..”

“තාත්තිට..”

ඉරාකෙටත් එහා මලපැනපු තාත්ති කියන්න ආපු දේත් නොකිය පිඹ පිඹ යන්න ගියා. තාත්ති හැරෙනවත් එක්කම අරුන් දෙන්නගේ බලුමයිලක්වත් හොයාගන්න තිබුනේ නෑ.

බුදු අම්මේ.. මොකෝ බං අර වුනේ.”

සඳු ආයෙම මගේ කාමරේට ආවේ මං නාගෙන කොණ්ඩේ හදද්දි. ඒත් එක්කම තරුත් ආවා. ඒ මූණෙත් නොඇහුවට තිබුනේ අර ප්‍රශ්නෙම තමයි.

චූටි ෆයිට් එකක්..”

“ඇහුණා ඇහුණා ක්ලේමෝ බෝම්බයි පරමාණු බෝම්බයි පිපිරෙන සද්දේ. “

“ඒක නෙමෙයි. නික් උඹ ඔය කොහේ යන්නද ලෑස්ති වෙන්නේ.”

“මං විතරක් නෙමෙයි. උඹත් යනවා. විනාඩි පහෙන් ඇඳගෙන වරෙන්. දුවපං..”

මං සඳුව එලෙව්වා. සඳු කිව්වත් වගේ විනාඩි පහක්වත් යන්නේ නැතුව ඇඳගෙන ආයේ ආවා. ඒ ඇවිල්ලත් දෙන්නගෙම මූණේ තිබුනේ අහපු දේට උත්තරේ දැනගන්න හදිස්සිය.

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now