උදේ 6.30ට තියෙන ෆ්ලයිට් 3.30ට අපි එයාර්පෝර්ට් ඉන්න ඹ්න නිසා ඒකට මාවයි අකේෂිවයි ඇරලවන්න ජයවීර අංකල් අපේ ගෙදර එද්දි හරියටම 12.30. ඊයේ කෑම නිසා මටයි ඒකිටයි නිදියන්න ලැබුණේ පැය දෙකකටත් වඩා අඩු කාලයක්. මට ඇහැරුනේ අංකල්ගේ ජීප් එකේ සද්දෙට. ඇහැරිලත් මං ඇඳෙන් බහින්නේ නැතුව හිටියේ අදින් පස්සේ මං ඉන්නේ කවුරුවත්ම අඳුනන්නෙවත් නැති රටක තට්ට තනියම. තාත්තිගේ රැකවරණේ.. අම්මිගේ ආදරේ.. බිසෝඅම්මගේ ටී එක.. නාරංසීයගේ නාරං කැවුම්... යසස් අයියගේ අකේෂ් අයියගේ සහෝදරකම්.. ඒ ඔක්කෝටම වඩා තරූගේ ආදරේ.. සදූගේ නෝක්කාඩු.. විහිළු... අදින් පස්සේ අවුරුදු තුනකට විතර මගෙන් ඈත්වෙනවා. මං මේ යන්නේ මගේ හිත මෙහේදි හැදෙන්න කිසිකෙනෙක් නැති නිසා. ආයේ එද්දි මං අළුත්ම කෙනෙක් විදියට එනකොට මට අළුතින් හිතන්නත් පුළුවන් වෙලා තියේවි.. මං හිතහදාගත්තේ එහෙම හිතලා. ලොකු හුස්මක් ඇරලා මං බාත්රූම් එකට ගියා. පාන්දර සීතල ගැන හිතන්නේ නැතුවම මං නාගත්තා. නාගෙන ඇවිත් මගේ ඇඳුම් අල්මාරියේ පලු දෙකම ඇරලා ඒ දිහා බලන්හිටියා. ඔයාලා අවුරුදු තුනක් මං නැතුව ඉන්න හොදේ. මං මගේ ඇඳුම් ටික හරි ආසාවෙන් අතගෑවා. දැන් ගමනට මං ඇඳගන්න අත තිව්වේ පුරුදු විදියට ඩෙනිමයි ටීෂර්ට් එකයි. ඒත් ඒකට අත තිබ්බත් මගේ ඇස් නැවතුනේ ඒ ඇඳුමේ නෙමෙයි. ඊට යටින් තිබ්බ ලා දම්පාටට හුරු දිග ගවුමේ. ඒ ගවුම මට දුන්නේ ආකේෂ් අයියා. මට විතරක් නෙමෙයි. සදූටයි තරූටයි දෙන්නටත් දීලා තිබ්බේ මේ ගවුමමයි..
මං ඔයාව මතක්වෙන්න මේක විතරක් අරන් යන්නම් අයියේ. පවුලේ අය ඇරෙන්න එහේ ගියාට පස්සේ මට අමතක කරන්න බැරි අය අතර ඔයත් උඩින්ම ඉන්නවා. හිතහදන්න වගේම මගේ ජීවිතේ බේරගන්නත් ඔයා ඔයාවම කැපකරපු වාර අනන්තයි. මං ඒ ගවුම ඇන්දා. හැමදාම යුනිෆෝම් එක වගේ කලිසමයි ටීෂර්ට් එකයි ඇඳපු නිසාද මන්දා අද මට මාවම අමුතු ලස්සනකට පෙනුනා. හැමෝම කිව්ව විදියට මං ඇත්තටම ලස්සන කෙනෙක් කියලා මට පළවෙනි වතාවට හිතුනේ අද. මාව එකපාරටම ගැස්සිලා ගියේ කවුරුහරි මං හිතුවේ නැති වෙලාවක මාව බදාගත්තු නිසා. මට හැරිලා බලන්න ඹ්න වුනේ නෑ.. ඒ තරූ.. එයා හයියෙන්ම අඬන්න පටන්අරන් උදේ පාන්දර. ඇති වෙනකම් අඬන්න ඇරලා මං සද්ද නැතිව හිටියේ මගේ එක වචනෙත් මේ වෙලාවේ තරූට වේදනාවක් නිසා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Acciónවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰