පරිච්ඡේදය 98

182 31 47
                                    

නෙළුම් මල් නෙළන්න යමුය කීවට මම මොහොතකටවත් හිතුවෙ නෑ මතක පිරුණු නෙළුම් පාරාදීසයට ඇන්න ඒවි කියලා.මං ජීවිතේ මුල්ම වතාවට තමා නැව් නැගලා මුහුද තරණය කරේ.බඩ කැලතුන වෙනස්ම අත්දැකීමක්.තාම මයෙ හිස මා වටා භ්‍රමණය වෙමින් මෙවිභූ වටා පරිභ්‍රමණය වෙනවා.

එයාට නම් ඉන්දියාවට ගිහින් එනවා කියන්නෙ කඩපෙළට ගිහින් එනවා වාගෙ දෙයක්නෙ.ඉන්දියාවෙ නැගෙනහිර කලාපය බ්‍රිතාන්‍යන්ගෙන් බේරගන්න අශ්වින් රජතුමාගෙ සහයට මෙවිභූ පෙරමුණ අරගෙන යුද්ධයට ගියා.කෘතගුණ සැලකීමක් විදියට තමා සුහද මිත්‍ර හමුවකට ආරාධනා කරලා තියෙන්නෙ.අසරණ වැන්දඹෝනා එක්ටැම් ගේ හිර කරාපු චිත්‍රා කුමාරි වාගෙ වලව්වෙම ඉන්න හන්දද කොහෙදෝ මේ වංගියේ භාරත ගමනට මාවත් සම්බන්ධ කරගත්තා.

නැංගුරම් දාපු නැවෙන් බැහැලා භාරත දේශයට පය තියපු මොහොතෙම මට දැනුනා හුරුපුරුදු මවකගෙ උණුහුම් වැළඳගැනීමක්.මයෙ ගමන් සහයට ඇන්න ආව මේඝායු හිස නටවන ගමන් සිහින් හේෂාරාව නගන්න ගත්තෙ අඳුරගත්තද අහන්න වාගෙ.මෙහෙට ආ වෙලේ ඉඳන් අස්සයට එසේ මෙසේ දාංගලයක් නෙවේ ඉහට ගහලා තියෙන්නෙ.මයෙත් වැඩි වෙනසක් නෑ.අමුතු ජීවියො විලාසෙට හැසිරෙන අපි දෙන්නා දිහා මෙවිභූ ලාවට හිනාවෙවී බලාගෙන උන්නෙ දිලිහෙන ඇස්වලින්.

පෙරහරකින් අපිව මාළිගාවට එක්කරගෙන ගිහිල්ලා උත්සවශ්‍රීයෙන් පිළි අරගත්තා.මයෙ හුස්ම හිර උනේ මන්දිරය දැක්කම.මීට භව ගාණකට පෙරදි අධ්‍යාත්මගෙ තාත්තා තාණ්ඩවගෙ මන්දිරය තමා අශ්වින්රාජ් රජතුමා මාළිගාව විදියට භාවිතා කරන්නෙ.මම ඉන්නෙ හීනෙකද නැත්තම් යථා ලෝකයෙද කියලා මට වෙන් කරගන්න බෑ බාගවෙලාවට.මං හස්තිරාජ ගමනින් ඇවිදින මෙවිභූගෙ නෙළුම් පුසුඹ දැනෙන දුරින් ඇවිද්දෙ විසාල මන්දිරේ මාව අතරමං වේවි කියන බයට.මේ ඉන්නෙ විශේෂ කාර්ය බලකායෙ මයෙ පුද්ගලික ආරක්ෂකයනෙ.

දිර්ඝ සංචාරයක්! නොගිය තැනක් නෑ.භාරතයෙ අස්සක් මුල්ලක් නෑරම අපි දෙන්නා කරක් ගැහුවා.ගෞතම බුදුන්ට හෙවණ දුන්න ඇසතු බෝධිය ගාවට ගෙහුන් පවා නළල තියලම වන්දනා මාන කරා.නොකීවට මම දන්නවා මෙවිභූ මාව එක්කරගෙන යන අන්තිම නවාතැන්පල කොහෙද කියලා.හෙට උදේම අපි පිටත් වෙනවා නෙළුම් මල් නෙළන්න යන්න!!!!!!!

|| දෑල ||Where stories live. Discover now