02.

3.8K 522 23
                                    

යුනිෆෝම් එක බකට් එක්කට දාං මං ගෙට පල්ලේ ඇළ ගාවට ආවා.වැවේ වතුර ගලන් යන ඇළේ උඩම හරිය තමා අපට අහු වෙන්නේ.මේ වෙලාවට ගෑණු ඔක්කොම නාගෙන ගිහින් ළඟ පාතක මිනිස් පරානයක් නැති තරම්.රෙදි ටික ගලක් උඩින් දාලා මං එහෙම්ම වතුරට පැන්නේ ඇඟේ තිබ්බ රස්නේ වාෂ්ප වෙලා යන්නත් එක්කම.එහෙට මෙහෙට පීන පීන ඉද්දි මං දැක්කේ වැවේ එපිට කැලෑවේ එහෙට මෙහෙට ඇදෙන සුදු පාට චායාවක්.මූන පිහදන් උඩ බලද්දි ආයෙත් නෑ.ඕන මඟුලක් කියලා නාගන්න හැදුවත් හිත කියන්නෙම ටිකක් ගිහින් බලපං කියලමයි.
ජොකා පිටින්ම මම ඇළෙන් එගොඩ වෙලා කැලේ දිගේ ටිකක් උඩට ගියා.පට්ට උසට වැවිලා තියෙන තඩි කඳන් තියෙන මාර ගස් නිසා මෙලෝ මඟුලක් පේන්නේ නෑ.කීප සැරයක් එහෙ මෙහෙ ගිහින් බැලුවත් මොකෙක්වත් පෙනුනෙත් නෑ.ආයෙත් පාරක් වටේම බලලා මං ඇළ ගාවට ආවා.
බකට් එකට දාපු රෙදි ටික එළියට ඇඳලා හෝදන්න හිතාගෙන ඇළට දැම්මහම සාක්කුවෙන් එළියට පැන්නේ මම ලැබ් එකේදි ගුලි කර ගත්ත චිත්‍රේ.
කවුරු හරි බාගෙට ඇඳපු චිත්‍රයක්.කළු පෑනෙන් කුරුටු ගාලා වගේ.හැබැයි හැඩයක් තියෙයි.මනුස්සයෙක්ද.සතෙක්ද.හරියට හිතා ගන්න බෑ.අමුතු විදිහට අං දෙකක් එක්ක මනුස්සයෙක්ගෙ ඔලු කට්ටක්.ඉරලා ගත්ත සීආර් කොළ කෑල්ලක බොහොම නිදහසෙ ඇඳපු චිත්‍රයක් වගේ.මොකාද මේ වගේ ඒවා අඳින්නෙ.හැබැයි හිතලා බැලුවොත් දැන් චිත්‍ර අඳින අයට තියෙන්නෙත් නිදහස් මනසක්.එයාලා හිතේ මැවෙන දේවල් චිත්‍රේ අඳින්නේ.මොකෙක් හරි ආතල් එකට ඇඳපු එකක් වෙන්නැති.මං කොලේ පොඩි කරලා ඇළට දැම්මා.
රෙදි ටික හෝදන් නාලා කරලා ගෙදර එද්දි හවස හතර හමාරට වගේ ඇති.මං එද්දිත් අම්මා උයනවා.

"උබ මෙච්චර හවස් වෙනකන් මොනවා කරාද බං"

"නාන්නනේ ගියේ."

"නාන්නයකෝ.උබ වතුර ඇඳලා නානවද.මේ රාස්ස අව්ව වැටෙන වෙලේ දොළවල් අස්සෙ රිංගන්න එපා.අනික එහා පැත්තේ රූස්ස කැලේ.මොක්කු ඉන්නවද කවුද දන්නෙ බං ඕවා අස්සෙ."

"ඇයි කලු කුමාරයා ගහයි කියලද?"

"උබට මොන කලු කුමාරයාද.ඌ යන්නේ යෞවනියෝ පස්සෙ.ඔය කොල්ලො කුරුට්ටො පස්සෙ යන්නෙ මෝහිනියි කියනවනොවැ"

ආග්‍රМесто, где живут истории. Откройте их для себя