"වරෙං.ලැබ් එකට එන්න කීවලු"
"ඒ මොන මඟුලටද."
"කවුද දන්නෙ බං වරෙං යන්න"
අපේ වුන් ඔක්කොම විනය ගරුක ළමයි වගේ ලැබ් එක පැත්තට ගියා.අපි යද්දිත් ආග්ර කාරයා ගුරු මේසෙට හේත්තු වෙලා පොතක් බලනවා.දෙන්න තියෙන්නෙ ගස් වැද්දට.ඌ ඊයේ අම්මට දාපු සද්දෙ නිසා මට ඌ ගැන තිබ්බෙ පහැදීමක් නෙමේ.
ආග්ර කාරයාව මට හම්බෙන්නේ ඒ ලෙවල් වලට ආපු මුල් කාලේ.උට හම්බුන පළවෙනි පත්වීම තමයි අපේ ස්කෝලේ.ඌ ආවට පස්සෙ ඌ වලව්වෙ පොඩි එකා කියලා මට මීටර් වුනේ නැහැ.ඕලෙවල් ඉවර වුන ගමන් ඌ කොළඹ ගිය නිසා ඌව දැක්කේ මං හෙන කාලෙකින්.ඌ අපිට උගන්නන්න ඇවිල්ලත් මාසයක් වගේ යද්දි තමයි පොර කවුද කියලා මට මීටර් වුනේ.ඌ තාම දන්නෙ නැ මං උන්ගෙ ගෙදර වැඩ කරන සුමනගෙ පුතා කියලා.එහෙම දන්නවනම් ඌ මට උගන්නන්නෙත් නෑ.ඒ තරම් මහන්නත්ත කමක් වලව්වෙ උන්ට තිබ්බෙ.උන්ට අනුව ගමේ ඉගෙන ගන්න ඕනෙ උන්ගෙ පොඩි එවුන් විතරයි.ගමෙ උන් ඔක්කොම ඉන්න ඕනෙ උන්ට කඹුරන්න.අපේ අම්මලාගෙ පරම්පරාව වගේ වලව්වෙ එවුන්ට වැදගෙන ඉන්න ඇම්මක් කොහොමත් අපිට තිබ්බෙ නැ.කොහොම හරි ඉගෙන ගෙන මේ නරාවලෙන් ගොඩ එනව ඇර වෙන එකක් මගෙ ඔලුවෙ වැඩ කරෙත් නැ.
අපි ගිහින් ඉඳගද්දි ආග්ර කාරයා උගෙ අතේ තිබ්බ පොත මේසෙ උඩින් තිබ්බා.
"ඉඳගන්න එපා.නැඟිටින්න.ප්රඩක්ෂන් ප්රැක්ටිකල් එකක් කරමු.බෝඩ් එකේ තියෙන ඩ්රෝවින් එක දාගන්න"
අරවා මේවා වැල් බයිලා මොකුත් නෑ.ආග්ර කාරයාගෙ අපි ආස කොලිටි එකක් තිබ්බා නම් ඒක විතරයි.ක්ලාස් එකට ඇවිල්ලා පම්පෝරියයි බොරු පොයියයි නැතුව පාඩම නම් පාඩම.ගානට වෙලාවට.සෙක්ෂන් එකේ පම්පෝරිය නැති එකෙක්ට හිටියෙ මූ විතරයි.ඉහට උඩින් තියෙන ඌෂ්ණෙයි ඝනකමයි අඩු කරගත්තනම් නියම ඩයල් එක.
"කෙතා.අහ් මේක අල්ලපං"
ආනා තහඩු කෑල්ල මේසෙ උඩට දැම්මා.
"ඒ මේකත් එක්ක විදපං."
මේසෙට සෙට් කරලා තිබ්බ ඩ්රිල් එකෙන් මං මාක් කරලා තිබ්බ තැන විදගත්තා.
YOU ARE READING
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....