"පරිස්සමට ගිහින් එන්න"
"වැඩ කරන්න කේත්.මං හවස ඇවිත් ප්රශ්න ටික අහන්නම්"
"හා."
මං ගේට්ටුව ළඟට වෙලා ආග්රගෙ නොපෙනී යන වාහනේ දිහා බලන් හිටියා.ඉස්සර මගෙ ඔලුවෙ තිබ්බෙ සාමාන්ය ප්රශ්න.දැන්.උබලටත් තේරෙනවා ඇති.මේවා අසාමාන්ය දේවල් කියලා.ආග්ර ඉස්සරහා කොච්චර වැඩ්ඩ වෙන්න හැදුවත් ඇත්තටම මේ ප්රශ්න මගෙ ඔලුවට බරයි.එහෙම කියලා ඕනෙ රෙද්දක් කියලා දමලා ගහලා කැපෙන්න බෑ.හැමදේම ආග්රට තනියම දරා ගන්න කියලා පැත්තකට වෙන්න බෑ.ඌ එක්ක ඉන්න ඕනි මං.
මං ගේට්ටුව වහලා ගෙට ගියා.වල්ව්වෙ මොකෙක්වත් නෑ.ජනෙල් දොරවල් ඔක්කොම වහලා.මුං හිතන් ඉන්නෙ අපි හොරකං කරයි කියලද මන්ද.
ආග්ර ගිහින් පැයකට විතර පස්සෙ මං පාඩම් කරන්න ගත්තා.කම්මැලි වෙලාවට ගිහින් පොඩි එකාගෙ රෙදි ටික අව්වට දැම්මා.ආයෙත් පොතට.එක්සෑම් ළඟ නිසා කොහොම හරි හිතට අරන් කරන්න ඕනෙ කියලා මගෙ ඔලුවෙ වැඩ කරා.ආග්ර එද්දි දෙකට වගේ.ඌ ආවෙම වෙද ගෙදර යන්න බලාගෙන.අම්මා හදලා තිබ්බ කෑම වගේකුත් ඔතන් ඌ යන්න යද්දි මාත් ගිහින් අනික් පැත්තෙන් නැග්ගා.
"කේත්.ඔයා වැඩ කරන්න.මේවා අනවශ්ය ප්රශ්න.හොඳ ළමයා වගේ යන්න කේත්.තව ප්"
"ආග්ර.තමුසෙගෙ ප්රශ්නයක් ඇයි මට අනවශ්ය ආග්ර.ඇයි හැම වෙලේම මාව පිට කෙනෙක් කරන්නේ"
"එහෙම නෙමෙයි කේත්"
"නැත්තේ මොකද.ඇයි එහෙම කරන්නේ"
"හරි දරුවෝ.එත් දැන් වැඩ කරන්න ඕනිනෙ.මං ආස නෑ මං නිසා ඔයාගෙ වැඩ පාඩු වෙනවට"
"දරුවො දරුවො තමා.බෑ කීවොත් බෑ මාව එක්කන් යනවා"
"ඔයා හරිම ඇට්ටර වෙලා කේත්"
"ඔව්.යන්.ගිහින් එමු"
ආග්ර මං දිහා බලන් ඉඳලා වාහනෙ පාරට දැම්මා.
අපි යද්දි සුදු අක්කා නිදි.ආග්ර සුදු අක්කා ගාව වාඩි වෙලා ගොඩක් වෙලා හිටියා.ඌ මොනවා හරි කල්පනා කරා.වෙලාවකට සුදු අක්කගෙ ඔලුව අතගෑවා.තව වෙලාවකට එයා බඩට කම්මුල තියලා බැලුවා.ලොකු හුස්මක් අතැරලා ආග්ර මා ගාවින් ඇවිත් ඉඳගත්තා.
"ආශාට අමාරුද දන්නෑ කේත්.එක අතකට මමත් සතෙක්.මම දරුවට ආදරෙයි.ඒත් ආශාට ආදරේ කරන්න බැහැ."
"ආග්ර"
"මට ඒ හැඟීම දැනෙන්නෙ නැහැ කේත්.මං මොකක්ද කරන්නේ?මං කොහොමද ආශාට දුකක් නොදී තියන්නේ.එයාව සතුටින් තියන්න තේරෙන්නෙ නැහැ කේත්.මාව දැක්කත් ආශාට තරහා යනවා."
"අක්කා නැගිට්ටහම එයා එක්ක කතා කරමු"
"මං වැරදි කේත්.මං හිතුවේ ඒ ආදරේ කියලා.ඒත් ආදරේ තේරුම් ගත්තට පස්සෙ මට බෑ ඒ හැඟීම ආශා වෙනුවෙන් දෙන්න.මං මොකක්ද කරන්නෙ කේත්.මං කොහොමද එයාගෙන් සමාව ඉල්ලන්නේ"
"ආග්ර.මුළු වැරැද්ද ඔයාගෙ පිට දාගන්න එපා.අක්කා නැඟිට්ටාම කතා කරමු"
"මොනවද.සමාව ඉල්ලන්නද?ඉල්ලන්න සුදුසුද මං.මොකක්ද මං කරන්නේ?"
ආග්රගේ ඇස් වලින් කඳුලු වැක්කෙරෙනවා.ඌ එහෙම ඉන්නවා බලන්න බෑ.මං උගෙ ඇස් දෙකේ කඳුලු පිහිදලා මගෙ උරහිසට හේත්තු කරගත්තා.උගෙ කඳුලු වලින් මගෙ කමිසෙ තෙමෙද්දි වැටෙන කඳුලක් ගානෙම මාව කඩන් වැටුනා.මං නිසාද ඌ අසරණ දවු
වුනේ.මගෙ හිත අඳෝනා දෙන්න ඇති.හැබැයි මොන දේ උනත් උගෙ හයියට ඌ ගාවින් ඉන්න මට ඕනි වුනා.
සුදු අක්කා පැය භාගෙකට පස්සෙ නැගිටිද්දි මං කාමරෙන් එළියට ආවේ ඒ දෙන්නට කතා කරන්න.මං එළියට ඇවිත් පැයක් යද්දි ආග්ර කාමරෙන් එළියට ආවා.
"අක්කා මොකද කීවේ"
ආග්ර මොකුත් කීවෙ නෑ.ඌ කෙළින්ම ගෙදරින් එළියට බැහැලා ගියා.මං සුදු අක්කා හිටපු කාමරේට යද්දි එයා හිටියෙ ජනෙලෙන් පේන ආග්ර දිහා බලාගෙන.ඈතින් පේන වැව දිහා ආග්ර බලන් ඉන්නවා.
"අක්කේ"
"ආග්ර මං තාමත් දැකපු හොඳම මනුස්සයා කේත්"
සුදු අක්කා කීවේ ලොකු හුස්මක් පාතට දාලා.
"කේත් ට මං කතාවක් කියන්නද"
සුදු අක්කා කීවේ ඇඳේ එයා ගාවින් ඉඳගන්න තට්ටු කරලා.මං එයා ගාවින් ඉඳගත්තහම අක්කා මාව ඇඳන් ගියේ අවුරුදු ගානක අතීතයට.ඒ අතීතය , වර්තමානයට මේ විදිහට පාර කපපු අතීතයට.

YOU ARE READING
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....