"මිනුර ඇයි කතා කරේ"
"මං ලස්සනයි කියලා කියන්න"
මං කීවේ පොරට ඇහැකුත් ගහලා.
"අද කරපු ඒවා තේරුනාද"
"ඔව්.තව දවසක් දෙකක් සෙට් කරමුද"
"අර මිනිස්සු පව් කේත්.හුඟක් මහන්සි වෙලා නේ"
"එහෙනම් ඉස්කෝලෙන් ඉල්ලන් දවසක් දාගමු.මේන් හෝල් එකවත් සෙට් කරගමු"
"එහෙම තමා මාත් හිතුවේ.මං මදුරුසිංහ සර් එක්ක කතා කරා.බලමුකෝ"ඌයි මායි ගෙදර එද්දි හවස් වෙලා.වලව්වෙ මේ දවස් වල පට්ට නිදහසක් තිබ්බෙ.ගෙදර වුන් නැති හින්දා.හැබැයි වාහනෙන් බැහැලා ඇතුළට යද්දි දැකපු දේ හින්දා මට කළකිරුනා කීවොත් හරි.සුදු අක්කා උළුවස්සට හේත්තු වෙලා බලන් ඉන්නවා.මාව දැකපු පාර එයා මට හිනා උනා.
ආග්ර අක්කව දැක්කෙ ඊට පස්සෙ.අක්කව දැක්ක ගමන් ආග්රගෙ මූනට හිනාවක් ආවා.
"ආග්ර.මං ඔයාලා එනකන් හිටියේ.සුමනම්මා කීවා ගියා කියලා"
සුදු අක්කා ඇවිත් ආග්රගෙ අතේ එල්ලුනා.මට නිකන් හුස්ම හිරවෙනවා වගේ දැනුනේ.
"එනවා කියලා කීවෙ නෑනේ"
"නොකියා එන්න හිටියේ.අම්මා වැළිතලප වගයක් හදලා දුන්නා.යං ඇතුළට මං තේකක් හදන්නම්"
සුදු අක්කා ඇතුළට ගියෙ බඩටත් අතක් තියාගෙන.මං තාම හිටපු තැනමයි.
"කේත්"
ආග්ර කතා කරද්දියි මං ඔලුව ඉස්සුවේ.මට ආපු ක්ෂණික සිතුවිල්ලට මං කුස්සිය පැත්තෙන් ගෙට රිංගලා එහෙම්ම බංකුවෙන් වාඩි වුනා.මට ආවේ පව්කාරයෙක් වගෙ හැඟීමක්.මම මොකක්ද මේ කරන වැඩේ.සුදු අක්කා වැරැද්ද හදාගෙන ඌ ගාවට එනවනම්,අග්රව මං ළඟට ඇඳගෙන මං මේ කරන්නේ මොන හුත්තක්ද?එතකොට ආග්රයාටත් සුදු අක්කගෙ කාඩ් එකම වැටෙනවා.මගෙ එකාට ඇඟිල්ල දික් වෙයි.මම මේ කරන දේ හරිද.
මොකද කරන්න ඕනෙ කියලා මගෙ ඔලුවට ආවෙ නෑ.ආග්රට ප්රශ්නයක් නැත්තම්,ඌට මාව ඕනෙ නැත්තම් ඌ අස්සෙම රිංගන් මොකද්ද මේ මම නටන නාඩගම.උට අක්කව ඕනෙ.උගෙ ළමයගෙ අම්මා ඕනෙ.ඒත් මං මොකාද.මම නෙමෙයිද එතනට ආපු තුන් වෙනියා.මං අඩන්නඕනි නෑ.ඒත් මගෙ ඇස් දනවා වගේ දැනුනා.
සුදු අක්කා කුස්සියට ආවේ එවෙලේ."අහ්.කේත්,ඔයාටත් තේකක් දාන්නද?"
"එපා මං යන්න ඕනි"
"මල්ලි"
"ම්ම්ම්ම්ම්"
"මා එක්ක තරහ ගන්න එපා.ඉස්සර වගේ ඉන්න බැරිද"
"මං තරහා ගන්නෙ නැහැ.ඒත් මට ඉස්සර වගෙ ඉන්න බෑ"
සුදු අක්කා මං දිහා බලන් හිටියෙ අසරණ වෙලා.ඔයා වැරැද්ද හදාගනී අක්කේ.අපි දෙන්නම කාසියෙ දෙපැත්ත වගේ.එක පැත්තක් උඩට හිටියොත් අනික් පැත්තට යටට යන්නම වෙනවා.මං සුදු අක්කට හිනා වුනා.
"කොලු පැටියව බලාගන්න අක්කේ.කාටත් වඩා ආග්රට ඌව වටිනවා"
මං එහෙන්ම කුස්සියෙ මේසෙ උඩ තිබ්බ පොත් ටිකත් බෑග් එකට හලාගෙන ගෙදර එන්න ආවා.
ආපු වෙලේ ඉඳන් මං කල්පනා කරා.මොකක්ද කරන්නේ.ආග්ර?උගෙ ප්රශ්න දැන් විසඳිලා.සුදු අක්කා වැරැද්ද හදාගෙන ඌ ළඟින් හිටියොත්,මං ඌ ළඟ ඉන්න ඕනිද.නැහැ.එතකොට උට ප්රශ්න නැහැ.එතකොට තවත් ඌ ගාව ඉඳන් උට මා එක්ක බෙදාගන්න ප්රශ්නයක් නැහැ.මං උබට යන්න අරින්න ඕනෙද ආග්ර.
උබට ලං වෙන්න ලං වෙන්න මං උබට ඇලෙනවා.ඒක ඇති වීමක් නැහැ.උබවත් මේ මඩ වගුරට ඇඳගන්න බෑ.
මං ඔලුව ගහගෙන කල්පනා කරා.ළඟින් තියාගන්න බැරි,යන්න දෙන්න බැරි,මොකක්ද මේ හැඟීම.

YOU ARE READING
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....