"උබ අද ඉන්න ඕනේ නැ.පලයං.අපි මේ ටික බලලා කරලා දාන්නම්"අනා කසුනට කීවේ මං දිහා බලලා.
"එලම.සර් ලිස්ට් එක දාලා දුන්න ගමන් වැඩේ අල්ලමු"
කසුනා මගෙ පිටටත් තට්ටුවක් දාලා මාරු උනා.
"උබ දැන් කොහොමද කරන්නේ.ඒක කියපංකො ඔක්කොටම කලින්.ක්ලාස් එහෙම කොහොමද යන්නේ."
"අයිටී එකට යනවා.ඉරිදා තියෙන්නේ.එදාට නොයා ඉන්නවා වැඩට."
"ඒ මන්දා බං.ඒකනෙමේ.මං යන ක්ලාස් එකේ සර්ට මං කතා කරා.ඌ ෆ්රී කාඩ් එකක් සෙට් කරලා දෙයි.මොකෝ කියන්නේ.යමන් ඒකට"
"එහෙම කීවද?"
"ඔව් යකෝ.ඕනෙ තරම් ඉන්නවා පන්තියේ එහෙම වුන්.යමං.සිකුරාදා තියෙයි.අනික් ගෘඉප් එක ඉරිදා.ඒකට යමං.අයිටී එක උදේනේ තියෙන්නේ"
"හ්ම්ම් හ්ම්ම්.එහෙම කරමු.ඊටි එකට මං මොකක් හරි රෝලක් ගහගන්නම්.බල්මුකො"
ස්කෝලෙ ඇරිලා අපේ වුන් නතර වෙද්දි මං වෙනදා වෙලාවටම බස් එකේ එල්ලිලා ගමේ පාර ගාවින් බැස්සා.යුනිෆෝම් එක පිටින්ම වලව්වට ගිහින් බෑග් එකේ දාං ආපූ ෂෝටා ගහගෙන මං වැඩට බැස්සෙ තියෙන ටිකක් ඉවර කරලා ගෙදර පැනගන්න.
"මේ.වරෙං බත් කන්න"
"ඉන්න මේ ටික දාලා එන්නම්"
ලෙලි ගහපු පොල් ලෙලි ටික කෑලි කපලා මං පොහොර උරේකට දාලා ගැට ගැහුවා.
"සිරිල් අත්තා නෑ අද"
"ඕං ඒ මිනිහා කකුලක් කඩාගෙන ලු.සුමාන ගානකට වැඩ කොරන්ඩ එපායැයි කීවේ.එක අතකට හෝදයි.වයසක මනුස්සයා උට දැන් බෑ බං මෙහෙ වැඩ එක්ක ඔට්ටු වෙන්න.උබට තමා දැං වැඩ වැඩි වෙන්නේ ඒකෙන් මේකෙන්"
"ඒකට නම් කමක් නැ.කොහොමත් අත්තා ඉන්නෙ මේ වගේ බර වැඩ කරන්න පුලුවන් වයසක නෙමේනේ."
අම්මා බෙදලා දුන්න බත් එකත් අරන් මං පිළිකන්නේ පඩියෙන් වාඩි වුනා.ආග්රාගෙ කසාඳේ වැඩ වලට වලව්වෙ හාමුලා යසට ලෑස්ති වෙනවා.පවුලෙ එකම පුතාගෙ කසදේ. වලව්ව උරුම එකාගෙ කසාදෙනේ.කියව කියව එහෙට මෙහෙට යන ලොකු මැණිකෙ දිහා බලාගෙන මං හුස්මක් පාතට දැම්මා.කොච්චර නහර කාරයා වුනත් ලොකු හාමුට සතුටු ඇති.කොච්චර අමන ගෑනියක් වුනත් ලොකු මැණිකෙටත් සතුටු ඇති.තමන්ගෙ කොල්ලා කසාදයක් කරගද්දි මොන දෙමව්පියන්ටද සතුටු නැත්තේ.මං ඈත බලන් ඉද්දි පිඟාන කොනේ ගොඩ ගහලා තිබ්බ කරපිංචා කෑල්ලක් මිදුලට වැටුනා.ඒත් එක්කම එතනට ආවෙ වලව්වෙ පොඩි මැණිකේ.වලව්වට ආවත් හරි හරි හමන් වචනයක් ඒ කෙල්ල එක්ක මං කතා කරෙ නෑ.ලොකු මැණිකෙ දැක්ක නම් විසුමක් වෙන්නෙ නැහැ.මං හැඳුවෙ ශේප් එකේ එතනින් කැපෙන්න.පිඟානත් අරන් නැඟිටිද්දිම පොඩි මැණිකෙ මගෙ කමිස කෙළවරකින් ඇද්දා.

YOU ARE READING
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....