62.

2.4K 339 152
                                    

මෙහෙ ඇවිත් මාස එක හමාරකින් දෙකකින් වගේ ඇති.සිකුරාදා උදේ අපි ගෙදර යන්න ලෑස්ති වුනා.එතකන් හැම ඉරිදම ආග්‍ර කොල්ලව එක්කන් මෙහෙ ආවා.පැයකට හරි.

කොටුවෙන් අගිතට පොඩි කාර් සෙට් එකක් මම ගත්තා.ආනා මං එක්කම ආවේ අරකිවත් බලලා එහෙම්ම ගෙදර යන්න.බස් එකට නැග්ග ගමන් ඌයි මායි කරේ කට කපලා නින්දක් දාපු එක.ආනා මගෙ කරට වැටෙනවා.කෙළ පෙරෙන්න ඔන්න මෙන්න තියලා මම කට පිහගන්නවා.ඇඟවල් උඩත් මිනිස්සු.

බස් එකෙන් බහිද්දි බඩබොකු අතේ.ආනා බස් එක අද්දන්න ඔන්න මෙන්න තියලා බිමට පැනගත්තා.

"හුත්තෝ.වාහනෙ යමං ඊළඟ දවසේ."

ඌ හොඳට තැලිලා.මායි ඌයි පයින්ම ආවා.හන්දියෙ කඩෙන් ලැවරිය දෙක තුනක් දාගත්තේ නිකන් යන්න බෑ වගෙ හිතුන හින්ද 

"අප්පට සිරි.සුමනගෙ කොලුවනෙ මේ.දැක්කකල් බං උබ"

"ඔව් මාමේ."

"හොඳයි හොඳයි.උබලයෙ අම්මා ඊයෙ මේ පැත්තේ ආවා ඕං වලව්වෙ පොඩි බේබිවත් වඩාගෙන."

ආනා ලැවරිය ටිකත් අරන් එළියට පැන්නා.මාත් එහෙම්ම ඉක්මනට ආවේ පොරගෙ කයියට අහුවුනොත් ගැලවෙනවා බොරු නිසා.

"බොකක් සෙට් වෙලා තියෙන්නේ පකෝ.යමන් ඉක්මනට"

ආනා ඇවිද්දට වඩා දිව්වා. වලව්වට ලං වෙද්දි ඌ බෑග් එක දාලා දිව්වා.මං උගෙ බැග් එකත් අරන් එන්න ආවා.

ගෙට ගොඩ වෙද්දි ඔක්කොටම කලින් දුවගෙන ආවෙ අගිත.මං බෑග් එක එහෙම්ම ඉස්තෝප්පුවෙන් තියලා කොල්ලව වඩා ගත්තා.මට නිකම් කොල්ලව අවුරුදු ගානකින් දැකලා නෑ වගේ සීන් එකක් ආවේ.කොල්ලට හෙන හැපි වගේ.හිනාව කටෙන් එකයි.පොඩි දත් සෙට් එකක්ම තියෙයි දැන් උට.

අම්මයි විභායි ආවේ එකටම.

"හපෙ අප්පෙ.මූ කොහෙන්ද පාත් වුනේ.එනවා කීවෙත් නෑනේ බං. මගෙ කොල්ලව දැක්ක කල්.ඇඳිලා ගිහින්ද මන්දා බං.කලුත් වෙලා"

අම්මා කීවේ ඉස්තෝප්පුවේ තිබ්බ බෑග් මලු අතට අරන්.

"අර මොකද අරයා කාඩාගෙන බිඳගෙන දිව්වේ"

විභා අහුවෙ ලැවරිය මල්ල උදුරගෙන.

"උට කක්කා බරක් හැදිලා"

ආග්‍රDonde viven las historias. Descúbrelo ahora