ඌ හිටියෙ මට පිටිපස්ස හරවලා.අඳුරු පාට ඇඳුම හින්දද වෙන්නැති ඌ නිකන් සෙල්ලක්කාරයෙක් වගේ.මට හිතුනා ඌව වතුරට වැටෙන්න තල්ලු කරන්නත්
.හොඳ නැහැ තමයි.ඒත් ඒකෙත් අමුතු ලල් එකක් තියෙයි නේ.මං ඌ ගාවට යද්දි සද්දෙ ඇහිලද කොහෙද පොර මං දිහා බැලුවා.සීතල හින්දමද කොහෙද උගෙ තොල් සුදු වෙලා.
"මොනවද කල්පනා කරන්නේ"
මං ඇහුවෙ උගෙ මූණටත් එබිලා.ඒත් මූ ඈත බලන් ඉන්නේ.
"මොකුත් නැහැ"
"බොරු..මොකුත් නෑ?"
"නෑ.ඇයි"
"මොකුත් නැත්තන් සුදු අක්කා ප්රෙග්නට් වුනේ කොහොමද?"
"ඒ කීවේ"
මං කීව එක උට තේරුනෙ නැද්ද කොහෙද.රෙද්ද..
"නැ නැ නිකන්"
"අපෝ කේත්"
"ඇයි"
"නිකන් ඉන්න එපා මේ මිනිස්සුත් ඉන්නවා.ජොකෙක් වත් දාගන්න"
ආග්රයා කීවෙ මා දිහා කිණ්ඩියට වගේ බලලා.හුත්තෝ යකෝ මූ.
"අනේ පලයං බං යන්න"
මං උගෙ උරිස්සට ගැහුවා
ආග්රයත් ලාවට හිනා වෙනවා.
"මං යනවා.අරුන් ගියා.එනවා යන්න නැත්තම් මගදි විසික් කරලා යනවා."
මං ආග්රට අතත් වනාගෙන බස් එකට ආවා.
එද්දි විශේෂ දෙයක් නෑ.මං දන්නෑ උබලා ගියපු ට්රිපුත් එහෙමද කියල.දොළහ පැනපු ගමන් අපේ සමහරු වුන් කෙළත් පෙරාගෙන නිදි.ඉස්කෝලෙ ළඟට ලං වෙද්දි තමයි උන් ආයෙ සිංදු කියන්න ගත්තේ.ඉස්කෝලෙ ළඟට එද්දි දෙකට කිට්ටුයි.බස් එකෙන් බහින්න ලං වෙද්දි ආග්ර මට කතා කරලා කීවේ ඌ එනකන් ඉන්න කියලා.ළමයි ඔක්කොම ගියාට පස්සෙ තමයි ඌ ආවේ.සමහර අම්මලත් ඇවිල්ලා ආග්රට කතා කරා.ඌ ඒ මිනිස්සුන්ට නම් ලෝභ නැතුව හිනා වුනේ.අපිට තමා ගනන් උස්සන්නේ.
ආග්රයයි මායි ගෙවල් පාරට දාද්දි තුන හමාරයි.වෙනදා වගේම කහ ලයිට් එක විතරයි ඒ පාර එළිය කරේ.ඌ මාර ගහ ගවින් වාහනෙ නතර කරේ මට බහින්න.
"ගෙවල් ගාවින් දාන්නද.දැන් කළුවරේ නේ"
"එපා එපා.අඩි දෙකෙ දුර.එහෙ හරවන්නත් බෑ අනික"
මං කීවේ බෑග් එක කරට දාගෙන.බැහැලා යන්න ඕනි වුනත් බෑ වගේ.මං දොරටත් අත තියාගෙන බලන් හිටියෙ ආග්ර මොකක් හරි කියයි කියලා.එහෙම කියන පාටකුත් නෑ.ඒත් මට කියන්න ඕනෙ වුනා.මං ආග්රගෙ අත අල්ලගත්තා බෑග් එක අතැරලා.ඒ පාර නම් පොර ගැස්සුනා.ඌ බලන් හිටියෙ මං අල්ලගත්ත උගෙ අත දිහා.
"ආග්ර......."
මං කතා කරේ මගෙ කටහඬ පුලුවන් තරම් මෙලෙක් කරලා.ඌව බය කරන්න හිතන් නෙමේ.
ඌ උත්තර දුන්නෙ නැහැ ඒ වෙනුවට ඌ මගෙ දිහා බලන් හිටියා.ආග්රගෙ ගැස්සෙන ඇස් බලන් ඉන්න ලස්සනයි.උගෙ අල්ලගත්ත අත මං හෙමින් සැරේ පිරිමැද්දෙ ඌ ගැහෙන එක අඩු කරන්න.
"ආග්ර,වෙලාවකට මා එක්ක ගොඩක් ළඟින් ඉන්නයි තව වෙලාවකට මාව මාඟාරින්නයි එපා බං.මට එහෙම කරද්දි මාර අවුල්.තමුසෙ දන්නවනෙ මං කියන දේ.මට කියලා මහ ගොඩක් එවුන් නෑ ආග්ර.මං වටේ ඉන්න ටික දෙනා විතරයි.එහෙම එකේ උබත් ඔහොම කරන්න එපා බං.එතකොට මට මාර අසරණ කමක් එන්නෙ"
මං කීවෙ උගෙ මූණ මගැරලා වැව දිහා බලාගෙන.බොරු නෙමෙයි.ඇත්ත ඒක.ඌ එක්ක හිතෙන් තරහ ගන්න හැඳුවත් ඉස්සර වගෙ නෙමෙයි.මට ආග්රගෙ මූණ දිහා බලන්න හිතුනේ නෑ.ඒක හරියට උගෙන් අවධානය හිඟා කනවා වගේ.උබලා කියයි අපෝ කියලා.හැබැයි අපි හැමෝටම විශේෂ වුන් ඉස්සරහා උබලත් එහෙමයි.මම කියලා විශේෂ නෑ.එහෙම හරි ඌ මං ගාව ඉන්න එකයි මට ඔනේ.ආග්ර දිහා බලද්දි උගෙ තොල් පවා ලාවට වෙව්ලනවා.තව කියන්න දෙයක් නැති නිසා මං හැදුවේ බැහැලා යන්න.ඊට කලින් ආග්රයා මගෙ අතෙන් අල්ලගත්තා.ඌ මං දිහා බලන් හිටියෙ මොනවා හරි කියන්න වෙන්නැති.ඒත් ඌ මොකුත් කීවේ නෑ.මගෙ ඔලුව අතගාල ඌ කීවේ පරිස්සමෙන් යන්න කියලා විතරයි.
ආපු ගමන් ඇඳට වැටුනා විතරයි මතක.පහුවදා උදේ වලව්වට යද්දි නවයට කිට්ටුයි.මං අම්මටයි විභාවිටයි ගත්ත මල්ලත් අරන් වලව්වට ගියා.මං යද්දි විභාවි ක්ලාස් යන්න ලෑස්ති වෙනවා.ඒකි අතේ තිබ්බ මල්ලත් අරන් දිව්වේ ක්ලාස් එකේ උන් එක්ක කනවයි කියලා.මං කුස්සියට යද්දි අම්මා උයලා ඉවරයි.මගෙ අතේ තේක තියලා සුදු අක්කා කීවේ ආග්රට ගිහින් දෙන්න කියලා.පුදුමයි ඌ ඇහැරලා නැහැයි කීවොත්.පහයි පනහට නිදාගත්තත් පොර හයට නැඟිටිනවා.මං කාමරේට යද්දි දොර වහලා.දෙපාරක් තුන් පාරක් තට්ටු කරත් දොර ලොක්.බැරිම තැන මං ගිහින් ජනේලෙට ගැහුවෙ කැඩිලා යන තරම් හයියෙන්.විනාඩි පහකට විතර පස්සෙ ආග්රයා ජනෙලෙ ඇරියේ කබත් කඩ කඩ.ඌ හිටියෙ උඩට මොකුත් නැතුව.අම්මටසිරි වෙන්න ඌ සරමකුත් ගහන්.මං දැකලා නෑ ඌ සරමක් ඇඳන් ඉන්නවා.ඒක දැක්ක ගමන් මට හිනා ගියා.
"ඇයි"
"ඇයි අහන්නෙ.සරං අඳිනවද"
ඌ මට රව රව තේක අතට ගත්තා.
"ගෑණි නැඟිටලා.මිනිහා හොඳට පුකට අව්ව වැටෙනකන් නිදි"
"ආශා කෝ"
"අම්මා එක්ක.ලොකු මැණිකෙ කීවා අක්කා එක්ක වෙද ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා"
මං කීවේ ජනෙල්ලෙට පිටිපස්ස හරවලා.මොනවා වුනත් මගෙ හිතට ඒවා බරයි.ආග්ර ආශාගෙ නේද කියලා මතක් වෙද්දි හෙන දුකයි.එහෙමයි කියලා ඒක මුට පෙන්නන්නත් බෑ.
"ඇතුළට එන්න."
"ඈ"
"කාමරේට එන්න"ආග්ර කීවේ කෝප්පෙ මගෙ අතේතියලා.
මං කුස්සියට ගිහින් කෝප්පෙ තියලා උගෙ කාමරේට ගියා.යද්දි ආග්රයා හිටියෙ කබඩ් එකේ පොත් වගයක් අවුස්සන ගමන්.
"ඇයි"
"මෙතන තියෙයි පේපර්.යාලුවන්ටත් දීලා,මට කරලා ගෙනත් දෙනවද"
ආග්ර කීවේ ලොකු ෆයිල් දෙකක් මගෙ අතේතියලා.මං හා කියලා හැරෙන්න හැදුවට උගෙ පළල් උරහිස් හීනි ඉන දැක්කහම අහක බලන්න හිතෙන්නෙ නැහැ.මට පිළිඟන්න බැහැ මං ආග්රව දකින්න ලෝභයි කියලා.හැබැයි යටි හිතින් දන්නවා...මං අමුතු විදිහට ආසයි ආග්ර ඔය ටිකත් නැතුව ඉන්නවට.අසරණ වුන ඇඬෙන්න ඔන්න මෙන්න වුන,භාගෙට පියවුනු ඇස් එක්ක ඌව දකින්න මං ආසයි.එහෙම නැත්තන් අනික් අය දිහා බලන හිස් ඇස් නෙමෙයි,හැඟීම් පිරිච්ච ඇස් වලින් මා දිහා බලනවට මං ආසයි.ඒක උට කියන්න බෑ.ඌ හිතයි මට පිස්සු කියලා.නැත්තම් මං ගැන අපුලක් දැනෙයි.හැබැයි මට දැනෙනවා අනික් අයට වඩා ඌ මට එකතුයි.සමහරවිට අපි දෙන්නම කොල්ලො හින්දා වෙන්නැති.මං වැඩිය හිතන්නෙ නැතුව පේපර් ටිකත් උස්සන් කාමරෙන් එළියට ආවා.දවල් වෙද්දි ආග්රයයි පවුලෙ ඈයොයි ඔක්කොම ගියෙ වෙද ගෙදර.මායි අම්මයි විතරයි වලව්වේ ඉතුරු වුනේ.අම්මත් උයනකන් වත්තෙ තිබ්බ වැඩ ටික කරලා මං ඉස්සරහා පේමන්ට් එකේ වාඩි වුනා.දැං නම් ඉස්සර වගේ නෙවෙයි මෙතන ඉඳන් හිතන්න දාහක් දේවල් තියෙයි.මට මතක වුනේ එදා රෑ ආග්රයයි මායි මෙතන හිටපු විදිහ.කොච්චර කොහොම කීවත් ඒ මතක වලට මං ආදරෙයි.ඇයි කියලා දන්නෙ නෑ.ඒත් ඒ මතක හරි ලස්සනයි.ඒ වුනාට පිළිගන්න බැරි සීන් එක්ක මං හිර වෙලා හිටියෙ.එක එක රෙද්දවල් මං ඔලුවට එද්දි ආග්රගෙ කාමරෙන් පෑනක් අරන් ඌ දුන්න පේපරයක් මං කරන්න ගත්තා.උන් එන්න තව සෑහෙන වෙලාවක් යයි.
පැයක් දෙකක් කොච්චර වෙලාවක් ගෙවිලා ගියාද මීටර් නෑ.අම්මා කන්න එන්න කියද්දි කාලා ඇවිත් මං ආපහු ආග්රගේ කාමරේට ආවේ උගෙ පෑන තියන්න.ආග්රගේ කීවට ඉස්සර වගේ නෙමෙයි දැන් සුදු අක්කත් ඉන්නවා.හැබැයි ආග්රගේ සුවඳ මට තාමත් වෙනම අඳුරගන්න පුලුවන්.ඌ පිළිවෙළයි.මේසේ ඇර.රැක් එකේ උගෙ ඇඳුම් පිළිවෙළට නවලා.උගෙ සිනිදු ඇඳුම් වලින් උගෙ සුවඳ වෑහෙනවා.රැක් එකේ වනලා තියෙන උගෙ ඇඳුම් වලින් මං අත අරන් ගියේ බොහෝම පරිස්සමට.ඒ රැක් එකේම එහා කොනේ වනලා තියෙන සුදු අක්කගෙ ඇඳුම් දකිද්දි නොරිස්සුමක් දැනුනත් එහෙම හිතන්නවත් මට අයිතියක් නැහැ.ආපහු හැරිලා එන්න ආවත් මං ආග්රගෙ ලාච්චුව ඇරලා උගෙ ඩයරිය එළියට ගත්තා.ඌ අලුත් කවියක් ලියලා.
"යන්න යන්න ළඟ ඉන්න හිතෙන
වෙලාවකට කරුමයක් මං පුවක් ගෙඩියක් ගිරේට හිරවෙන"
ඔච්චරයි.කවියක් නෙමෙයි හරියට කීවොත් වාක්යයක්.මං පොත ලාච්චුවෙ දාලා එළියට එද්දිම වගේ ආග්රයාගෙ වාහනෙ ගේට්ටුවෙන් ඇතුළට දැම්මා.වාහනෙ සද්දෙට අම්මා එළියට එද්දි මං කුස්සිය පැත්තට ආවා.ආපු වෙලේ ඉඳන් මහ මැණිකෙගෙ වැඩේ අහල පහළ වුන්ට දෙස් දෙවොල් තියෙන එක.ඒ වල්පල් අහන එකේ තේරුමක් නැති එකේ මං වතුර එක ලිපේ තිබ්බේ ඒක පැහෙන්න.විභාවි කුස්සියට එබුනේ ඒ වෙලාවේ
"ඕයි තමුසෙ කලින් ආවද"
"ඔව් ඕයි.පන්ති කලින් ඇරියා.බොසා තරහා නැතුව තේකක්.ආහ් මේ චොකලට් එක ඔයැයිට"
විභාවි දික් කරේ මට සීයේ බබල් එකක්.මං ඒක අරන් සාක්කුවේ ඔබාගත්තා.
"ආහ් කේත්,අපේ අයියා බබාට කුක්කු එකක් හදන්න කීවා"
විභාවි මට ඇහැකුත් ගහලා පැන්නා.මේකි දැන් ගානට වැඩි.මගෙ කට කොනකට හිනාවකුත් ගියා.අම්මා අනික් අයගෙ තේ අරන් යද්දි මං පිටි හැඳි දෙකක් වෙනම කෝප්පෙකට දැම්මා.
ආග්ර කුස්සියට ඇවිත් මා ගාවින් හිටගද්දියි ඌ ඉන්නවා කියලා මට මීටර් වුනේ.
"ඕක මටද"
"ඔව් ඔයාගේ කුක්කු එක"
මං කීවෙ උගෙ මූණ දිහා බලාගෙන.ඔන්න ආයෙ උගෙ කළු බෝල එහෙ මෙහෙ දුව දුව ඌ ඇස් මගෙන් හංගනවා.ඒකට තමා මං ආසම.මං උගෙ අත අරන් තේක අතේ රැදෙව්වා.
"කුක්කු බොන්න සුදුමහත්තයෝ"
මං කීවේ උගෙ කනත් ටිකක් කොනිත්තලා.ඌ ඉතින් තොල තෙත් කරන් එහෙ මෙහෙ බල බල රවනවා.මහ පිස්සු පකෙක්.

ESTÁS LEYENDO
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....