"මොකක්ද අක්කේ කියන්නේ?"
"මං ආග්ර එක්ක ඉන්නම් කේත්.මං කසුන්ට ආදරෙයි එත්.මේ කරුම ජීවිතේට යන්න දීලා මං ඉන්නම්.අඩුම තරමෙ ආග්රට දීපු පව් ගෙවන්නවත් මං ඉන්නම්.මේ දරුවට අම්මෙක් වෙන්නෙම්"
මට තරහා ගියා.මට හිතුනෙ ගෑණියෙක් කියලා නොබලා සුදු අක්කගෙ කන පුපුරන්න එකක් ගහන්න.දරුවව මරන්න දඟලපු ගෑණි කොහොමද දරුවට ආදරෙ කරන්නේ.ඒත් මගෙ වචන ඉවර වෙන්න කලින් කාමරේට ආවේ ආග්ර.ඌ මං වචනයක් කියන්න කලින් මාව ඇදන් ගෙදරින් එළියට බැස්සා.වාහනෙ යතුර මං අතින් තියලා ඌ ඇස් පියාගත්තා.කාටවත් ඇහැ නොගැටෙන වැව් කන්ඩියේ ඈත කොනක මං වාහනෙ නතර ආග්රගෙ පියවිලා තියෙන ඇස් දිහා බලාගෙන.
මං දැනන් හිටියා.ආග්ර මගෙන් ඈතයි කියලා.හැබැයි ඒ වගේ විකෘති බැඳීමක ආග්ර හිරකරන්න බෑ.මට දැනුනෙ පිස්සු වගේ.වාහනෙ නවත්තලා මං ආග්රව උරහිසෙන් අල්ල ගත්තා.
"ආග්ර.ඇත්ත කියපං.අරකි මට කියපුවා ඇත්තද"
"කේත්"
"කට කඩනවා ආග්ර.මට කියපං ඒවා ඇත්තද"
"කේත්,කලබල වෙලා ප්රශ්න විසඳන්න බෑ"
"පකක් කියවන්න එපා ආග්ර.මං බොහොම ඉවසීමෙන් අහන්නේ.ඇත්තද කියපං"
"කේත්.කියන දේ අහන්න ළමයෝ"
ආග්රගෙ ඇස් දිලිසෙනවා.ඌ අඬනවා.රෙද්ද.මට දැනුනෙ පපුව ගැළවෙන්න වගේ.මේ මිනිහා කොහොමද මෙච්චර ඉවසන්නේ
"ඔච්චර අහිංසක වෙන්න එපා ආග්ර"
මට දැනුනෙ මාව හෙලකින් පල්ලට වැටෙනවා වගේ.ආග්ර උබ හරියට මලක් වගේ.සිනිඳු නෙමෙයි ආග්ර.සුවඳ බෙදන මලක්.උබ නියම පිරිමියෙක් ආග්ර.උබට වටිනාකමක් නොදෙන ගෑණියෙක්ගෙ පාමුල වැටිලා හිඟාකද්දි කොහොමද මං දරාගන්නේ.මට අහන්න ඕනෙ වුනා.කියන්න ඕනේ වුනා.ආත්මාර්තකාමි වෙන්න ඕනෙ වුනා.එයා ගාවට යන්න එපා.මගෙ සේසතම උබට දීලා හරි මං උබව තියාගන්නම් කියන්න.හැබැයි,මගෙ කොලු පැටියා?ඉපදුනෙ දවසෙම උට අම්මව නැති කරන්නද?
මට දැනුනෙ මාර කළකිරීමක්.ආග්රගෙන් නොනවත්වා වැටෙන කඳුලු එයාගෙ කලිසම් කකුල් තෙත් කරා.ගල් ගෙඩි වගේ මගෙ හිතේ ඒවා උඩට උඩට පෙළ ගැහුනා.ආග්ර.
ඌ තව කියන්න කලින් මං ඌව බොහොම පරිස්සමට මං ගාවට ගත්තා.මගෙ ආග්ර උබ තමයි මට මුළු ලෝකෙම ආග්ර.ශක්තිමත්ව ඉඳපං.ගහක් ගලක් වගේ ඉන්න තමුසෙ මෙහෙම වැටෙද්දි මට බලන් ඉන්න බෑ ආග්ර.තමුසෙ අඩියටම වැටුනත් මං තමුසෙ ගාව ඉන්නවා.මාව පාගලා හරි තමුසෙ අඩිය ඉස්සරහට තියපං ආග්ර.මේ ලෝකෙ කවුරු නැති වුනත් මං තමුසෙ වෙනුවෙන් ඉන්නවා.මං හිතුවේ උණුසුම් හාදුවක් එයාගෙ නළලෙ තවරලා.ආග්ර තවත් මගෙ අත් අස්සෙ ගුලිවෙද්දි උට මං මගෙ තුරුලෙ ඔනෑ තරම් ඉඩ හදලා දුන්නා.

ŞİMDİ OKUDUĞUN
ආග්ර
Romantizm"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....