09.

3K 492 29
                                    

"මචං ඔය ටික එක තැනකින් තියමුද.සෙක්ෂන් වලට කඩමු."

"උබ කියන්නෙ ලැබ් තුනට සෙට් කරමු කියලද"

"ඔව් බං.එතකොට නීට්.නැත්තම් මචං අච්චාරු වෙනවා."

"එල එහෙනම් මේ ටික උඩට අඳිමු."

ආනායි ජින්නයි එකතු වෙලා ස්ටෑන්ඩ් එකට සෙට් කරලා තිබ්බ ඩ්‍රම් එක උඩ ලැබ් එකට දැම්මා.අතත් එල්ලන් උන් කරන වැඩ බලන් ඉන්න තමා මට උනේ.

"මචං ප්‍රැක්ටිකල් එක කියලා දෙන්න අපේ වුන්ම දාමු.මොකෝ කියන්නේ"

"එල බං.එහෙම සෙට් කරමු.එතකොට අපේ වුන්ටත් හොඳයි"

ජින්නගෙ යෝජනාවට අපේ වුන් ඔක්කොම කැමති වුනා.එක්සිබිෂන් එක එක්කම ප්‍රැක්ටිකල් ටිකත් කවර් කරමු කියලා අපේ වුන් කතා වුන හින්දා එක්සෑම් එකට ගෙස් කරන ප්‍රැක්ටිකල් ඔක්කොම එදාට සෙට් කරලා කරන්න අපේ වුන් ඔක්කොම සෙට් වුනා.

දවසින් දවස ගෙවුනේ පුරුදු විදිහට.විශේෂම දේ අලුතෙන් සෙට් වුන ක්ලාස් දෙක.වෙනදට ආනගෙනුයි ජින්නගෙනුයි උදේට අහගත්ත ඒවා දැන් ක්ලාස් එකෙන්ම කවර් කරගන්නවා.වෙනදට වඩා ඉස්කෝලේ වැඩ පිළිවෙළක් වෙනවා දැනුනේ ක්ලාස් ටිකට පිං සිද්ද වෙන්න.හිතෙ තිබ්බ බර ටික ටික නිදහස් වෙද්දි ඒ දවස් වල මගෙ හිත අමුතු ජවයකින් පිරිලා තිබ්බා.වලව්වෙදි ඇහෙන එපා කරපු කුණු කතයි ආග්‍රගෙ එරවිල්ලයි ඇරෙන්න හැමවෙලේම තිබ්බෙ සතුටක්.කොල්ලො එක්ක ස්කෝලෙ වැඩ වලට බිසී වෙද්දි හවසක් දෙකක් ඉස්කෝලෙ නැවතිලා ඔක්කොම එකට වැඩ කරද්දි කද්දි බොද්දි ප්‍රැක්ටිකල් හදද්දි මට දැනුනෙ ජීවිතෙ හොඳම කාලෙ ගෙවෙනවා වගේ.ආයෙ එන්නෙ නැති දවස් වලින් ජීවිතෙ පිරෙනවා වගේ.ආයෙ විඳින්න බැරි කාලයක් හැඟීමක් මගෙ හිත වෙලාගෙන තිබ්බා.

ටෙක් ඩේ එකට තිබ්බෙ සතියයි.වෙන්නඕනෙ වැඩ ඔක්කොම රෙඩි.ඉවෙන්ට්ස් ඔක්කොම රෙඩි කරලා අපිට තිබ්බෙ ඩෙකරේෂන් හදාගන්න විතරයි.අපේ වුන් ෆුට් සයිකල් එක්කට මෝටර් එකක් සෙට් කරලා රෝද් දෙක විතරක් හෙමීට කැරකෙන්න හදලා සයිකල් වීල් වලට එල්ලෙන්න පහන් සෙට් කරලා පොල් තෙල් පහන හැදුවා.කම්පෙෂර් එකෙන් කළු පාට තීන්ත අල්ලලා බල්බ් වැලක් දැම්මහම ඒකෙ තිබ්බෙ ටෙක් වලට මැච් වෙන ලුක් එකක්.අපේ වුන් කරපු වැඩේ උන්ම අගයකරගන්න ගමන් හිටියෙ.අන්තිම පහන පාස්සලා ඉවර වෙද්දිම ආග්‍ර හෝල් එකට ආවා.

ආග්‍රWhere stories live. Discover now