මං ටවල් එකත් අරන් එළියට ගියේ එළියෙන් නානවා කියලා හිතාගෙන.පොඩ්ඩක් සීතල වැදීගෙන මට නාන්න හිතුනා.
වෙච්ච දේවල් එක්ක මගෙ ඔලුවත් නිකන් ලැට් එක වගේ වෙලා තිබ්බේ..ඒ අස්සෙ කැම්පස් දාන මඟුල් එක්ක ඔක්කොම නිකන් අජ වෙච්ච හත් මාළුවක් වගේ.ආග්රයා නැත්තම් ඇපත් නෑ.
මං නාලා ටවල් එක ගහන් කුස්සියට යද්දි ආග්රයා කොල්ලව වඩාගෙන හුරතල් කරනවා.
"ලොකු මැණිකෙ ගෙදර නැද්ද අම්මේ"
"හිටියා.හෙට අනිද්දා දිහාට යනවයි කීවේ ඔන්න.අශා කෙලීලගෙ ගෙදර"
"අම්මා එහෙම කීවද"
ආග්‍ර ඇහුවෙ බිම බලාගෙන.
අම්මා මොකුත් කීවෙත් නෑ.මං ආග්‍ර අතේ හිටපු කොල්ලට උම්මා එකක් දුන්නා.කොල්ලස් නම් මූන බදාගෙන එක විකාරයයි.චූටි අතපය වලින් මූන බදා ගනිද්දි හෙන ලෙංගතුයි.
ආග්‍ර කොල්ලවත් අරන් කාමරේට යද්දි මං අම්මටත් ඇහැක් ගහලා ඌ පස්සෙන් ගියා.
"හෙට මොනවද කේත් අරන් යන්න ඕනෙ.මං නිවාඩුවක් ඉල්ලගත්තා.මුල්ම දවස නිසා මාත් ඉන්නවා කියලා හිතුවේ"
ඒක හොඳයි කියලා හිතුනා.ඌයි මායි කොල්ලව නිදි කරලා කරේ කොල්ලගෙ බඩු ලෑස්ති කරපු එක.නිල් පාට පොඩි මල්ලකට මං කොල්ලගෙ කලිසං දෙක තුනක් එබුවා.මං ඒවා කරනකන් ආග්‍ර කරේ රෙජිස්ට්‍රේෂන් ලෙටර් එක පුරවන එක.සද්දයක් නැති නිසා මං ඌ දිහා බලද්දි ආග්‍ර බලන් හිටියෙ මගෙ උප්පැන්නේ දිහා.
"ඇයි"
"නම් දැනගෙනත් හොයන්නවත් හදන්නෙ නැද්ද?"
"නෑ.අතීතෙ කියන්නෙ අතීතේ ආග්‍ර.මේ යන වර්තමානයට මං කැමති"
පොර හෙන පණ්ඩිත බමුණා වගේ කන්නාඩියත් හදාගෙන ඔලුව උඩ පහළ වැනුවා.වැඩ ඔක්කොම ඉවර කරලා ගෙදර යන්න ලෑස්ති වෙද්දි ආග්‍ර මගෙ අතෙන් අල්ලගත්තා.
මොකුත් කියන්නෙත් නෑ.ලා කහ පාට පොඩි එළියෙන් ආග්‍රගෙ සුදු මූණ මට කැපිලා පේනවා.
"මොකෝ"
"නිකන්.මට හිතුනා"
මං ආග්‍ර පැත්තට හැරිලා පොරගෙ උරිස් දෙකෙන් අල්ලලා මූණ ගාවට නැමුණා.

أنت تقرأ
ආග්‍ර
عاطفية"ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....