"මේ,තමුසෙ එන්නෙ හොඳකට නෙමෙයි"
"ම්ම්ම්"
"ඇයි කීවේ කරේ යන්න එපා කියලා"
"කේත්.මෙතන නවත්තන් ඉන්න බෑ.නඟින්න"
"එපා.මං යන්නම්"
"කේත්"
ඌ කතා කරද්දි මං පයින් එනවා කියලා හිතුවා.කීවොත් නැත්තම් ඔලුවට අත සෝදනවා පුකට අත සෝදනවා කියලා.ටිකකින් අරූ යනවා මටත් රවාගෙන.උබලම කියපං මං වැරදිද කියලා.ඌ දවසක් හොඳින් හිටියොත් පහුවදාට මෝහිණි වැහිලා වගේ.ඊට වඩා හොඳයි පොරව අතේ දුරින් තියා ගන්න එක.
"ආ.කොල්ලා ආවද.මොනවද ආග්ර.වාහනෙ එද්දි මල්ලිවත් දාගෙන එන්න එපැයි"
සුදු අක්කා කීවෙ ආග්රට රවාගෙන.ආග්ර මං දිහා බලාගෙන හිටියා.
"එයාගෙ පස්සෙ තුවාලයක් ඇවිත්.ඉඳගන්න බැහැයි කීවා"
මොකක්.මට දැනුනේ හෙණයක් ගැහුවා වගේ.ආග්ර ඔහොම කතා කරනවද.ඌ වැඩිම වචන ගානක් කීවේ අදද කොහෙද.සුදු අක්කත් හෙනයක් ගැහුවා වගේ බලන් ඉන්නවා.ඌ ෂර්ට් එක බොත්තමකුත් බුරුල් කරන් ඇතුළට ගියා.
මමත් යුනිෆෝම් එක අහක් කරලා ෂෝටක් ගහගත්තා.ඉස්සර තරම් දැන් කතා අහන්න වෙන්නෙ නෑ.එකක් විභාවි.ඒකි මාත් එක්ක හෙන ෆිට්.අනික සුදු අක්කා.ඉස්සරට වඩා හිතේ නිදහසින් වැඩක් කරන්න පුළුවන් දැන්.ආග්ර මාව මඟාරින ගතිය දැන් දැන් අඩුයිද මන්දා.පොර වෙනදට වඩා මං දිහා බලන් ඉන්නවා වගේ හිතෙනවා.උට මං ගැන අනුකම්පා වත් හිතිලද දන්නෑ.මං පොරව පැත්තකට දාලා පිළිකන්නේ පේමන්ට් එකේ ඉඳගත්තා.
"අහ් බොසා වැඩද"
"ඕ…."
"සුදු අක්කේ..අපිට කහට දෙකක් දාන්න"
විභාවිට තිබ්බේ ගොබ්බ කටක්.ඒකි පෙනුමෙන් බොහොම ලස්සන අහිංසක කෙල්ලෙක්.කට අරිනකන් විතරක්.කට ඇරිය ගමන් ලැට් එක්ක බටේ කැඩුවා වගේ.
"කේත්.උබ මහ හොඳ නෑ බං.උබලගෙ නැද්ද ලස්සන යාලුවෝ"
"අප්පෝ.තමුසෙව බැන්දොත් උන් ඉවරයි"
"ඒකත් ඇත්ත බං.මේ වගෙ පවුලක් එක්ක පවුල් කන්න එන්න පිස්සුව තියෙන්නේ සුදු අක්කා වගේ එකෙක්ට විතරයි.ඔය පේන්නැද්ද.අම්මා මොකක් හරි කීවත් එයට නෙමේ වගේ ඉන්නේ.මං එහෙම නම් කසාදෙත් කඩන් යනවා."

ESTÁS LEYENDO
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....