"යන්නම ඕනෙද අද.නිවාඩුවක් ගන්න බැරිද"
"බෑ කේත්.ළමයින්ගෙ එක්සෑම් කට උඩ. මං නොගිහින් කොහොමද.එහෙම හොඳ නෑ"
"පුලුවන්ද කියනවකො ඔහොම"
"පුළුවන් අනේ මට ඇවිදින්න."
මම ආග්රගෙ තුවාල කකුළට සපත්තුව දැම්මේ මේස් එක නැතුව.
"මේස් එක නොද ඉමු නැත්තම් ඉඳිමෙන්න බලයි"
මං එහෙම කීවට උගෙ කකුල ඉඳිමිලා දැනටම.රතු වෙලා.
කකුල ඔඩොක්කෙන් තියාගෙන මං කකුලෙන් හාද්දක් තිබ්බෙ මට නිකන් හිතුන නිසා.
"පිස්සුද අනේ"
"ඇයි"
"ඇයි අහන්නේ"උට ඉතිම් වෙනම ට්රැකක් තියෙන්නේ.මං සපත්තු දෙක දාලා ආග්රව වඩාගෙනම ගිහින් වාහනෙන් තිබ්බෙ වටේ පිටේ කවුරුත් නෑ කියලා ශුවර් කරලා.
වාහනේ ඉස්කෝලෙ ඇතුළට දාලා උරහිසට වාරු කරන් ගිහින් මං ආග්රව ලැබ් එකෙන් ඉන්දෙව්වා.
ක්ලචස් දෙක එහා පැත්තෙන් තියලා මං ආග්රගෙ බෙහෙත් ටික තෝරලා ඌ ළඟින්ම තිබ්බේ උට පහසුවෙන්න.
"මං හවස එනවා එක්කන් යන්න.එහෙ මෙහෙ යන්න තියාගන්න එපා.ළමයින්ට ලැබ් එකට එන්න කියනවා"
"එන්න පුළුවන් වෙයිද"
"ලන්ච් එකේ එන්න බලනවා.බැරි වුනත් එනවා.මං එනකන් ඉන්නවා හරිද"
"වෙහිකල් එක අරන් යන්න"මං ආග්රගෙ ඔලුවත් අත ගාලා එඉන්න ආවේ උගෙ වාහනේ.වැඩට ආවාම වෙලාවක් ශුවර් නෑ.මට ලන්ච් එක ගන්න වෙලාවෙ තමා ආග්රව දාන්න වෙන්නේ.ඩිලිවර් එකක් ගත්තාම එක රූට් එකෙන් පැත්තම කවර් කරන්න බලන්නේ.කෙලින්ම බයික් එකේ එක්කන් යන්න බෑ ආග්රට අමාරුයි.
යන්තම් බොසාටත් ලයින් එකක් ගහලා එක හාමරට වාහනෙත් අරන් මං එළියට පැනගත්තා.
ඉස්කෝලෙට යද්දි දෙකට දහයක් වගේ.මං ලැබ් එක ඉස්සරහින් වාහනේ දාලා ඇතුළට යද්දි ආග්ර ඉන්නවා මූණත් බෙරි කරන්."පරක්කු වුනා ට්රැෆික් අස්සෙ.යමං"
මං කීවේ බෑග් එකත් කරේ දාගෙන.
"කේත්"
"මොකෝ"
"ඔයා වාහනේට යන්නකෝ මං එන්නම්"
"ඇයි.යං මං එක්ක තනියම යන්න බෑනේ"
"එන්නම්..යන්නකො"
"ඇයි චූ බරද?"
"ඔව් "
"උදේ ඉඳන් ගියෙ නැද්ද"
"නැ"
"මට ඒත් හිතුනා.යං.එනවකෝ."
මං ආග්රගෙ ඉණ ගාවින් අත දාලා මට හේත්තු කරගත්තා.
වොෂ් රූම් එකට ටික දුරක් යන්න ඕනේ.මං ඌ එක්ක ගිහින් ඌව ඇතුළට දාලා වැහුවා.
"ඉවරද?"
"නෑ "
"දැන්"
"නෑ"
"මොකක්ද බං.ජාතික චූ සංස්ථාවද."
"ඉවරයි ඉවරයි"
මං දොර ඇරලා අග්රව එහෙම්ම උස්සලා වාහනේට දැම්මා.
"පිස්සුද ළමයො කවුරුත් දැක්කනම්"

YOU ARE READING
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....