38.

3.3K 533 100
                                    

සතුට හෙව්වාට දස අතේ
කඳුළු ආවා ද හිතුමතේ
නොමැති වූ දාක කැමති දේ
අඳුරගත්තා ද හිත අපේ

අපි ආ ගිය පාරේ
කෙලවර නෑ පේන මානේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ..............

අපේ වුන් ඔක්කොටම එක්සෑම් ඉවර වෙලා දවසක් දාලා තියෙනවා.ඉස්කෝලේ හැම ඒලෙවල් සෙක්ෂන් එකකම ගුරුවරු ළමයි එකට සෙට් වෙන අන්තිම දවස.අපේ වුන් පිළිවෙලට යුනිෆෝම් ඇඳලා.සමහරවිට උන් මේ යුනිෆෝම් එක අඳින අන්තිම දවස.වෙනදා තියෙන හිනාව හැමෝගෙම මූණෙ තිබුනට ඊට යටින් දුකක සේයාවක් නොතිබුණා නෙවෙයි.හැබැයි හැමෝටම ඕනි වුනේ අන්තිම දවස පුලුවන් තරම් සතුටින් ඉන්න වෙන්නැති.උන් එකක්වත් උන්ගෙ මූණෙන් ඒක පෙන්නුවේ නෑ.මුළු ටෙක් එකම එකතු වෙලා පතරංග කේක් එකක් හදලා තිබ්බා.
ඔක්කොටම වඩා දුක තිබ්බෙ ආග්‍රයාට.උට පත්වීම හම්බුනාට පස්සෙ සෙට් වුන පළවෙනි බැජ් එක අපි.උගෙත් මූනෙන්ම අප්සට් ගතිය පේනවා.ආනා නම් ආග්‍රගෙ කරේ හිටියෙ උගෙ හිත හදන්න.ආනාගෙ ලැට් කටට පිං සිද්ධ වෙන්න එතන තිබ්බ අමුතු වාතාවරණය ටිකක් ෂේප් වුනා.
සෙක්ෂන් ඔක්කොම එකතු වෙලා කොන්සර්ට් එකක් සෙට් කරනවා.දොළහෙ, දහතුන සෙට් එක තමා කරන්නේ.ටෙක්,ආර්ට්,සයන්ස්,කොමස් කියලා නෑ.ඔක්කොම වුන් එකට සෙට් වෙලා කරන්නේ.අපේ වුන්ට තියෙන උන් ඇරේන්ජ් කරන රීෆ්‍රෙෂ්මන්ට්ස් වකට වැඩේ දීලා කොන්සර්ට් එක බලාගෙන පාඩුවෙ කැපෙන්න.බෝයිස් එකක් හින්දා ගොඩක් වෙලාවට ඩාන්ස් වලට ඉන්නේ පොල්කටු දාපු වුන්.එක පාරක් සොකරි නටද්දි පොල් කට්ට රෝල් වුනා මට හොඳට මතකයි.හැබැයි මෙදා පාර,සර්ලා එක්ක ටීචලගෙ ඉවෙන්ට් එකක් තිබ්බා.ඒ නිසා පොල් කටු වැඩේ නැඟලා ගියෙ නෑ මේ පාර.බෑන්ඩ් එකේ ඔකෙස්ට්‍රා එකයි වෙන වෙනම සෝලෝ ඉවෙන්ට්ස් පවා තිබ්බා.ගොඩක්ම මේ පාර ළමයි සර්ලා මිස්ලා සෙට් වෙලා වැඩේ කරලා වගේ.ටීචස්ලගෙ පවා සෝලෝ ඉවෙන්ට්ස් තිබ්බා.

සයන්ස් එකේ කෙමා කවි කීවා.ආර්ට් එකේ හෙඩ් කතාවක් කරා අපේ වුන්ටත් ඇඬෙන්න ආවා.සිංහල කරන නිසා ඔක්කොම රසකාරක දාලා කීවේ.අපේ සමහර වුන්ගෙ ඇස් වල කඳුලු නළියනවා.කොහොම වුනත් ඉස්කෝලෙ දාලා යන්න දුකයි.අවුරුදු දහතුනක් ගෙදර වගේ ඉඳලා එකපාරට යද්දි අප්සට් නෑ කියන්න බෑනේ.

ආග්‍රWhere stories live. Discover now