47.

2.3K 433 77
                                    

මම ශේප් එකේ ආග්‍රයා ළඟට ගියා.
"කොල්ලා ළඟට යන්න්.මං ඕක කරන්නම්"
මං කීවේ ආග්‍රගෙ අතේ තියෙන ළූණු වට්ටිය අඳින ගමන්.ඌ ඒක ආයෙ උගෙ පැත්තටම ඇඳ ගත්තා
"කමක් නැහැ.කේත් යන්නකෝ මට පුළුවන්"
"හරි හරි උබට පුළුවන්.ඒ වුනාට කමක් නෑ කොල්ලව බලන්නකෝ.ම්ම්ම්...මං තේකක් හදන් එන්නම්.ඔයා යන්න.කීවම අහලා යන්නකෝ"
මං ආග්‍රයාව අතෙන් ඇඳලා කුස්සියෙන් එළියට දැම්මා.ගොඩ වෙලා චුට්ටව තනියෙන් තියන්න මට හිතක් නෑ.අක්කත් මිදුල අතුගාන එකෙ කාමරෙ හරියට කවුරුත් නෑනේ.
මං උට තේකක් හදලා විභාවි අතේ යවලා අම්මට උදව් කරේ.තියෙන වැඩ ටික ඉවරයක් කරලා දාන්න.දහය වගේ වෙද්දි වාහන දෙකක් වත්ත ඇතුළට දැම්මා.
පොඩි කොල්ලවත් වඩාගෙන ආග්‍ර ඉස්සරහට එද්දි මං වාහනේ තිබ්බ බඩු ටික බිමට බෑවා.

"ආග්‍ර මේ ඉන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.බබා මේ ඉන්නේ ආග්‍ර අයියා.එතකොට අර මෙයාගෙ වයිෆ්.අර නන්ගි.මේ අතේ ඉන්නේ චූටි කොල්ලා"
මේඝනා වටේ කැරකි එයාගෙ කොල්ලට පවුලෙ අයව අදුන්නලා දුන්නා.
"අරයා කවුද"
ඌ ඇහුවෙ මාව පෙන්නලා.
"ඌ මෙහෙ වැඩට ඉන්න එකා."
මේඝනා කීවේ මටත් රවලා.අනේ පලයං යන්න.ඉදකිං මේකිට ලැජ්ජා නෑනේ.
මං බලාගෙන අරූ ආග්‍රයාට අතට අත දෙනවා.පුහ්.
මේඝනා පුකත් ගස්සගෙන ඇතුළට ගියා.ආග්‍රයා මටත් හිනාවක් දාලා ඇතුළට ගියේ මම බැග් මළු ටික ඉස්තෝප්පුවෙන් තියලා වාහනේ යතුර අතට ගද්දි.උන්ට යන්න ඇරලා මං පිටිපස්සෙන් කුස්සියට ආවේ අම්මට සප් එකක් දෙන්න.අම්මා උදේ හදපු වැලිතලප පොඩි දීසියකට අහුරනවා.තව දීසියක් අරන් මං දොදොල් කෑලි ටිකක් දැම්මා.
"මේඝනා නෝනගේ මහත්තයත් ඉන්නවැයි කීවේ"
"ඔව්.ඔය ඇවිත් ඉන්නේ"
"පෙනුමයි නොවැ හැබැයි.කොළඹ රටේ එවුන් නේ"
"මං තරම් ලස්සන නෑනේ"මං ඒක ජොලියට වගේ කීවට අම්මා කරන වැඩේ නවත්තලා මං දිහා බලන් හිටියට.එයාගෙ මූණෙ තිබ්බ හැඟීම දුක කණගාටුව පසුතැවීම ඒ ඔක්කොගෙම එකතුවක් වගේ.කඳුලු කැට ඇස් කෙවෙනි අස්සට පිරිලා ගුලි වෙද්දි අම්මා එක අතක් මගෙ කම්මුලෙන් තිබ්බා.
"උබේ මහ එකා තරම් හැඩකාරයෙක් අහල ගම් හතකවත් හිටියේ නෑ.උබ ලස්සන නොවී පුලුවන්ද"
"මොකක්"
"මෙන්න මේ ටිකත් දාපං.මං මේවා මේසෙට ඇරලා එන්නම්"
අම්මා කැවුම් වට්ටිය මගෙ ඇඟෙ ගහලා මාරු වුනා..
"අම්මේ......."
උබලා විශ්වාස කරපං.මේ අවුරුදු විස්සට අම්මගෙ කටින් මගෙ අම්මයි තාත්තයි ගැන කීව පළවෙනි වතාව.මං හිතුවේ මාව නොදන්න තැනකින් අරන් හදාගත්ත එකෙක් කියලා.මං කවදාවත් ඒ ගැන ඇහුවෙ නෑ.මං අදාළ නැති අතීතයක් ගැන මට වැඩක් තිබ්බෙ නැ.හැබැයි...අම්මා තාත්තව දන්නවද?
මට දුරට හිතන්න ඕනෙ වුනත් වෙලාවක් තිබ්බෙ නෑ.ඇරත් අතීතය ආයෙ එන්නෙ නෑ.මට ඕනි වුනෙ වර්තමානයෙ ජීවත් වෙන්න.
මං අතේ තිබ්බ දීසි දෙක අරන් සාලෙට ගියා.
යද්දි ආග්‍රයා ඉන්නවා පැත්තක ඉඳගෙන බබාවත් හුරතල් කරකර.අක්කා නම් මේඝනා එක්ක කතාව.අලුත් පොර ලොකු මැණිකෙලාට ගොට්ට බානවා වෙන්නැති.මං දීසි දෙක තියලා එන්න එද්දි විභාවිත් මාත් එක්ක කුස්සියට ආවා.
"ඈ කේත්.බලපංකෝ මේඝනා වගේ එවුන්ටමයි අර වගේ එවුන් හම්බෙන්නේ.අපි වගේ නිහතමානි කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ.හොඳ ඇපල් කන්නෙම පනුවොලුනේ."
ඒකි නිකටටත් අත ගහගෙන කියන විදිහට හිනත් යන්න එනවා.
"උබ ලොකු වෙලා ඉඳපං මුලින්ම.විභාගෙ කට උඩ.ඕවා හිත හිත ඉඳපං"
"අනේ මේ ඒක නෙමේ කොහොමද අර හුචක්කුවගෙ රැස්.දෙන්න හිතයි කට ඇද වෙන්න"
විභාවි ඇස් කරකව කරකව කියන විදිහ බලන් ඉන්න ආසයි.
ඒකි තෙල් බේරෙන දොදොල් කෑල්ලක් කටේ ඔබාගෙන කාමරේට ගියා.
ඇත්ත තමයි.හොඳ ඇපල් කෑවෙම පණුවො.අතන ඉන්න එක ඇල්ලුවෙ නැති නිසා වෙන්නැති ආග්‍රයා කොල්ලවත් වඩාගෙන කුස්සියට ආවා.
"මට දොදොල් කෑල්ලක් දෙන්නකෝ"
ආග්‍රයා ඇහුවේ වහලා තිබ්බ මුට්ටි වලට එබෙන ගමන්.මම පත්තරේකින් වහලා තිබ්බ දොදොල් කෑලි වලින් එකක් උගෙ කට ළඟට ලං කරා.මගෙ අත දිහා නුහුරට බලලා ඌ කෑල්ලක් කෑවේ බෙල්ලත් හරවලා.තොල් දෙකේ තෙල් ගෑවිලා ආග්‍රව දකිද්දි මට නිකන් මොකක්ද වුනා.ඌ මොකුත් නොදන්න එළ හරකා වගේ තොල් පෙති දෙකත් ලෙවකනවා.තව කෑල්ලක් කන්න ඌ කට අරිද්දි දොදොල් කෑල්ලම කටේ ඔබලා මං අනෙක් පැත්ත හැරුනා.
"ආව්ව්ව් මෝමයා මො.ක..ඩ්ඩ කරන්නේ"
ඌ එක අතකින් කටත් අල්ලන් අනෙක් අතෙන් කොල්ලවත් අල්ලන් කෑ ගහනවා.උබනෙ මෙතන අනව්ශ්‍ය වැඩ කරේ.චූටි එකා ආග්‍රයා කෑ ගහන දිහා ඇස් බෝල කරන් බලන් ඉන්නවා.අප්පත් එකයි පුතත් එකයි.ඇස් දෙක බෝල කරන් බලන් ඉන්නවා.මං ආග්‍ර ගාවට ගිහින් වට පිට බලලා උගෙ තොල උඩින් දිව ඇඳන් ගියා.
දැන් ඉන්නවා නිකන් මොකක්ද එකක් ගිල්ල මොකක්ද එකා වගේ.

ආග්‍රWhere stories live. Discover now