මං වලව්වට යද්දි ආග්ර හිටියේ ඉස්තෝප්පුවෙ පුටුවෙ ඉඳගෙන.ඌ සුදු අක්කගෙ බඩට කන තියාගෙන ඉන්නවා.ඇති යන්තම්.මං බය වුනා උට කරදරයක්ද කියලා.දුවන් ආවා කියලා නොපෙන්නෙන්න විනාඩි පහක් විතර පාරට වෙලා ඉඳලා මං වලව්වෙ ගේට්ටුවෙන් ඇතුළට පැන්නා.
"කේත්.අද කලින් වගේ.ඔයාලගෙ සර් ඉස්කෝලෙ එවන්නත් බැරි වුනා අනේ.අද ක්ලිනික් ගියානේ"
සුදු අක්කා කීවේ ආග්රගෙ ඔලුවත් අතගාලා.මට දැනුනෙ මගෙ උගුර හිර වෙන සීන් එකක්.ඒක අවුලක් නෑ.කොහොමත් උන් දෙන්නා බැඳපු උන් නේ.පෑරෙන තුවාලෙට මං ප්ලාස්ටර් ගැහුවෙ එහෙම හිතලා.ඇයි එහෙම හිතෙන්නෙ කියලවත් මට තේරුනේ නැහැ.හැබැයි ආග්රවත් අරන් කවුරුත් නැති තැනක් හැංගෙන්න තිබ්බ නම් හොඳයි කියලත් මට හිතුනා.මං ආග්ර දිහා බලද්දි ඌ නිකමටවත් මං දිහා බැලුවේ.උගෙ සිහිය තිබ්බෙ සුදු අක්කා ගාව.එක අතකට ඌ තාත්තා කෙනෙක්.මට දැනුනෙ මාව තුන්වෙනි පාර්ෂවේ වගේ.එහෙම හිතුනෙ ඇයිද කියලා මට තේරුනේ නෑ.ඒත් මොකක්දෝ නුහුරු හැඟීමක් දැනුනෙ.
මං විනාඩියක් දෙකක් බලන් හිටියෙ උගෙ ඇස් මා දිහා බලයි කියලා.ඊයෙ වගේ උගෙ ඇස් මට ලෙංගතු වෙයි කියලා.ඒත් උගෙ හුස්මක් වත් මට දැනුනෙ නෑ.මං අක්කට හිනාවක් දාලා කුස්සිය පැත්තට ආවා.හරි නම් ආග්රයා අද මට ක්ලාස් කරන දවස.මං රෙදි ටිකත් උස්සන් ඔයට දිව්වෙ පුළුවන් තරං ඉක්මනට එන්න.අඩුම වැඩිපුර විනාඩියක් ඌ එක්ක හිටියනම් ඇතියි කියලා මට හිතුනේ.භාගෙට සබනුත් උලාගෙන මං වලව්වට දුවද්දි ලොකු මැණිකෙ සුදු ඔසරියත් ඇඳගෙන එළියට බැහැලා.සුදු අක්කත් මල් වට්ටිය අරන් එහෙ මෙහෙ කැරකෙනවා.මාව දැකලා එයා හිනාවක් දැම්මා.
"යන්නෙ නෑ?හවස් වෙන්න කිට්ටුයි"
"ඔව් අනේ.කෝ මේ ආග්ර තාම නැනේ.අනේ කේත් ඇතුළට ගිහින් කතා කරන්නකෝ"
මං හා කියලා ඇතුළට ආවා.එතකොටයි මට මීටර් වුනේ.ආග්ර.උට කතා කරන්න කීවා.ඌ යනවද.මං දොර රෙද්ද මෑත් කරද්දි ආග්රයා ආවා සුදු ඇඳුමකුත් දාගෙන.ඌ මා දිහාවත් නොබලා ඉස්සරහා දොරෙන් එළියට ගියා. මං හිතුවා වෙනදා වගේ ඌ ගෙදර නතර වේවි කියලා.මටත් වඩා ආසවෙන් ඌ උගන්නයි කියලා.වෙනද වගේ බැනලා මට කියලා දෙයි කියලා.මං බලද්දි ආග්ර ගෙට්ටුවෙනුත් ඈතට හුඟක් දුර ගිහින්.මොකක්ද වුනේ කියලා මට තේරුමක් තිබ්බෙ නෑ.ඊයෙ වෙච්ච දේ හින්දද ඌ මගෙන් ඈතට යන්නෙ.උට ලැජ්ජයිද.දන්නවනම් උබව ගෙට ගන්නෙ නැ.ඒත් මට දැනුනෙ පපුව කාරං යනව වගේ.ඌ යනකං ඉදල මං ආග්රගෙ කාමරේට ගියා.වෙනදා වගේ නෙවෙයි පාඩමට ඕනි පොත් ටිකවත් මේසෙට අරන් නැ.මං පැයක් විතර උගෙ කාමරෙට වෙලා ඉන්නැති.ඌ ආයෙ එන පාටක් නැති හින්ද අම්මටත් කියලා මං ගෙදර ගියා.වෙනදා වගෙ නෙවෙයි ඔලුව යකාගෙ කම්මල වගේ.පොත ඔහෙ බලන් හිටියට මෙලෝ දෙයක් ඔලුවට ගියෙ නැ.ආග්රයා ගැනමයි ඔලුවට ආවේ.ඌ නටන නාඩගම ගැන මේලො හසරක් මට තේරුනෙ නැ.
පහුවදා මං වලව්වට යද්දි ආග්රයා පේන මානෙකවත් හිටියෙ නැ.මට ඌ ගැන හොයන්න හිතුනෙත් නෑ.හොඳට හිතලා බැලුවොත් මොන වගෙ හැඟීමක්ද මට ඌ ගැන තිබ්බෙ.ඒකවත් මගෙ ඔලුවට ආවේ නෑ.තවත් ඌ අස්සෙ රැඳුනොත් මට මාවත් නැති වෙන සීන් එකක් තිබ්බේ.සුදු අක්කා ඉන්නව උට.මීට පස්සෙ ඌ මා ගාවට එන එකක් නෑ.මං හිතුවෙ ලෙලි ගහපු පොල් ගෙඩිය අතෙන් සුද්ද කරන ගමන්.
මං පොලෙත් අරන් ගෙට යද්දි ආග්ර හිටියෙ කුස්සියේ.ඌ අම්මා එක්ක කතාවක්.මං වැඩිය හිතුවෙ නෑ.පොලෙ බිඳලා වතුර ටික කටට හලාගෙන මං පොලෙ ගාන්න ගත්තා.ඌ දෙක්ක දොඩමලු වෙන්න වෙන්න උටම ඇලෙන එකයි වෙන්නෙ.ඒක තමයි ඌත් මාව මඟාරින්න ඇත්තෙ.මගෙ හිතෙ තියෙන අමුතු හැඟීම උටත් තේරුනාවත්ද.ඕන රෙද්දක්.කොහොමත් ආයෙ ලං වෙන්නෙ නෑ.මං පොල් ගෙඩිය අරන් සද්දෙට ගෑවේ ඌ ඉන්නවා කියන එක අමතක වෙන්න.ඌ කොයි වෙලේ ගියාද දැක්කෙ නැ.පොල් ගෙඩියම ගාලා ඔලුව උස්සද්දි ආග්ර කුස්සියෙ හිටියෙත් නෑ.මං පොල් කට්ට දිහා ඔහෙ බලන් හිටියා.මට හිතුනෙ මමත් ඒ පොල් කට්ට වගෙ කියලා.මෙලෝ රහක් නෑ.
"ඈ බං.මොකෝ පොල් කට්ට දිහා බලන් භාවනා කොරනවද?"
"ඔව්.මෙ අනිත්ය මෙනෙහි කරනවා."
මං කීවේ අම්මා දිහා බැරෑරුම්ව බලලා.අම්මා මට දැම්මෙ කින්ඩි හිනාවක්.
"අනේ උබේ අනිත්ය.මේ ඕං ඔය මිදුල පොඩ්ඩක් පිහලා දාලා ගෙදෙට්ට පලයං.ගිහින් තියෙන වැඩක් කොරපං"
අම්මා කීවේ හිරමණෙ උඩ තිබ්බ පොල් ටිකත් අරන්.මිදුලෙ කියලා අමුතුවෙන් පිහින්න දෙයක් නැ.දවසට දෙපාරක් වත් කොහොමත් ඕක අතුගෑවෙනවා.තිබ්බ කොළ ටික ඇහිදලා දාලා මං කැලේ අස්සට රිංගගත්තා.ඉස්සර වගේ නෙවෙයි ගල ගාවත් පාලුයි වගෙ.ගලේ අවුලක්ද නැත්තම් හිතෙ අවුලක්ද කියලා මට මීටර් වුනේ නෑ.මං එතන වාඩි වෙලා පැයක් දෙකක් ඉන්නැති.සීතල හුළඟ ළාවට බාපු මීදුම,බැහැගෙන යන ඉර එළිය,ඈතට පේන කඳුයාය,මමත් ඉන්නවා.ඒත් ආග්ර,උබ විතරයි මෙතනට අඩු.මගෙ හිත කීවේ එහෙමමයි.හවස් වෙද්දි වලව්වට නොයා මං කෙලින්ම ගෙදර ගියා.නොදන්න තුවාලයක් පෑරෙන එකයි වෙන්නෙ ඔහෙ ගියොත්.ආග්ර වුනත් එක විදිහක් නේ.මං උට හිතෙන් දොස් තියතිය පහුවදා ක්ලාස් ගියා.වෙනදා වගෙ නෙවෙයි දවස් ගෙවිලා ගියේ ඔනෑවට එපාවට.මගෙ හිතත් බරයි වගේ.ඉස්සර වගේ ආග්ර එක්ක ඕනෙවට වඩා ඇයි හොදහියක් තියාගත්තෙ නැහැ මං.බොළඳයි තමා.ඒත් බුබුල දාන හැඟීම් ගැන මට නිච්චියක් නැහැ.ඈත් වෙන එකයි නුවණට හුරු කියලයි මගෙ හිත කීවෙ.වෙන ලබ්බක් වෙන්න මම ඌව මඟ නොහැර මඟ හැරියා.ඌත් මා ගැන විදේෂ සැලකිල්ලක් තිබ්බෙ බෑ.පහු වුන සතියෙ ඉඳන් ආයෙත් ඉගැන්නුවාට වෙනදා වගේ මම ඌ එක්ක විහිලු කරෙ නැහැ.පාඩුවෙ කියලා දෙන දේ ඔලුවට දාගෙන මං එතනින් කැපුනා.ආග්ර අං දිහා බැලුවත් නොදන්න හැඟීමක් මං ඌ දිහා බලන එකෙන් නැවැත්තුවා.ඒක මොන වගේද කියලා දැනුනෙ නැහැ.ඒත් මොකුත්ම නැතුව ඉන්නවට වඩා හිතුනෙ එහෙම හරි ඉන්න එක හොඳයි කියලයි.
කිහිපවතාවක්ම හිතුනත් ඉස්සර වගේ උන්නනම් හොඳයි කියලා මගෙ ඇට්ටර හිත ඒක අහන්න සූදානම් වුනෙ නෑ.එක අතකට ඇට්ටර කමක් වුනාට අනෙක් අතට ඌ බලාපොරොත්තු වෙන්නෙ ඒක නෙමෙයිද.වලව්වට ගියත් වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න මං පුරුදු වුනා.
සුදු අක්කගෙ බංඩිය පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට එද්දි ආග්ර අඩියෙන් අඩිය මගෙන් ඈත් වුනා.ඒක ලැබීමද?නොලැබීමද?මං අතරමං වුනෙ උත්තර නැති ප්රශ්නයක් අස්සෙ.
------------------------------------------------------------------------------
"අනෙ මේ හුත්තක් කතා කරන්න එපා පකෝ.උබ යනවා එච්චරයි "
"කියන එක අහපංකො ආනා"
"අහන්නෑ පුලුවන් දෙයක් කරපං"
"උබලා එක්ක බෑ බං"
"අනේ මෙ.උබෙ බෑව ගහගනින් පුකේ.කතා දෙකක් නෑ.හෙට උදෙ උබ එනවා එච්චරයි.ආවෙ නැත්තන් ආනා මළා කියලා හිතාගනිම්.හුත්තා"
ආනා මට ඇඟිල්ලත් දික් කරලා යන්න ගියා.වුන් හදන්නෙ කොහොම හරි අතෙන් සල්ලි දාලා මාව ට්රිප් එක අරන් යන්න.දෙදාහක් උන්ට ගේමක් නෑ හරි.එත් මගෙ හිතට මොකක්ද වගේ.එහෙම වුන්ගෙන් ගන්න එක.වෙනදා රෝල අඹරන්න හැදුවට ආනා මටත් කලින් සල්ලි දීලා.මුන් ඒසි කරපු දාර සයිස් බස් වල යන හින්දා ට්රිප් එකක් යන්න සැළකිය යුතු ගානක් යනවා.මට නම් මාසෙට අතට හම්බෙන ගානම වගේ යනවා.
"යමං බං.ආනා ආසාවෙන් උන්නෙ සෙට් එකම යන්න.ඔන්න ඔහෙ යමං"
ජින්න කීවේ මගෙ උරහිසටත් අතක් තියලා.ගෙදර යනකන් හිතුවෙ අම්මට කියන්නෙ මොකක්ද කියලා.අරූ ගෙව්වා කීවොත් ශුවර් එකටම අම්මට අවුල යනවා.කියන්න දෙයක් හිතාගන්න බැරුව වැව් ඉවුර දිගෙ යද්දි ආග්රගේ කර් එක මාව පහු කරගෙන ඉස්සරහට ගියා.
ඒක දැක්ක වෙලේ ඉඳන් මගෙ ඔලුවෙ ආයෙ වැඩ කරේ ආග්රයාව.ඌත් එක වෙලාවකට වාතයක් වෙනවා.වලව්වට ගිහින් මං කුස්සියට එබෙද්දි අම්මා වංගෙඩියෙ දාලා මොනවා හරි කොටනවා.
"මොනවද?"
"හාල් ටිකක් වේල ගත්තා.අග්ගලයක් වත් හදාගන්න කියලා."
"මෙහෙටද"
"ඔහෙ නෑ.ගෙදර ඉතුරු වුන බත් ඩිංග මේ."
"දැක්කොත් කෑ ගහයි වංගෙඩියෙ කොටනවා කියලා"
"මේක මේ අහක දාපු එක."
මං බෑග් එක හිරමණෙ උඩින් තියලා බංකුවෙ වාඩි වුනා.
"ඒක නෙමේ ඉස්කෝලෙන් ට්රිප් එකක් යනවා"
මං කීවේ නියපොත්ත කාගෙන.
"ඒ කීවේ මොකක්ද බං"
"අධ්යාපන චාරිකාවක් යනවා"
"ඈ බං.ඒ මොකක්ද."
"එහෙම ඒවා තියෙනවා.ඉස්කෝලෙන් එක්කන් යන්නේ"
"උබත් යනවද"
"යන්න කියලා බැලුවේ.හෙට.නිකන් එක්කන් යන්නේ.ඒ නිසා ගිහින් එනවා"
"හපෙ අප්පෙ පුදුමයි නොවැ.උබලයැ ලොකු ඉස්කෝලේන් නිකන් එක්කන් යනවැ කීවාම"
"එහෙම තමා"
"එහෙනම් මේ අග්ගලා ටිකත් ඔතන් පලයං.යාලුවො එක්ක කන්ඩ බැරියැ"
අම්මා කීවේ කට පුරා හිනා වෙලා.මං ඔලුව වනලා අත කටේ ගහගත්තා.එක අතකට කරුමයක් තමා.බිම බලාගෙන හිටියෙ මං ඇස් අස්සෙ කැරකෙන කඳුලු හංගන්න.අම්මා හිනාවෙද්දි මට දැනෙන්නෙ පපුව පැලෙනවා වගේ.ඇති දෙයියෝ එහෙම හරි හිනා වෙන එක.මං ලොකු වුනාම හරි පරිස්සමෙන් බලාගන්නම් උබව............!

YOU ARE READING
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....