35.

3.3K 523 77
                                    

"හුප්තො.මෙහෙන් වරෙං"
ආනා මාවත් ඇඳන් උන්ගෙ කාමරේට රිංගුවා.උන්ගෙ ගෙදර ටියුෂන් ක්ලාස් එක වගේ කොල්ලො රොත්තයි.
"වලා ඕක දාපං බලන්න.ටහුඩු මේ හුත්තා මේවත් ගානවද.මචං බයියා මේ බලහංකෝ"
ජින්නා කියන්නේ ආනාගෙ සෙන්ට් බෝතලේ ඇගේ ගහගන්න ගමන්.
"තො ඕක ගහගනිං පුකේ.ළඟින් යන්න බෑනෙ පඩත්තරයගේ"
ආනා මැද ඇගිල්ල දික් කරලා මාවත් ඇඳන් බැල්කනියට ආවා
"දැන් කියපං.මොකෝ උබේ මූඩ් එක අවුල්.යම්කිසි දෙයක් වෙන හැඩයි"
"පිස්සු එහෙම රෙද්දක් නෑ"
"තෝ කොලේ වහපං ගිහින් අපේ ආච්චිට.මොකෝ වලව්වෙන් කේස්ද.නැත්තම් ගෙදර මොකක් හරි අවුලක්ද."
ආනා ඇහුවේ හෙන සීරියස් මූඩ් එකේ.උට කියන්නද?ඉස්කෝලේ සර් ගැන අමුතු ෆීලින් එකක් එනවා කියලා.නැත්තම් උගෙයි ගෑණිගෙයි ප්‍රශ්න වලට මං හොම්බ දාගෙන හෙනට හිත රිද්දවගන්නවා කියලා.මං මොකුත් නොකියා වැටට හේත්තු වෙලා ඈත දිහා බැලුවා.මුන්ගෙ ගෙදරට පෙනුනෙ අමුතු වීව් එකක්.ටවුන් එකේම උඩ හරියෙ තමා උන්ගෙ ගෙවල්.ටවුමෙ එක පැත්තක ලොකු බිල්ඩින් දෙකට මැදින් බෙදලා වගේ අනික් පැත්තෙ එහෙං පිටින්ම කෑලෑව.හැබැයි ටිකක් කලබල සීන් එකක් තියෙයි.වැව් බැම්ම තරම් සුපිරි නෑ ඔය එක තැනැක්වත්.ආනාගෙ ප්‍රශ්නෙට උත්තරේ මඟැරලා කැපෙන්නයි මට ඕනි වුනේ.වෙලාවට වගේ ආනාගෙ අම්මා උඩට ආවේ ආග්‍ර පල්ලෙ බලන් ඉන්නවා කියාගෙන.ඒක හින්දා මේ වෙලාවට මන් උගෙන් ශේප් වුනා.හැබැයි ඌ ආයෙ ඕක කොයි වෙලේ හරි ඇඳලා ගන්නවා.එතකොට කියන්න මොකක් හරි පදයක් අඹරවලා තියාගන්න ඕනෙ.එහෙම හිතාගෙන මං ගිහින් උන්ගෙ මේසෙන් වාඩි වුනා.බොරු කියන්න ඕනි නෑනෙ.මුං සිරාවටම යමක් කමක් තියෙන උන්.හිතපංකො ගෙදරකට එක පාර කොල්ලො විස්සක් තිහක් විතර බස්සගෙන උගන්නන පුළුවන් කෑම මේසයක් තියෙන්නේ.ආග්‍රයාව මැඳට සෙට් කරලා අපේ වුන් වටේට වාඩි වුනා.උට පිටිපස්සෙන් ආනා වයිට් බෝඩ් එකක් සෙට් කරලා.ආග්‍රට කොහොමත් පුකෙ අමාරුවක් තියෙයි.උගන්නද්දි ඉඳන් හිටියොත් උගෙ පුක දනවද කොහෙද.ඌ හිටගෙනමයි ඉන්නේ.
කොහොමත් ආග්‍ර වැඩේ පටන් ගත්තෙ හෙන පිළිවෙළට.ඌ හදපු පේපර්ස්,ප්‍රශ්න ඔක්කොම පොර ගාව තිබ්බා.පළවෙනි පාඩමේ ඉඳන් ප්‍රශ්න හදලා ඒවා කරන් ගියපු එක තමයි ඌ කරේ.එකොළහ වගේ වෙද්දි අමතක වුන තැන් සෑහෙන්න අපිට කවර්.පාඩම් කරද්දි මිස් වෙන පොඩි පොයින්ට්ස් එහෙම ඌ ගානට නෝට් කරලා.විභාගෙට කලින් මෙ වගෙ දවස් තුනැක් හතරක් සෙට් කරන් ඇද්දනම් විශේෂ පාඩම් කිරීමක් කරන්න ඕනි නැහැ.
අපි ඔක්කොටම කන්න ආනාගෙ අම්මා උයලා තිබ්බා.ෆ්‍රයිඩ් රයිස් හදලා චිකන් ඩෙවල් දාලා චිලි පේස්ට් එක්ක පරිප්පුයි කට්ලටුයි.මුන්ට හෙන ගානක් යන්න ඇති හැබැයි.
ඉවර වෙද්දි ආග්‍රට කට්ටිය කතා වෙලා ගානක් දෙන්න හැදුවත් ඌ ඒක පිළිගත්තෙ නෑ.සෑහෙන වෙලාවක් ඇදලා අන්තිමට අපේ වුන් මිස් වෙච්ච දේවල් වලින් ඔලුව පුරවං යද්දි ආග්‍ර හිස් අතින් ගෙදර ආවා.හැබැයි උගෙ හිතේ සතුට ඇති ඊට වඩා උඩින්.ඌට පුලුවන් ඒ වගේ පොඩි දේකෙන් සතුටු වෙන්නත්.

ආග්‍රWhere stories live. Discover now