පහුවද ස්කෝලෙ වෙනුවට මට යන්න වුනේ වලව්වට.සුදු අක්කලාගෙ ගෙදරින් එන නිසා මං උදෙන්ම වලව්වට ගියා.මං යද්දි එක යුද්ධයයි.අම්ම නම් කුකුළත් කරෙ තියන්ම ගිහින් එහෙ වැඩ.කිරිබත් හදලා තිබ්බා.අරවා මේවා ගොඩයි.මං ගිහින් අස් පස් කරලා දාලා දැම්මා.විශේෂ දෙයක් කියලා නෑ.ඉස්කෝලෙට පැනගන්න තිබ්බා අපරාදේ.මං ඉදලත් අරන් ඉස්සරහා ඉස්තෝප්පුවෙන් වාඩි වුනා.සිරිල් අත්තා සුදු මල් වට්ටියක් කඩන් කැලෙන් මතු වුනේ ඒ වෙලාවේ.
"අහ් කොලුවෝ.මේක තියාපං ඇතුළෙන්.මං කඩේට ගිහින් එනකන්"
එළියෙ වතුර ටැප් එකෙන් පැන් ටිකක් ඉහගෙන මං මල් වට්ටියත් අරන් ගේ ඇතුළට ගියා.වලව්වෙ සාලෙට ආපු පළවෙනි වතාව.අමුතු ලුක් එකක් තිබ්බේ.සුදු බිත්ති අස්සෙ පරණ කවිච්චි,සේප්පු,කන්නාඩි,සාලෙට ගෙනාවේ අමුතු හැඩයක්.සුදු පාට උස බිත්ති මැද තද දුඹුරු පාට දිලිහෙන බඩු මුට්ටු විනිවිද පේන තිර රෙදි අස්සෙන් ගේ ඇතුළට වැටෙන ළා ඉර එළිය ගේ ඇතුළට ගේනාවෙ ගුප්ත ඒත් අමුතු ලස්සනක්.ගෙදර එවුන් ඇවිළිලා හිටියට මොකද ගේ ඇතුළෙ තිබ්බෙ නිහඬ බවක්.කළුවර ලීයෙන් කරලා තිබ්බ බුදු මැඳුරේ මං හෙමීට ගිහින් මල් වට්ටිය තිබ්බා.වෙනදට මල් කඩන්නෙ ආග්‍ර.අද මිනිහා මිසිං.කසාදේ කතා කරද්දි ඌ නෙමෙයිද කලින්ම නැඟිටින්න ඕනෙ.ආග්‍රගේ කාමරේ වෙනදට උදෙන්ම ඇරෙන ජනෙලුත් අද වහලා.මිනිහට ලැජ්ජාවද කොහෙද.මං ෂේප් එකේ දොර රෙද්ද මෑත් කරේ පොර කාමරේද බලන්න.දොර වහලා.යන්න හැරෙද්දිම ඇතුළෙන් ලොක් එක කැරකෙන සද්දෙ ඇහුනා.මං සිං සිං ගාලා බුදු මැදුරෙ තිබ්බ මල් වට්ටිය අල්ල ගත්තා.මං දන්නෑ වගේ ඒක තියලා හැරිලා යන්න හැදුවේ.
"මල් කැඩුවේ කවුද"
"සිරිල් අත්තා"
ආග්‍ර හුස්මක් අතැරලා නහයෙන් පල්ලට බැස්ස කන්නාඩි දෙක උඩට කරගත්තා.දුඹුරු වගේ කලිසමට සුදු අත් දිග ෂර්ට් එකක් ඇඳලා.උගෙ තිබ්බේ අමුතු එළියක්.මනාවට කොන්ඩේ පීරලා.උගෙ ජීවිතෙ ලස්සනම දවස් වලින් එකක්.සල්ලි,ලස්සන,ගෙවල්,වාහන,හොඳ රස්සාවක්,උගත් කම, දැන් හොඳ නෝනා කෙනෙක්.උගෙ ජීවිතේ සම්පූර්ණයි නේද.සර්ව පේන්න බැරි වුනාට මොකද මට දැනුනෙ උගෙ ජීවිතෙ ගැන සතුටක්.අපිට නැතුවට මොකෝ උට හරි තියෙනවනේ.මං එහෙම්ම ඉස්තෝප්පුවේ තිබ්බ ඉඳලත් අරන් යන්න ගියා.
VOCÊ ESTÁ LENDO
ආග්‍ර
Romance"ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....