හැමදේම හොඳින් සිද්ධ වෙලා මාසයයි.උදේ පන්දර වලව්ව ගිනි අරන්.මොකක්ද වෙලා තියෙන්නේ.විජේසුන්දර වලව්වේ පොඩි මහත්තයාගෙ නෝනා ආගිය අතක් නෑ.
ඉඳපන් හරියට කීවොත් හොර මනමාලයා එක්ක පැනලා ගිහින්.
දික්කසාද කොළේ තිබ්බෙ වලව්වෙ මහ විසාල කළුවර මේසේ උඩ.වලව්වෙ ලොකු හාමුගෙ ඇස් ගොරකා මද වගේ."පට්ට වේසි.කොහොමද හිටියේ දෙකට ගනින්න බෑ වගේ.කෙරුවාව මුන්ගේ.අපේ මූනේ දැලි ගෑවා.සනුහරේම මකවනවා ඕකුන්ගේ.බලපං ඉහ ගහන් ඉන්නෙ කොහොමද ගමේ.පද්දොන්ගෙ කන් වලට මී පැණි හලනවා වගෙ ඇති"
සෙනසුරාදා උදේ වලව්වට යද්දි දැක්කේ කුස්සිය මුල්ලට වෙලා ඉන්න අම්මව.
"අම්මෙ මොකද මෙ""හත්දෙයියනේ.තෝ මොකද ආවෙ පලයං ආපහු..."
"ඇයි මොකක්ද වෙලා තියෙන්නේ"
"සද්දෙ වහපං මගෙ කොල්ලෝ.සුදු කෙලී ආගිය අතක් නෑ.කැකුළු කොල්ලත් එ...""කවුද කිව්වෙ කොහොමද හරියටම දන්නේ"
"කොළ කෑල්ලක් දාලා ගිහින් සුදු මහත්තයාට"මට දැනුනේ බඩබොකුත් එක්ක ඇබරෙනවා වගේ.පිස්සු.සුදු අක්කා කොහොමද එච්චර අවධානමක් ගන්නේ.වලව්වෙ මහ වුන් කෑලි කරයි ඒකිව.මොන අස්සකින් හරි හොයාගනී.පිස්සු හුත්ත.බොරු වෙන්නැති.මං කෑම මේසෙ ගාවින් ඉස්සරහට යද්දි ලොකු හාමු මං දිහා බැලුවේ සතෙක් දිහා බලන ගානට.
"මෙහෙ වරෙං උබ.ගිහින් වහලා දාපං අර මහ ගේට්ටුව.පොන්න හැතිකරේ ඒයි අර මහ වේසිගෙ කැරැට්ටුව උගන්නන්න.ගිනි තියනවා ඔක්කොම එකට තියලා හිටපං ඕකිට"
"අ..අප්පච්චි.කලබල නොකර බල්...."
"කට වහපං තෝ.තොට බැරි වුනාද මිනිහෝ තොගෙ ගෑණිව පිට නොයා තියාගන්න.පොඩි කාලේ ඉඳන් තියෙන තොගෙ ඔය පොන්න ගති හින්දා තමයි උබට ගෑණිත් ඇරලා ගියේ.මිනිහෙක් වගේ කතා කරන්නෑ.මහත්තුරු වෙන්න යනවා.වරෙං යන්න වෙද ගෙදර.ඉඳපං මං අද මේ දෙකෙන් එකක් බේරගන්න."
වලව්වෙ හාමු නැඟිට්ටේ කාමරේ තිබ්බ පිස්තෝලේත් අරන්.විභාවි දොර රෙද්ද අස්සෙ ඉඳන් ඉකිගහනවා.ආග්ර බිම දිගෙ ගිහින් කකුළෙ එල්ලුනේ ලොකු හාමුගේ.

ВЫ ЧИТАЕТЕ
ආග්ර
Любовные романы"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....