කුලෙන් මලෙන් ඔලුව උදුම්මගත්ත නැති එකෙක්ට ගමටම හිටියෙ බෝ ගහ ගාව ගෙදර වෙද මහත්තයා විතරයි.එක වගේ වුන් හම්බවෙනව කියලා කතාවක් තියෙයි.ඒ වගේ වෙද මහත්තයගෙ මනුස්සකමට යසට කැපෙන නෝනෙක් වෙදමහත්තයට හිටියා.ඒ දෙන්නටම හිටියෙ එක දුවයි.ආශා අක්කා.නැත්තම් සුදු අක්කා.ගමෙ වුන් ඔක්කොම වගේ අක්කට කීවේ සුදු අක්කා.අවුරුදු දහ අටටම මගෙ හිත ගිය එකම කෙල්ල වුනෙත් ඒකි විතරයි.රත්තරන් පාට හමයි,දණහිස ගාවට විතර එනකන් එක කරලට ගොතපු කොණ්ඩෙ හිනාවෙද්දි ගැස්සෙන ඇස්,කෑළෙට පායපු හඳක් වගේ ලස්සනයි.ඒත් ගොඩක් කතා වල වගේ අවුරුදු ගානක ඉඳන් මගෙ හිතේ තිබ්බේ අප්රකාශිත එක පාර්ශ්වික ප්රේමයක්.සුදු අක්කව අවුරුදු ගානකට කලින් ඉඳන්ම ආග්ර කාරයට තීන්දු කරලා තිබ්බේ.වලව්වෙ බැල මෙහෙවර කම් කරන මට වඩා වලව්වෙ පොඩි මහත්තයාට දුවව දෙන්න වෙද මහත්තයා වුනත් අකමැති වෙන එකක් නෑ.ඒ හින්දා ඒක මගෙ හිතෙන් තියන් තනියම විඳගත්ත ප්රේමයක්.තනියම සුවඳ විඳපු ප්රේමයක්.හොරෙන් ආදරේ දිහා බලලා හිත නිවාගත්තු ප්රේමයක්.
කුස්සියෙ ගැට්ටට වෙලා ලොකු මැණිකෙ එක්ක කයිය ගහන කොට හිනාවෙන ගැස්සෙන සුදු අක්කගෙ ඇස් දිහා මං බලන් හිටියෙ ආසවෙන්.ඇගෙ තිබ්බ මහන්සිය කොහෙන් ගියාද නෑ.
මං හෙමින් සැරෙ උගුර පාදලා ලොකු මැණිකෙට කතා කරා.
"මං යන්න කියලා"
"හ්ම් හ්ම් හ්ම් පලයං."
"අහ් මල්ලි.කහට එකක්වත් බීලා යන්න කොල්ලො.දවල් ඉඳන් මහන්සියනේ"
සුදු අක්කා මං දිහා බලාගෙන හිනා වෙවී කියද්දි ලොකු මැණිකෙගෙ මූණ කජු ලෙල්ල වගෙ ඇඳ වුනා.
"එපා.යන්න ඕනෙ"
"මුංගෙ ඉහ ඉදිමිලා සුදු කෙල්ලේ.පෙනේද.වලව්වෙ එකෙක් කහට බොන්නැයි කීවහම එපා කියන්නෙ මොකාද.දැං පලයං තව බලන් ඉන්නෙ.ආන් උබේ මහ එකී උබ එනකන් ඉන්නවා ඉස්සරහා"
මං මොකුත් නොකියා හැරිලා ආවා.මගෙ හිත තිබ්බෙ බර වෙලා.අවුරුදු ගානක් අම්මා කොහොමද මේවා ඉවසුවේ.
මං කලිසං සාක්කුවෙ තිබ්බ ඇඹිල්ල ගෙඩි අහුරක් කටේ ඔබාගෙන ඉස්සරහා දොර පැත්තට ආවා.ආග්රගෙ කාමරෙ කහ එළිය එදා වගේම මිදුලට වැටිලා.මං කාමරෙ දිහා නොබලා එන්න ආවා.මං එද්දි අම්මා ගේ ඉස්සරහා තියෙන කොට කෑල්ල උඩ ඉඳගෙන ඉන්නවා.
YOU ARE READING
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....