29.

3.5K 538 158
                                    

ආග්‍ර අතේ තේක තියලා මං එළියට ආවා.ඌත් මා එක්කම ඇවිත් පේමන්ට් එකේ තිබ්බ බංකුවෙන් ඉඳගත්තා.ෂර්ට් එක ගලවලා කොටයක් උඩට දාලා මං පොරව ගත්තෙ දර ටික පලන්න.ආග්‍රයා තේක තොල ගගා ඈත කැළේ පැත්තට ඇහැ දාගෙන ඉන්නවා.වෙලාවකට උගෙ කට කොනෙන් ලාවට හිනා වෙනවා.හරියට ඌ කවුරු හරි කියන දේකට හිනා වෙනවා වගේ.එහෙම වෙලාවට ඌ මං දිහා බලනවා.උගෙ ඇස් දිස්නේ දෙනවා.පොඩි තරු කැට වගේ.පැය භාගයක් යද්දි දර ටික පලලා මං ඒක දර ගෙයි අස්සට එබුවා.දිරපු කොට හින්දා පට පට ගාලා ඇඳලා දැම්මහැකි.

මං ඒ වැඩේ ඉවර වෙද්දිත් තේක උගෙ අතේමයි.
"ඇයි රහ නැද්ද"?
"අහ්..එහෙම් නෙමේ.බොන්නම්"
පොර එහෙම කියලා කෝප්පෙම එක හුස්මට ඉවර කරා.
"කේත්"
"ම්ම්ම්ම්ම්"
"මං එක්ක තව ටිකක් හවස් වෙලා ගමනක් යන්ද"
"කොහෙද?"
"යමුද?"
"හා හා යමං."
මං ෂර්ට් එකත් කරෙන් දාගෙන ඌ ගාවට ආවා.
"කොහෙද දැන් සුදු මහත්තයාට යන්න ඕනේ"
මං ඇහුවෙ යෝධයා වගේ ආග්‍රයා ඉස්සරහා හිටගෙන.උබලට කියන්න යකෝ ඒ වගේ පොඩ්ඩක් අවුස්සලා ගන්න ආතල් එක ලොවෙත් ගන්න බෑ.ආග්‍රයා නිකන් ෆුන් අන්දොස්.ඌ පට පටගාලා එහෙ මෙහෙ බල බල..අප්පෙ උටත් හෙන දේවල් තියෙයි බලන්න.
"මේ ... ඔයා පැයකින් විතර එන්නකෝ.කෝ එහාට.නාගන්න ඕනේ"
ආග්‍ර හැදුවෙ ෂේප් එකේ ලිස්සලා යන්න.එහෙම පුලුවන්ද කියපංකො,අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනේ.මං ඌට යන්න බැරි වෙන්න ඌව දොරයි මායි අතරෙ තියාගත්තා.මොකෙක් හරි ආවත් පේන්නෑ දොර වහලා.ආග්‍රයාට ඉතිම් හෙනට බලන්න දේවල්.ඌ පියාඹන කපුටො ගානත් ගනිනවද කොහෙද.
මං ෂේප් එකේ උගෙ කම්මුලක් හෙමීට අතගෑවා.ඌ එපා කියන්නෙ නැහැ.මට විරුද්ධ වෙන්නෙ නැහැ.ගහලා දාලා පැනලා යන්නෙ නැහැ.එහෙ මෙහෙ බල බල හරි ඌ මං ගාව ඉන්නවා.ආග්‍රයා කන් එහෙම නිකන් රෝස වෙලා.ඒවා දැක්කහම මටත් මොකක්ද වගේ.මෙහෙම කරන්නෙ ඇයි දන්නෑ.ඒත් ඒක හරිම ආදරණිය හැඟීමක්.ආග්‍ර,.......
මාව ඈත් කරලා යන්නෙ නැත්තේ උඹ මට ආදරේ හින්දා නේද...අහන්න ඕනෙ වුනත් හිතුනෙ නැහැ.මං උගෙ රැවුල කොට වැවුණු රළු මූන ඇඟිල්ලෙන් අතගෑවා.
"මෙච්චර සුවඳ ගහනකොට මොකටද ආයේ නාන්නේ,ම්ම්ම්ම්ම්...මෙන්න මෙහෙ වරෙං අර ඔයෙ ඔබලා ගන්න"
මං ආග්‍රවත් ඇඳන් පල්ලට ආවේ මගෙ ටවල් එකත් කරේ ගහගෙන.
"කේත්.අත ගන්න.අම්මා හෙව්වොත්"
"මෙන්න මෙහෙ වරෙං බං.උබ පොඩි එකෙක්ද කුක්කු දීලා නලවන්න"
මං ඌවත් ඇදන් ඔය ගාවට ආවා.වෙනදට වතුර පාර ටිකක් සැරයි.
"කේත් මං ඇඳුමක් වත් ගෙනාවෙ නෑ"
"ඇයි හෙලුවෙන්ද ආවේ?"
"ටවල් එක
"මගෙ එකෙන් පිහිමු.හොරි නෑ මට."
මං එහෙම්ම ෂර්ට් එකයි කලිසමයි ගලවලා ජොකා පිටින් වතුරට බැස්සා.ආග්‍රයා තවම ඉන්නවා බලාගෙන.
"එනවකෝ"
ඌ එන පාටක් නැති තැන මං ආයෙ ගොඩට ගිහින් උගෙ කමිස බොත්තම් ටික බුරුල් කරා.
"මං කලිසම පිටින් බහින්නම්"
ආග්‍රයා කියන්නේ කමිසෙ ගලවලා ගලක් උඩට දාලා.
"ඒකරලා?ජොකා පිටින් ගෙදර යන්නද.මෙන්න මෙහෙ එනවා ඕයි.මං තමුසෙගෙ ඇට දෙක ගලවන්නෑ"මං කීවෙ උගෙ කලිසම පල්ලට ඇඳලා.උ එනකන් මං ඔයට බැස්සෙ මොනව උනත් පොරට අපහසු ඇති කියලා.ආග්‍රයත් ටිකක් වෙලා බලලා කකුල හරියෙ තිබ්බ කලිසම කකුලෙන් පන්නලා ජොකා පිටින්ම ඔයට බැස්සා.
මෙහෙමයි,ඌව ඇඳන් ආවේ ඇයිද කියලා මට තේරුනෙත් නැහැ.හැබැයි ඌ එහෙමත් විනාඩියක් ආශා එක්ක ඉන්නවට වඩා මං ගාව ඉන්න එක හොඳට.ආග්‍ර වතුරට බැහැලා ගොඩක් මැදට ආවේ නෑ.ඌ වතුර අතට අරගෙන උගෙ මූණ සෝදගන්නවා
"මෙහෙට එන්න"
"මෙතන හොඳයි"
"කෝ එනවා"මං කීවේ තව ටිකක් ඌ ළඟට ගිහින් මගෙ අත දික් කරලා.ආග්‍ර මගෙ අත ලාවට වගේ අල්ලන් වතුරට පැන්නා.මේ හරියට එන්න ගැඹුර අඩුයි.කකුල් දෙකෙන් හිටගත්තහම පපුවෙන් ටිකක් පහළට වෙන්න වතුර තියෙයි.මං කෝකටත් උගෙ අතෙන් අල්ලගත්තේ වතුර පාර සැර නිසා.
"ඇයි"
"........."
"ඇයි බලන්නේ"
"ඇයි මාවත් ඇඳන් ආවේ?"
"ඇයි එපාද"මං තව ටිකක් ඌ ළඟට ගියා.ගොඩක් ඈතින් තියන්න බයයි.හදිස්සියක් උනොත් ඇස් මානෙ තියාගන්න ඕනේ.
මං තව ටිකක් ඌ ළඟට යද්දි ආග්‍රයාඅගෙ මූණෙන් ඇඳලා උගෙ පැත්තට හරවගත්තා.හුකනවනෙ දාලා.......
මගෙ කම්මුල් ආග්‍රගෙ දිග ඇඟිලි වලට අහුවෙලා කොයි වෙලේ හරි හක්ක පයින සීන් එකක් තියෙන්නේ.ඒ අස්සෙ උගෙ මූණ මගෙ හුස්ම වදින තරම් ළඟයි.සීතල නිසා ඕනෑවට අඩා රස්නෙ උගෙ හුස්ම කැටි මගෙ කම්මුලෙ වැදෙනවා මට දැනෙනවා.මගෙ පපුව ගැහෙනවා එකසිය ගානට.මං ආග්‍රගෙ මැණික් කටුව ළඟින් තද කරලා අල්ලගත්තා.හුත්තා.මූ මාව අසරණ කරනවා.

ආග්‍රDonde viven las historias. Descúbrelo ahora