"මං දන්නවා."
මං අක්කා දිහා බැලුවෙ පුදුමෙන්.මොනවා හරි දැක්කවත්ද.මට හීන් දාඩිය දැම්මා.
"ඇස් කන් තියෙන කෙනෙක්ට ඒක තේරෙනවා කේත්.ඔයාගෙ ඇස් වලින් ආදරේ වාන් දානවා වගෙනේ"
සුදු අක්කා කීවේ හිනා වෙලා.
"මොකද ඔයාට හිතෙන්නේ"
"ඒ කිව්වේ"මං සුදු අක්කට උත්තර දුන්නෙ නැහැ.
"කේත්.මං ගොඩාක් නරක ගෑනියක් වෙන්නැති කේත්.මගෙ ළමයව මරාගන්න හැදුවා.මගෙ මනුස්සයාට නොකරපු දෙයක් නෑ කේත්.ඒත් ඔයා ඒ හැමදේම ගොඩක් ආදරෙන් භාරගත්තා.""ඒක සරලයි.මං ආදරෙයි.ඔයා අරූට ආදරෙයි වගේ"
"ඉස්සර වගේ කියන්නෙ නැද්ද දරුවට අම්මෙක් වෙන්න කියලා"
"නැහැ.ආග්ර විඳවනවා බලන්න අමාරුයි"
"මොකක්ද කේත් කියන්නේ"
"පුලුවන්නම් ඈත් වෙලා යන්න."
මං කීවේ සුදු අක්කා දිහා කෙලින් බලාගෙන.
"ආග්ර වෙනස් වුනේ ඔයා නිසා.මං හිතුවේ නෑ ආග්ර ඒ තරම් ආදරණීයයි කියලා"
"ම්ම්ම්ම්ම්"
"ඇයි හදිසියේම එයාව දාලා ගියේ"
"මට හිතුනා මං නැති වුනාම ඔයලා දෙන්නා කතා කරලා තීරණයක් ගනී කියලා.ඒත් ඒක වෙලා නෑ වගේ"
"එහෙම වෙන්න තිබ්බා අපේ හිත් වල තියෙන ආදරේ බොරුවක් නම්.එක අතකට ආග්ර වාසනාවන්තයි.ඔයා එයාට ආදරෙයි නේ කේත්"
"ඔව්"
"මං වගෙ කෙනෙක්ට එයාව කොහොමත් පෑහෙන්නෙ නෑ කේත්.සංසාරේ පුරාවට එක්කාසු කරපු පව් අපිට ගෙවන්නම වෙනවා.මං කරේ ඊළඟ ආත්මෙටත් පව් එකතු කරගත්ත එක"
සුදු අක්කගෙ ඇස් වලින් කඳුලු වැලක් පල්ලට වැටුනා.
"දැං අඩලා වැඩක් නෑ"
"මට සමාවෙන්න කේත්.ආග්රට නපුරු වුනාට.මට............"
ඉකි ගැහෙම හින්දා සුදු අක්කගෙ වචන පැටලෙනවා.
"මට , මං ආදරේ ඉස්සරහා අසරණයි කේත්.මං නපුරුයි තමා කේත්.පිස්සියක් නේද කේත්.ආග්රට පිස්සෙක් කීවට මම නිකන් තිරිසනෙක් වගේ නේද කේත්.මගෙම ළමයට .. එ..එහෙම කරා"සුදු අක්කා සෑහෙන්න ඇඩුවා
"ඔයා ගිහින් ටික දවසකින් ආග්ර මට කතා කරා.එයා කීවා ඔයාට හුඟාක් ආදරෙයි කියලා.එයාට වෛර කරන්න එපයි කීවා කේත්.ඒක ඇහුවාම මට දැනුනෙ අපුලක්.මම ආග්රට අනම් මනං දේවල් කීවා කේත්.මම ගොඩක් සමාජෙ ගැන දන්නේ නැහැනෙ කේත්.මට හුඟක් අමුතු විදිහට ඒක දැනුනේ.මං නිසා ආග්ර ආයේ අසරණ වෙන්නැති.හබැයි ඔයාගෙ ඇස් දෙක දැක්කහම තේරෙනවා ආදරේ කොහෙත් එකයි කියලා.ආග්රට ඔයාව හුඟාක් මඟැරෙන්න ඇති කේත්.සමහර දාට එයා ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා."

YOU ARE READING
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....