46.

2.5K 431 58
                                    

"අක්කට බල කරන්න එපා.අපිටයි කියලා බලෙන් කිසි දෙයක් කරන්න බැහැ ආග්‍ර"
මං කීවේ උගෙ ඔඩොක්කුවෙන් ඇල වෙලා.හුඟ දවසකට පස්සෙ මෙහෙම ඉද්දි දැනෙන සනීපෙ කියන්න වචන නෑ.
"මං නම් ඒක දැනන් හිටියා කේත්."
"ම්ම්ම්ම්ම්"
"අපි මේ දේවල් නොහිතා ඉමු කේත්.මං ද..."
ආග්‍රගේ කට වැහුනේ නිදි මත පෙරෙන ඇස් පොඩි කරකර ළඟට එන ආශා අක්කව දැකලා.
"මේ දෙන්නනේ මේ මං බය වුනා"
අක්කා කීවේ කවිච්චියට එහා පැත්තේ තිබුන පුටුවෙන් වාඩි වෙන ගමන්.
"ආශා නිදා ගන්නෙ නැද්ද"
ආග්‍ර ඇහුවේ උගෙ ඔඩොක්කෙ තියෙන මගෙ ඔලුවට ඇඟිල්ලෙන් අනින ගමන්.
"බබා ඇහැරුනා ආග්‍ර.මං මේ කිරි ටිකක් දීලා ආවේ සාලෙ ලයිට් එක ඕෆ් කරන්න"
"කොල්ලා නිදිද"
මං ඇහුවේ තව ටිකක් ආග්‍රගේ ඔඩොක්කෙට බර වෙලා.
"ඔව්.අන්න නිදි."
"කොල්ලා හෙන චන්ඩියා නේ"
"කියලා වැඩක් නෑ කේත්.කාගෙවත් නැති යස්ස කුලප්පුව."
සුදු අක්කා කීවේ හිනා වෙලා.ආග්‍රනම් මොකුත් නොකියා මගෙ ඔලුවට ඇන ඇන හිටියා.උට අපහසුවක් දැනෙන්න ඇති.ඒත් තවත් එක එකාට හොරා ඉන්න බැහැ.ඒ නිසා පොර මට ඇන්නට මං වැඩිය ගනන් ගත්තෙ නැහැ..
"හෙට අම්ම්ලා එනවා කීවා නේද ආග්‍ර.මං
අහගෙන මේඝනා එහෙමත් එනවා කියලා"
"ඔව්.ලොකු අම්මලත් එක්කම එනවා කියලනේ කීවේ"
මේ රට විනාසයි හුත්තෝ.ඒකි විතරයි දැන් මෙතනට අඩුවට හිටියෙ.මං නියපොත්තත් හප හප ආග්‍ර දිහා බැලුවම ඌ මං දිහා බලල රැව්වා.
"මේඝනා මැරි කරන්න ඉන්න කෙනත් එනවා කීවේ"
ඊව්ව්ව්.කවුද ඒකිව බඳින්නේ....
මං ආග්‍ර දිහා බැලුවා.එක අතකට සුදු අක්කව කරගහන්න එකෙක් හිටිය එකේ ඒකිට නැති වෙන්න බෑනේ.හරිම දුකයි.මං ආග්‍රට ඇහැක් ගැහුවාම ඌ ටක් ගලා අනික් පැත්ත බලාගත්තා.
"ආග්‍ර.............
"ම්ම්ම්ම්"
"මට ඔයාට හුඟාක් ස්තූති කරන්න ඕනි.මාත් එක්ක මේ කාලෙ පුරාවට හිටියට.ගොඩක් දේවල් උනත් මාව කවදාවත් අත අරින්නෙ නැතුව මං ළඟින්ම හිටියෙ ඔයා.බොහොම ස්තූති ආග්‍ර."
සුදු අක්කා කීවේ මගෙ ඔලුව උඩ තිබ්බ ආග්‍රගෙ අත අරගෙන.
"කේත්.මල්ලි ඔයාටත් ගොඩක් පිං.මට හැමදේම ලැබුනෙ ඔයාලා නිසා"
සුදු අක්කාගෙ ඇස් වලින් කඳුලුත් වැටෙනවා.එයා නිකන් ඕනෙවට වඩා සීරියස් වෙලා වගේ.
"මොකෝ එක පාරට"
මං ඇහුවේ ආග්‍රගෙ ඔඩොක්කෙනුත් නැඟිටලා.සුදු අක්කා මොකුත් කියන්න හදන්ස්වා එක්කම පොඩි එකාගෙ ඇඩිල්ල නිසා සුදු අක්කගෙ සද්දෙ වැහුනා.මම ගිහින් චූටි එකාව ඇඳෙන් ගද්දි ඌ චූ නාලා..
"ආග්‍ර එනවකෝ"
මං ආග්‍රට කතා කරේ පොඩි එකාගෙ විශ්ව දණ්ඩ වහන් හිටපු රෙදි කැල්ල ලෙහන ගමන්.
"කබඩ් එකෙන් ගන්නකෝ නැපියක්."
මං පොඩි එකාව දෝතට අරන් කාමරෙන් එළියට ආවා.සුදු අක්ක නම් තාම කවිච්චියේ.මම ගිහින් පොඩි එකාවත් අරන් වාඩි වෙද්දි ආග්‍ර මං ගාවට ආවේ ලා රස්නෙ වතුරෙන් තමපු රෙදි කෑල්ලකුත් එක්ක.
"මං යන්නම්.බබා නිදාගත්තහම ඇඳෙන් තියන්න කේත් හොඳේ"
සුදු අක්කා නැඟිටලා කොල්ලා පිහපු තෙත රෙදි කෑල්ලත් අරන් එතනින් ගියෙ අපිට ඉඩ දීලා.
ආග්‍රයා නැපිය අන්දනකන් පොඩි එකා කට ඇරගෙන බලා ඉන්නවා.
"මොකෝ චූටි කොව්වට බඩගිනිද"
මං ඇහුවේ බෝලෙ වගෙ ඇරිලා තියෙන කටට හාද්දක් තියලා.
"බලන්න අප්පච්චි ඔයාගෙ චූව වහනවා."
මං කීවේ ආග්‍රයාට ඇහැක් ගහලා.
පොර මගෙ ඔලුව හෙලවිලා යන්න එකක් ගහලා චූටි කොල්ලට උම්මා එකක් දුන්නා.
"ලොකු වුනාම කොල්ලට මං තරම් වත් මොලේ තිබ්බ නම් ඇති.වස්තුවේ අප්පච්චියා වගේ මොලේ පෙගිච්ච එකෙක් වෙන්නෙපා මැණික හොඳේ"
මං එහෙම කීවාම ආග්‍රයා ආයේ පාරක් මගෙ ඔලුවට ගැහුවේ අත දිගැරලා.
"මගෙ ළමයා මං වගෙ නොවී ඔයා වගේ වෙන්නෙ කොහොමද?"
"එහෙම තමා.ඔයා ඉන්නේ කොනේ.නැද්ද කොල්ලො"
ආග්‍රයා නම් අමුතු හිනාවක් දාගෙන බලාගෙන ඉන්නවා.
ටිකක් වෙලා ඉඳලා ඌ මගෙ අත් ගොබේ බදාගෙන මගෙ උරිස්සට හේත්තු වුනා.
"මොකද"
"නිකන්.ගොඩ කාලෙකින් මෙහෙම ඉන්නෙ කේත්.මට හුඟක් පාළු හිතුනා.මාව දාලා යන්නෙ නෑ නේද"
"නැහැ.තමුසෙ නැතුව මට ඉන්න බෑ.මට උබවයි කොල්ලවයි දෙන්නම මං ළඟින් තියාගන්න ඕනේ."
මං කීවේ ආග්‍රගෙ කෙස් අස්සෙන් නොදැනෙන්න හදුවක් තියලා.
ඌ තව තව මං අස්සට තුරුලු වුනේ පොඩි එකාවත් මා ගාවට හිරකරලා.හුඟ කාලෙකට පස්සේ ආග්‍රගෙ හුස්ම මං ළඟින් දැවටෙද්දි මට දැනුනෙ කියලා නිම කරන්න බැරි හැඟීමක්.හෙන පිරිච්ච හැඟීමක්.මං එක අතක් උගෙ උරහිස් වටේ දාලා ආග්‍රව මං ළඟට ලං කරගත්තා.
"කේත්"
"ම්ම්ම්ම්ම්"
"මට වෛර කරනවද?"
"ඒ මොන ලබ්බකටද?"
"මං ඔයාගෙ ගුරුවරයා.ඔයාට වඩා වයසින් වැඩි.දැනුමක් තේරුමක් තියෙන්න ඕනි මිනිහෙක්.ඔයාවත් ම....."
"නෑ.ගුරුවරයෙක් විදිහට මං තමුසෙට ආදරේ කරපු විදිහ වෙනස් ආග්‍ර.නාකි තමා ඒ වුනාට හෙන ගොං නේ"
"අනේ මේ"
"මොකද ඇයි ඇත්තනේ"
උගෙයි මගෙයි තේරුමක් නැති රණ්ඩුව අස්සෙ පොඩි කොල්ල නිදාගෙන තිබ්බා.
"කොල්ලව ඇඳෙන් තියලා ඔයත් නිදාගන්න.එකත් පහු වෙලා"
මං කීවේ පොඩි එකාව ආග්‍රගෙ අත් දෙකෙන් තියලා.කොල්ලව තුරුල් කරන් ආග්‍රයා කාමරේට යනකම් ඉඳලා මං ලයිට් එකත් ඕෆ් කරලා කුස්සිය ඔඇත්තෙන් එළියෙ තිබ්බ බූරු ඇඳට පැන්නා.
හීනියට වැදෙන හීතල හුළඟ මැද්දට වෙල  ඉද්දි මගෙ මතකය ඇඳිල ගියේ ආපස්සට.ආග්‍රයයි මමයි මුණගැහුනු මුල්ම දවස් වලට.වැව රවුමෙ ගෙවිච්ච අපේ සුන්දර මතක වලට.හැමදේම දැං වෙනස් වෙලා වුනත් අපිටත්කියලා කාලයක් එයි කියලා හැඟීමක් මගෙ හිතේ කොනක තිබ්බා.මනෝ ලෝකෙන් එළියට වැටුනේ කුස්සියෙ එහෙට මෙහෙට යන චායාව දැකලා.මට හීන් දාඩිය දැම්මා.මහ රෑ හීතල හුළඟ අස්සෙ ඇඳුනු කළු හෙවනැල්ල දොර ළඟින් නොපෙනී යද්දි මං ඇඳේ ඉඳගත්තා.
ළඟින් වැටෙන හුස්ම සද්දෙට අනික් පැත්ත හැරෙද්දියි ආග්‍රගෙ සුවඳ මගෙ නහයෙ දැවටුනේ.
"යකෝ...ඔහොම හොල්මන් කරනවද මේඑ මහ රෑ.නිදාගන්නවා ගිහින්"
මං කීවේ හද පලුවෙන් පෙරිලා වැටෙන එළියෙන් දිලිසෙන ආග්‍රගෙ මූණට එබිලා.
"අදට මෙතන ඉන්නද ඔයා ගාව"
"පිස්සු හැදෙයි.උදේට අම්මා නැඟිටිද්දි තියෙයි ජෝඩු දාලා නිදාගත්තා වගේ නෙවේ"
"සුමනට කලින් මං ඇහැරෙන්නම්කො"

ආග්‍රDonde viven las historias. Descúbrelo ahora