"අප්පච්චි දොයිනේ පැටියෝ...අද මම කවන්නම් හරිද"
මං කීවෙ කොල්ලව ඔඩොක්කෙන් තියාගෙන පුටුවෙන් වාඩි වෙන ගමන්.අගිත ගේ චූටි කට අස්සෙ පිරිලා කට උල් කරගෙන කෑම කන කොල්ලගෙ හුරතලේ දැක්කහම මගෙ පපුව පිරිලා යනවා.
"සුදු මැණික දන්නවද...ඉස්සර අප්පච්චි මගෙ පුතු එනකන් හුඟාක් බලන් හිටියා.මාව හම්බුනහම උබ ලොකු වුනාම කරන දේවල් හිතුවා.වචන දහයක් කතා කරොත් නවයක හිටියෙ මගෙ පැටියා.සුදු මහත්තයයි මමයි නිසා අප්පච්චිට ඌව වෙලා.මා එක්ක තරහා මෑ නේද.ටික කාලයක් දෙනවා නේද.මගෙ කොල්ලවයි අප්පච්චිවයි මං පරිස්සමට බලාගන්නම්"
මං කොල්ලගෙ සිනිදු කම්මුලක් ඉම්බා.මගෙ දිහා බලාගෙන කොල්ලා ඉන්නෙ තේරුණා වගේ.මුතු කැට වගේ ඇස් ආග්ර වගේම නෙවෙයිද.
කොල්ලගෙ ඇස් මායාවක් වගේ.ජිල් බෝල වගේ ඇස් දෙකෙන් මා දිහා බලන් ඉන්නෙ ඇයි.
කොල්ලා කාලා ඉවර වෙනකන් ඉදලා මං කොල්ලව තියාගෙන ආග්ර ළඟින් ඉඳගත්තා."ආග්ර..."
"කෝ නැඟිටින්නකෝ...කෑම කාලා ඉමු".මං හෙමින් උගෙ කෙස් අස්සෙන් ඇඟිලි අරන් ගියා.කොල්ලා දැන් ලොකුයි.මා දිහා බලන් ඉඳලා චුට්ටගෙ අත ආග්රගේ කෙස් අස්සෙ රැදුනා.තේරෙනවද මැණික.
කොල්ලා නැමිලා ආග්රගේ මූනෙන් මූන තද කරා.
"නැඟිටින්න..පොඩි මෑනුත් කතා කරනවා"
මං කීවේ ආග්රට නැඟිටින්න ලේසි වෙන්න උගෙ පපුව ගාවින් උස්සලා.කොල්ලව මං ආග්රගෙ එහා පැත්තෙන් තියලා නාන කාමරේ සින්ක් එකෙන් අත සෝදන් ආවේ බත් එකත් අරගෙන.
"දැන් කන්න බෑ කේත්..."
"අහගන්න හදන්න එපා දැන් ඉතිම්.කීවාම එක පාරක් කනවා"ආග්ර රවාගෙන කට ඇරියේ මං අනපු බත් කට උගෙ කටේ ඔබද්දි..
"මට රවලා වැඩක් නෑ.උදේ වෙදමහත්තයාගෙ ගෙදර ගිහින් හාමු.ඉඳලා නෑ කියලා පරල වෙලා දැඟලුවා.තමුසෙ කොහෙටද යැව්වේ"
"කොළඹ යැව්වා.වෙද අප්පච්චිලා දැනන් හිටියා කේත්.මමයි ගිහින් කතා කරේ"
"ඒ මිනිස්සු ඇහුවද"
"අපේ කට්ටිය වගේ විකාරයක් නෙමේ කේත්.ඒ මිනිස්සුන්ට මොලේ කියලා දෙයක් තියෙනවා."

أنت تقرأ
ආග්ර
عاطفية"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....