44.

2.4K 459 148
                                    

ආග්‍රයා බත් කටක් අනලා මගෙ කට ළඟට ලං කරා.කෙළත් එක්ක හිඳුනා.
"මටද?"
"ඇයි වෙන කවුරුත් ඉන්නව වගේ පේනවද?"
ඌ ඉතිං රවනවා හැටට හැටේ.හෙන කාලෙකට පස්සෙ ඌ මා එක්ක වචන දෙකක් තුනක් කතා කරේ.මං ඌ දිහා බලාගෙන බත් කට කද්දි ඌ කැව්වා නෙමේ කටට එබුවා කීවනම් හරි.බත් කටවල් දෙක තුනක් බඩට වැටෙද්දි උඩ ඇන්දෙ දත් දෙක හෙළවෙන සයිස් එකේ තිබ්බේ.
ඌ තව එකක් දික් කරද්දි මං උගෙ අතෙන් අල්ලගත්තා.
"ඇති ඇති.තමුසෙ එක්ක කතා කරන්න ඕනෙ ආග්‍ර"
මං කීවේ අඩ නින්දේ ඉන්න පොඩි එකාව ඇඳෙන් තියලා.
"තියලා එනවකෝ ඕක"
මං එහෙම කීවේ ඇඳෙන් ඉඳගන්න ගමන්.ආග්‍රයා මං දිහා බලන් ඉඳලා කාමරෙන් එළියට ගියා.ඌ ඇතුළට ආවේ කෝප්පෙට පුරවපු වතුර එක්කුත් අරන්.ඌ වතුර එක මට දීලා පොඩි එකා ගාවින් ඉදගත්තා.
කොල්ලා නිදි.බෝලෙ වගේ උස්සලා පොළවෙ ගහන්නමයි හිත.මං ළඟ තිබ්බ ශීට් එකෙන් පොඩි එකා පොරවලා කොට්ටයක් උගෙ ළඟට හේත්තු කරා.
"ආග්‍ර.ප්‍රශ්න විසඳුනාද?"
මං ඇහුවෙ උගෙ ඇස් මඟැරලා.උත්තර නෑ ආග්‍රගෙන්.
"සතුටින් හ්.....
කියන්න හම්බුනෙ නෑ.ආග්‍ර මගෙ කොලර් එකෙන් ඇඳලා අරන් අත පුරවලා මගෙ කම්මුලට ගැහුවා.
"මොකක්ද උබ කියන්න ගියේ?"
"ළමයා ඉන්නවා"
"කියපං කේත්.සතුටින් හිටියද කියලද උබ අහන්න ගියේ."
"ආග්‍ර"
"මාව මේ අපායේ දාලා තෝත් ගිහාම මම සතුටින් ඉඳී කියලා හිතුවද මිනිහෝ.උබ කීවා මොකුත් විසඳුනේ නැතොත් එනවයි කීවා.ළඟම ඉන්නවා කීවා.තමුසෙ ගිහාම හැමදේම විසඳෙයි කීවා.ඇයි මං කියන දේ නාහා හිටියේ.ඇයි එහෙම ගියේ කේත්.මාස තුනක් මාව මතක් වුනෙ නැද්ද.මාව.....ටිකක්.....ටිකක්වත් මතක් වුනේ නැද්ද කේත්.මං නැතත් කොල්ලව මතක් වුනේ නැද්ද?තමුසෙ...තමුසෙ මට...."
ආග්‍ර එහෙමම බිමින් ඉන්දවුනා.
"කේත්.හුඟාක් අමාරුයි කේත්.මට ගොඩක් රිදුනා.ඔයා හිටියනම් කියලා හිතුනා කේත්..."
ආග්‍ර අඬනවා.ඇස් වලින් කඳුලු ඔහේ ගලාගෙන යනවා.මට දැනුන හැඟීම කොහොමද කියන්නේ.
"ඔයා පොරොන්දු වුනා මොකුත්මවෙනස් නොවුනොත් ඉක්මනට එනවා කියලා.මං හුඟක් බලන් හිටියා කේත්.මාව එපා වුනාද හිතුනා මට..."
ආග්‍ර ඉකි ගගහා අඩනවා.මං කොහොමද ආග්‍ර උබට කියන්නේ උබට වඩා මම පිච්චුනා.උබව මං ළඟින් තියාගන්න බැරුව මම කොච්චර අසරණ වුනාද කියලා කොහොමද උබට මං කියන්නේ ආග්‍ර.මං ආග්‍ර ඉස්සරහින් ඉඳගත්තේ උගෙ මූන මගෙ අත් දෙකෙන්ම අල්ලගෙන.
"ළමයා නැත්තම් මම මැරෙනවා මිනිහෝ.සත්තයි"
ආග්‍ර කීවේ මගෙ අත් දෙක ගසලා දාලා.
"ආග්‍ර..මං කි"
"ඇති කේත්.ඇති.මොකක්ද කියන්නේ.බබා වෙනුවෙන් දරාගන්න කියලද.කේත්,ඇයි තමුසෙ එච්චර හොද වෙන්නේ.ආත්මාර්තකාමි වෙන්වා කේත්.කොහෙ හරි යමු අපි.මට පුලුවන් මගෙ දරුවව බලාගන්න කේත්.අපි යමුද?නපුරු අය නැති දිහාකට?"
ආග්‍ර ඇහුවෙ ඇත්තටම ද නැද්ද කියලා තේරුනෙ නැ.හැබැයි උගෙ ඇස් දිලිසුනා.ලොකු වෙලත් බොළඳ බලාපොරොත්තුවක් උගෙ ඇස් අස්සෙ දිලිසුනා.
"ආග්‍ර."
ආග්‍ර මං දිහා බලන් හිටියා.උගෙ ඇස් වල තිබ්බ පුංචි හිනාව මැකිලා ගියා.ඌ නැඟිටලා ගිහින් ඇඳේ එහා පැත්තෙන් හාන්සි වුනේ මං දිහා නොබලා.රිදෙනවද උබට.
"මට තේරෙනවා ආග්‍ර.ඒත් මං මොකක්ද කරන්න ඕනි.උබම කියපං.මොකක්ද කරන්න කියන්නේ.උබ තේරෙනවද අම්මෙක් තාත්තෙක් ළමයෙක්ට වටින තරං.කොහොමද මං...."
ආග්‍ර දිහා බලන් මට කියවන්‍ යන්න බෑ.පියවුනු උගෙ හීනි ඇස් අස්සෙන් කඳුලු වැක්කෙරෙනවා.
"ආග්‍ර නැඟිටපං.මට උබ අඬනවා බලන්න බෑ"
මං කීවේ ඇඳ විට්ටමට හේත්තු වෙලා.එතනින් එහාට මං කීවේ නෑ.බිත්තිය ඉස්සරහින් තියෙන රාමු කරපු පිංතූරෙ දිහා මං පැය ගානක් බලන් ඉන්න ඇති.මං බිමින් නැඟිටිද්දි ආග්‍රට නින්ද ගිහින්.සුදු අක්කලා එන සද්දෙ ඇහෙද්දි මං කාමරෙන් එළියට ආවේ ආග්‍රගෙ හිස් මුදුනෙන් හාදුවක් තියලා.
මං එළියට එද්දි අම්මයි සුදුඅක්කයි සාලෙ.
"ඈහ් බං උබ කොයි වෙලේද ආවේ"
"දැන් ටිකක් වෙලා"
"ඔහෙන් ඉඳින් කහට එකක් දාලා දෙන්න"
අම්මා කීවේ ලෙහිලා තිබ්බ කොන්ඩෙ බැදගන්න ගමන්.අම්මා පිටිපස්සෙන් ගිහින් මං කුස්සියෙ බංකුවෙන් වාඩි වුනා.
"අම්මේ"
"ඕ"
"ආග්‍ර ගැන"
"ඉතිම්"
"කොහොමද ඌ අවුලක් නැතුව හිටියද"
මං ඇහුවෙ බිම බලාගෙන.ඌව මඟැරලා ගියේ ඇත්තටම උන් දෙන්නට කාලයක් දෙන්න.ඒක හොඳයි කියන එක මගෙ ඔලුවට ආවේ.පොඩි එකාගෙ ළඟ අම්මා ඉන්න ඕනේ.ඒ ආදරේ කාටවත් පුරවන්න බෑ.මං හිතුවෙ එහෙම.එක අතකට මං වැරදි.ඒවා හින්දා ආග්‍රයා ගොඩක් දුක් වින්දද කියලා මට සැකයි.
"අනේ මන්දා බන්.සුදු කොල්ලගෙ මූනත් එක්ක තෙහෙට්ටු පාටයි.දැක්ක ගමන් පේනොවැනේ.වලව්වෙ ලොකු ඈයොත් ගියා ගියාමයි ඔහෙ නෑ.කවුදෑ බං දන්නෑ ඇයි කියලා.පොඩි කෙළීත් කාමරේට වැදුනහම එළිබැහිල්ලක් නෑ.මට නම් තේරෙන්නෑ බං.ඔක්කොටම වඩා හිතට දුකයි පොඩි වුන් දෙන්න ගැන.සුදු මහත්තයා කෙඩෑරි වෙලා නෙ බං"
අම්මා කීවේ අතේ තිබ්බ බට කෑල්ලෙන් ලිපට පිඹලා.

මං හුඟ වෙලාවක් අම්මා දිහා බලන් ඉන්න ඇති.අම්මගෙ හිත කොච්චර හයියද.මාව දාලා යන්න තිබ්බා.මම එයාගෙ ළමයෙකුත් නොවිච්ච එකේ.ඒත් හැම කට්ටක්ම කාලා මාව මෙතැන්ට ඇඳන් ආවා.මං මොකක්ද කරේ.ප්‍රශ්නයක් ආව ගමන් ආග්‍රව මැද්දෙන් තියලා පැනලා ගියාද මං.මගෙ ඔලුව තිබ්බෙ පැටලුනු බෝලයක් වගේ.

තේක අතේ අරන් එළියට ඇවිත් මං සිමෙන්ති බංකුවේ ඇළ වුනේ අහස දිහා බලාගෙන.මේ කතාවේ සුදු අක්කෙක් නැති වුනානම් කොච්චර හොඳද කියලයි මට හිතුනේ.ආග්‍රයා මං ළඟ හිටියනම් කියලා හිතුනා.රස්නේ තේක උගුර කඩාගෙන යන තරම් වේගෙන් ගසලා දැම්මේ ඒ රස්නෙට හිතේ තියෙන ප්‍රශ්න පිච්චෙන්න හිතාගෙන.
ආග්‍රගෙ කාමරේ ජනෙලෙ ඇරෙද්දි මං උඩ ගියා.හැබැයි එබුනේ සුදු අක්කා.

"හප්පෙ බය වුනා කොළ පෑගෙන සද්දෙට.මං ඒත් බැලුවා කවුද කියලා"
සුදු අක්කා කීවේ වෙනද වගේම හිනා වෙලා.වෙලාවකට අක්කා පවු.එයාගෙ පැත්තෙන් අක්කා හරි නැද්ද.අක්කා කැකුළුට ආදරේ තරමටත් වඩා මං ආග්‍රට ආදරේ නැද්ද.තමන්ගෙම කතාවක අපි හැමෝම සාධාරණයි නේද.
මං සුදු අක්කට ලාවට හිනාවක් දැම්මා.

"කේත්.එළියෙ පිණි නේ ඇතුළට එන්න"
සුදු අක්කා කීවේ අතත් වනලා.
"එළියට එන්න බැරිද?"
මං ඇහුවේ හොරෙන් වගේ.හදිස්සියෙ වත් ආග්‍රට ඇහෙයි කියලා.සුදු අක්කා නිදන් ඉන්න ආග්‍රයා දිහාබලලා ජනෙලේ වැහුවා.

"මොකෝ"
මං සුදු අක්කා දිහා බලන් හිටියේ හෙන වුවමනාවෙන්.
"මං ආග්‍රට ආදරේ කරනවා"
මං කීවේ අහස දිහා බලාගෙන.

___________________________________________

හායි හැමෝම.
මුලින්ම ගොඩක් සොරි.මෙහෙම කතාව පරක්කු වෙද්දි ඉන්ටරස්ට් එක අඩු වෙනවා ඇති.කතාව ලියන්නෙ නෑ කියලා හිතුවේ.ආයේ ලියනවා කියලා හිතාගෙන දැන් පටන් ගත්තේ.මතක් කරනවා අඩු පාඩු තියෙන ඒවා කමෙන්ට් කරන්න.ඉන්බොක්ස් හරි කියන්න.ගොඩක් ජවයෙන් තමා ආයෙ ලියන්න ගත්තේ.එපා වෙලා තිබ්බෙ ලියන එක.ඒත් මංම මවපු චරිත මරලා දාන්න දුක හිතුනා.සෝ දිගටම අප්ඩේට් දෙනවා.අඩු පාඩු කමෙන්ට් කරන්න.❤️

❤️

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


ආග්‍රDove le storie prendono vita. Scoprilo ora