10.

3.7K 518 68
                                    

"මේ"

මං උගෙ සූදු පාට අතට ශේප් එකේ තට්ටුවක් දැම්මා.

"ඕයි"

සද්දයක්වත් නෑ.පොර මලාද?මං උරහිස් දෙකෙන් අල්ලලා ගැලවෙන්න වගේ හෙලෙව්වාම පිර හෙමීට ඇස් දෙක ඇරියා.මූණට එබිලා උන්න මාව දැකලා මෑන් බය වුනාද කොහෙද.උඩ පැනලා හරකා වගේ ඔලුව උස්සපු පාර උගෙ නලළ ඇවිත් ඇනුනෙ මගෙ නහයේ.වැදුන සැරට හිතුවේ හරි කියලා 

"ආශ්..කෑව නහය.බලනවා ලේ එනවද කියලා"

මං නහයෙ හිල් දෙක ඈත් කරලා ආග්‍රගේ මූනට ලං කරා.

"ෂික්.එහාට යනවා"

ආග්‍රගෙ මගෙ මූන පැත්තකට තල්ලු කරේ උගෙ නහයෙ තියෙන්නෙ හොටු නෙමේ මි පැණි වගේ.මං මේසෙ තිබ්බ තේකක් අරන් ඇඳෙන් වාඩි වෙලා තේක ආග්‍ර පැත්තට දික් කරා.ලාවට සීතල වෙච්ච ඇඳුම් තෙත කොන්ඩෙ නිසා ඌ ඉන්න ඇත්තේ සීතලේ.තේ කෝප්පෙ අරන් අත් දෙකේ ගුලු කරගත්තේ ලිපක් හම්බුනා වගේ.

"සීතල නැද්ද.ඇඳුමක් දාගන්නවකෝ"

"මේක බීලා ගිහින් නාගන්නවා"

"ඉක්මනට යනවා.උනක් වත් හැදෙයි නැත්තම්"

මං ආග්‍ර දිහා බලාගෙන කියද්දි පොර මං දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.

"මොකද අයිසෙ ඔහොම බලන්නේ"

මං අනික් පැත්ත බලාගත්තේ එකදිගට බලන් ඉන්න්ස් ලැජ්ජා නිසා.එකපාරට වැදුනේ ඇට කටු කොර වෙන සයිස් එකේ පාරක්.පොරගෙ පයින් පාර වැඳිලා මං ඇඳෙන් බිමට වැටුනා.

බිම ඉඳගෙනම මට හිනා ගියා.හොඳ වැඩේ උබට පුක දෙන්න යනවට.ගියා සුව දුක් බලන්න.මං නැඟිටලා කාමරෙන් එළියට එන්න හදද්දි ආග්‍ර අතෙන් ඇඳලා මට කෝප්පෙ දික් කරා.මට නහුතෙට නැග්ගා.මට තරහ ගිය පාර උට ලාවට හිනාවක් ගියාද මන්දා.මටද හිනාවෙන්නේ.මං ආග්‍රගෙ කෝලර් එකෙන් ඇඳලා ඇඳෙන් උඩට ඇඳ්ද.හොඳට මූනට ලංවෙලා මං කන ගාවට පාත් වුනා.

"ගහගනින් පුකේ"

ආග්‍ර ඇඳට තල්ලු කරලා මං එළියට ආවා.ආව මෙතන කෝප්ප දික් කරන්න.ෂිට් මෑන්ගෙ මූන බලාගන්න බැරි උනානේ ඒ වෙලාවේ.මට දැනුනේ වීරක්‍රියාවක් කරා වගේ.මං එළියට එද්දි අම්මා යන්න ලෑස්ති වෙලා.මං තෙත බෑග් එකත් එල්ලන් එළියට පැන්නා.

ආග්‍රWhere stories live. Discover now