"ඔය ජොකා ගලවලා එන්න.තෙමෙනවා.මේක ඇඳගන්න"
මං කීවේ ආග්ර අතට ටවල් එක දික් කරලා.ආග්ර ටවල් එක පටලන් රෝල් වෙච්ච තෙත ජොකා ජනේලෙන් එළියට විසික් කරා.
"මොකක්ද ඒ කරේ"
"මට කම්මැලි"
"ජොක්කු කඩයක් තියෙයිද.අදින අදින එකාව ජනේලෙන් විසික් කරන්න"
ඌ මොකුත් කියන්නෙත් නෑ.කොන්ඩෙ පිහලා නෑ.ඇඟ දිගේ වතුර බේරෙනවා.ටවල් එක කඩලා උට සරමක් දීලා මමත් ආග්රයාගෙ කලිසමක් දාගත්තා.
ඌව බිමින් ඉන්දලා මං ඇඳ උඩින් ඉඳගත්තෙ පොරගෙ කොන්ඩෙ පිහින්න.
"ආග්ර"
"ම්ම්ම්ම්"
"මං තමුසෙගෙ කවුද"
උත්තර නෑ.මගෙන් ඒ ප්රශ්නෙම ඇහුවොත් මට දෙන්න උත්තරත් නෑ.
"මොකා වුනත් කමක් නෑ ආග්ර.ප්රශ්නයක් තියෙයි නම් මටත් කියනවා.තමුසෙ ඔහොම තනියම විඳවනවා මට බලන් ඉන්න බෑ ඕයි"
"මගෙ ප්රශ්නත් තමුන්ට කියන්න පුලුවන් වෙලාවක්ද කේත් මේ"
"මට ඒ රෙද්ද්වල් වැඩක් නෑ ආග්ර.තමුසෙ මං වෙනුවෙන් කරන දේවල් මං හොඳට දන්නවා.මේ වගේ දේකදි වත් ළඟ ඉන්න බැරි නම් මං මොකෙක්ද කියනවකෝ"
ආග්ර ඒකට උත්තරක් දුන්නෙ නෑ.මං උගෙ ඔලුව උඩින් නිකට තියාගත්තා.
"මොකක්ද වුනේ.මට කියන්නෙ නැද්ද"
"කේත්"
"ආග්ර,මට කියනවද නැද්ද"
"ආශා කැමති නෑ ළමයෙක් හදන්න"
"මොන හුත්තටද එහෙනම් හැමිනුනේ?"
"කේත්.මොකක්ද ඔය ක"
"සොරි සොරි"
"කට තලනවා තමුසෙගෙ"
"හරි හරි වදෙ.කියනවකො ඉතිම්"
"මන්දා කේත්.එයා කැමති නෑ.මට තේරෙන්නෙ නැ.ඇයි කියලා"
"ආග්ර තමුසෙ අක්කා එක්"
"ඔව්.ඒ මගෙ කොල්ලා කේත්.මං ඒක දන්නවා.මට ඒක දැනෙනවා.ඒක වැරදිද කියන්න මං දන්නෑ කේත්.මිනිහෙක් විදිහට මට ඕනෙ වුනෙ මගෙන් වෙන්නඕනෙ හැම දෙයක්ම නෝනට දීලා දරුවෙක් හදලා පාඩුවේ ජීවත් වෙන්න.මං හිතුවා ඒක ආදරේ කියලා"ආග්ර එතනින් නැවැත්තුවා.ඌ ආයෙම පටන් ගත්තේ විනාඩි ගාණකට පස්සේ
"ආශා ආදරේ කැකුලුවාට.කේත් මං ආශාට වැරැද්දක් කියනවා නෙමෙයි.හැබැයි ඒයාට තිබ්බ කසාදෙට කලින් මට මේ දේවල් කියන්න.උට ආදරේනම් මං එක්ක ඇඳට ගොඩ නොවී ඉන්න තිබ්බා.මගෙ කැමැත්තට විතරක් මං බඩ කරා නෙවෙයි.දරුවත් බඩට ආවට පස්සෙයි එයාට මගෙ දරුවව එපා වුනේ.දරුවෙක් බඩේ තියන් මගෙ ගෑණි වෙන මිනිහෙක් එක්ක හැමිනෙනවා බලන්න බෑ කේත් මට.මගෙ දරුවට මොනවා හරි වෙයි කියලා මට බයයි.මට බයයි කේත්.මගෙ කොල්ලව ඒ ගෙදර දාලා ආවට මගෙ පපුව ගැහෙනවා."
YOU ARE READING
ආග්ර
Romance"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....