මං හිතුවේ ආග්ර ආයෙ ආයෙම මාව මඟාරී කියලා.හැබැයි එහෙම දෙයක් වුනෙ නැහැ.වෙනදා වගේම ඌ මං එක්ක කතා කරා.වෙනසකට තිබ්බෙ අපි දෙන්නගෙ හිතේ තිබ්බ අපි දෙන්නගෙ ඇස් දෙකෙන් දැකපු එක විතරයි.එතනින් එහාට අඩියක් තියන්න උට බැහැ.මට බයයි.
සුදු අක්කව දකින ගානෙ මං කඩාගෙන වැටුනා.වලව්ව අස්සෙ කවුරුත් මං වෙනුවෙන් නැති වෙලාවේ හිත හැඳුවෙ හරි සුදු අක්කා විතරයි.හැබැයි හැමදේම උගසට තියලා මං වෙනුවෙන් තියෙන හැඟීම කියපු ආග්රව මට අතාරින්න බෑ.ගිරේකට අහුවුන පුවක් ගෙඩිය වගේ මම දෙපැත්තෙන් තැලුනා.මට එහෙම නම් ආග්රයට කොහොම ඇතිද කියලා හිතනකොටත් මාව පිස්සෙක් වෙනවා.උගෙ ඔලුව පිස්සු නටනවා ඇති.ඒවා හිතද්දි මට ඕනෙ වුනේ පුලුවන් තරම් ආග්ර ගාවින් ඉන්න.ළඟට ගිහින් වෙලිලා ඉඹලා නෙමෙයි.උබට මං ඉන්නවා කියන හැඟීම මට දෙන්නයි ඕනෙ වුනේ.මාස ගනන් ගෙවිලා ගියා.විභාගෙට හරියටම මාස දෙකයි.සුදු අක්කගෙ බඩට මාස හතයි.මේ ලෝකෙ මනුස්සයෙක් දාරගන්න තරම දැක්කනම් මං ඒක දැක්කෙ ආග්රගෙන්.ආදරෙ කරන කෙනෙක්,ගුරුවරයෙක්,තාත්තෙක්,සැමියෙක් උට ඒ හැම වගකීමක්ම තිබ්බා.ඉස්කෝලෙ ඇරලා ආපු ගමන් ආග්ර වලව්වෙ උන්ට හොරෙන් මට ඉගැන්නුවා.වරු ගනන් ඉස්කෝලෙ උන්ට උගන්නන්න මහන්සි වුනා.සුදු අක්කට ඕනෙ වෙන ගානෙ එයා ගාව හිටියා.නින්දක් නැතුව සුදු අක්කා ගැන බැලුවා.සමහර දාට පාන්දර දෙකයි.ආග්ර ඇහැරලා.එක්කො පේපර්ස් හදනවා,බලනවා,සුදු අක්කව දරුවෙක් වගේ පරිස්සම් කරා.අපිට ඉගැන්නුවා.ගුරුවරයෙක් නෙමෙයි දෙවියෙක් වගේ.පන්තියෙ වැටිලා හිටපු උන් සෑහෙන්න ගොඩ ගන්න ඇති ආග්රයා.ඌ මහන්සි වුනා.ඇස් යට කළු ගැහිලා,හිතේ ප්රශ්න ඔලුවෙ බර හැම දේම හින්දා ඌ අවුරුදු ගානකින් වයස ගිහින් පෙනුනා.ඒ හැම දේම වෙලත් මාව හම්බෙන වෙලාවට ඌ අහිංසක විදිහට හිනා වුනා.ඒ වෙලාවට ළඟට අරන් නළල ඉබලා මට කියන්න ඕනි වුනා,ආග්ර මං උබට ආදරෙයි මගෙ පණටත් වඩා කියලා.ඒත්,පනින්න බැරි රාමුවක් ඇතුළෙ අපි දෙන්නම තනි වුනා.
සමහර දාට ඌ නිදියනකන් උට හොරෙන් මං ඇහැරන් උන්නා.වෙනදට වඩා ඌ ළඟින් ඉන්න මං උත්සාහ කරා.හිටපු ගමන් සුදු අක්කට අමාරු වෙලා ඌ ඉස්පිරිතාල ගානෙ යද්දි,ඌ ගෙදර එනකන් මං බලාන හිටියා.හැමෝම ගැන හැමදේම බලන්න උට වෙලාව හොයාගත්තට උට ඌ ගැන බලන්න අමතක වුනා.ඒ හින්දා මං එයා ගැන බැලුවා.
නමක් නොදන්න,හැඟීමක් විතරක් දැනෙන බැඳීමක් අස්සෙ අපි දෙන්නම අතරමං වුනා.
ඒ වුනාට ඒ දැනෙන හැඟීමට මං පුදුම විදිහට ආදරේ කරා.මගෙ නොවුනට මගෙ වගෙ හිතන් ඌ ළඟ මං හිටියා.
පාඩම් කරලා එපා වෙලා ඉද්දි උගෙ හිනාව දකිද්දි හැමදේම මුල ඉඳන් පටන් ගන්න හිතුනා.නිදහස් නොවුනත් මාර නිදහස් හැඟීමක් මට ආවේ.හැමෝටම හොරෙන්,අපි අපිටත් හොරෙන් ආදරෙ කරන ඒ හැඟීමට මං ආස කරා.ඌවත් මංවත් කීවෙ නැ.මං උබට ආදරෙයි කියලා.හැබැයි ඌව දකින ගානේ උගෙ ඇස් දෙකෙන් වාන් දාන ආදරෙ මට පේනවා.මූ මට නේද ආදරේ කියලා දැනෙද්දි,ඒක විතරක්ම හිතලා මට හිත සනසගන්න පුලුවන් වුනා.
වෙනදා වගේම ඌ පේපර් හදද්දි මං ඌ වෙනුවෙන් ඇහැරන් බලන් උන්න.වෙලාව දෙක හමාරයි.උට තාම නිදියන්න අදහසක් නෑ.ඉස්කෝලෙ නිවාඩු හින්දා දවසම වලව්වෙ අස්සෙ මම.දවල්ට තියෙන වැඩ කරලා පාන්දර වෙනකන් මං ඌ එක්ක පාඩම් කරා.
උටත් තේකක් හදලා මම බලාගෙන හිටියෙ ආග්ර කුස්සියට එනකන්.ගානට තුනේ බට්ටා වදිද්දි ආග්ර දොර රෙද්ද මෑත් කරන් ඇවිත් බංකුවෙ මං ගාවින් වාඩි වුනා.
KAMU SEDANG MEMBACA
ආග්ර
Romansa"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....