පහුවදා ආග්රයා ඉස්කෝලෙ යද්දි මම වැඩ පළට ආවා.උට අද හවස ක්ලාස් නිසා වෙනදට කලින් මං අද ගෙදර යන්න සෙට් වෙනවා.
ඊයෙ වෙච්ච මඟුල් නිසා මගෙ හිතේ පොඩි අවුලක් තිබ්බා..ඒ වුනාට කොල්ලා අමුතු නමක් කිව්ව නිසා අමුතු හැඟීමක් තියෙන්නේ.උබලට හිතෙයි පොඩි කියලා.පොඩි තමා බං මාත්.ඒත් ඒක මාරයි යකෝ.උබලගෙ කතා වලට වඩා මගෙ කතාව වෙනස් ඇති.ඒත් ඒක පට්ට.මම දන්නෑ මේ හැඟීම මොකක්ද කියලා.හැබැයි මම ඒකට පන ඇරලා ආදරෙයි.ඉක්මනට ගෙදර ගිහින් කොල්ලගෙ මූන බදාගෙන ඇස් දෙක ඉබින්න තියෙයි නම් හොඳයි වගේ.හිතේ පොඩි ගැස්මක් තිබ්බට කොල්ලා මතක් වෙන හින්දා මට ප්රබෝධමත් ෆීලින් එකක් තිබ්බේ.ඉස්කෝලේ ඉන්ටර්වල් එක අල්ලලා මං ආග්රයාට කෝල් එක්කුත් ගත්තා.
ආග්රගෙ හිතේ තිබ්බ නිදහස උගෙ වචන වලින් එළියට පනිනවා.
මේ වෙලාවේ ඌ කොහෙ හරි ඈතක් බලාගෙන හිනාවෙනවා මට මැවෙනවා.
ඌ මනෝ පාරක් ගහහෙන මා එක්ක කත කරනවා.සමහරවිට අපේ ලස්සන අනාගතයක් ඌ මවාගන්නවා ඇති.
හතරට වැඩ ඉවර කරලා මං ගියා නෙවේ ඉගිල්ලුනා.දවල්ට මොකුත් කාගන්න බැරි වුන හින්දා මං හන්දියේ කඩෙන් වාහනෙ නතර කරේ ඉඹුල් කිරිබත් තියෙනවා දැකලා.
උබලා කියනවා නම් ඩිලිවරි කරන වුන් කරන්නේ චූන් එකේ බඩු බෙදන එක කියලා නම් හෙනම බොරු.කන්න වෙලාවක් නෑ.ගෙදරින් බත් එකක් බැදන් ගියාට කන්න තැනක් නෑ.සමහර මිනිස්සු කෝල් කරලා ගෙදර ගිහාම ගෙවල් වල නෑ.රිටර්න් බඩු තිබ්බොත් පවුලටත් එක්ක අමතන හැත්තත් ඉන්නවා.ඩිලිවර් කවර් වුනේ නැත්තම් කේස්.රටේ නැති රෙද්දවල් ගොඩයි.ඒ නිසා මින් පස්සෙ උබලට එහෙම සෙට් වුනොත් ඒ මිනිස්සු එක්ක පොඩ්ඩක් මානුෂීය වෙයන්.මං කඩේ ගාව බයික් එක දාලා ඇතුළට යද්දි කඩේ මාමා මට හිනාවක් දුන්නා.
"මේ අපේ සුමනගෙ කොලුවා නේ.සෑහෙන කාලෙකින් නොවැ ඕං"
"ඔව් මාමෙ.උදේ යනවා හවස එනවා"
"ඔව්වා ඔහොම තමයි බං.කරදඬු උස් මහත් වෙන්න උරේ බර වැඩි වෙනවනේ"
මං රවුම් මේසෙ වට කරලා තිබ්බ පුටුව ඇඳලා අරන් වාඩි වුනා."විශ්ව විද්යාලෙට පෝමරේ පුරවන්ඩ ආවැයි?"
"නෑ හෙට අනිද්දා දිහාව්ත් එයි.ඉඹුල් කිරිබත් දෙකක් ඈ""අපේ නෝනා ඔය හදලා තිබ්බා.ගෙඩි පහ් හයක්"
"මාමේ ඔහොම්ම හතරක් විතර දාන්නකෝ මල්ලකට."
"උබලයෙ අම්මා තාම වලව්වෙ වැඩද බං"
"ඔව් මාමේ.මං කියනවා දැන් ඇතියි කියලා.පොඩි මහත්තයා කොල්ලා ටිකක් ලොකු වෙනකන් ඉන්න ඕනෙයි කියන්නේ"

أنت تقرأ
ආග්ර
عاطفية"ආග්ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....