20.

3.2K 479 48
                                    

ඌ නිකන් දගලනවා වගේ දැනෙද්දි මං ඌව උඩට ගත්තා.මූ හුස්ම අඳිනවා පන දාගෙන.ඇසුත් රතු වෙලා.

"අවුලක් නැනේ"

මූ හයියෙන් හුස්ම අරන් මං දිහා බලනවා.නහයත් රතු වෙලා.ඇස් වලින් කඳුලුත් පනිනවා.

"අවුලක් නෑ"

මට පව් කියලා හිතුනා.නහයටත් වතුර ගිහින්ද මන්දා.

"ආග්‍ර ගෙදර ගිහින් නාගන්නවා"

"කමක් නෑ කේත්.මෙහෙම හොඳයි"

"ඔය බලනවකෝ තමුසෙ මරන්න එක්කන් ගියපු හරකෙක් වගේ"

මූ මං දිහා බලන් ඉඳලා වටපිට බැලුවා.

"අර පැත්ත ගැඹුරුයිද"

"ඔව් එහෙට යන්න බෑ පීනනැතුව"

"එහෙමද.කේත් ගිහින් නාන්න.නැත්තම් මං හින්දා ඒකත් නෑ"

"කට නම් තියෙනවා."

මං වතුර අහුරක් අතට අරන් ආග්‍රගෙ ඇඟට ගැහුවා

උගෙ බෙල්ල ගාවින් උඩ විතරයි මට පේන්නේ.

"ඉක්මන් කරනවකො.තමුසෙට සීතල අල්ලයි."

මං ගලක් උඩ තිබ්බ සබන් කැටේ උගෙ අතට දුන්නා.

"ආහ් හොඳට ගාගන්නවා"

ආග්‍රයා සබන් කැටෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.ඌ සබන් ගානකන් මං කරෙ එහෙට මෙහෙට පීනපු එක.ගොඩක් දුර යන්නත් බෑ.වතුරත් එක්ක මූවත් ඇඳන් ගියොත්.මං යට ගිහින් එද්දි මෙන්න යකෝ මූ ඔය දිගෙ ඉස්සරහට යනවා.

"ඕයි ආග්‍ර කොහෙද යන්නේ"

"අයියෝ කේත්"

"කොහෙද ඕයි යන්නේ මෙහෙ එනවා"

"සබන් කැටේ"

"ඇයි ගියාද"

"මං අල්ලන් හිටියේ"

"ඕක ආයෙ අල්ලන්න බෑ මෙහෙ එනවා."

මං මූවත් ඇඳන් හිටපු තැනට ආවා.

"නහින්නද ඕනෙ යකෝ.එක විදිහකට ඉන්නවා ඔහොම"

මං ගල උඩ තිබ්බ මගෙ සබන් ලෙල්ල අරන් උගෙ ඔලුවෙ ගෑවා.ආග්‍රගෙ කොන්ඩෙ පට්ට සිනිදුයි.ඇගිලි අතරින් යනවා දැනෙන්නෙ නෑ වගේ.ඌ එහෙ මෙහෙ බල බල ඉන්නවා.ඇයි දන්නෑ.ඒත් මං මේ දැනෙන හැඟීමට ආසයි.හරියට තමන්ගෙ කෙනෙක් රකිනවා බලාගන්නවා වගේ.ඔලුව දිගෙ බේරෙන සබන් පෙණ වතුරට වැටිලා අතුරුදහන් වෙනවා.උගෙ දිග බෙල්ලෙ තැනින් තැන වතුර බිංදු රැඳිලා.කොන්ඩෙ තිබ්බ අත මං හෙමින් උගෙ කන ගාවට ගෙනවා.බෙල්ලෙ හැඩ තියෙන තැන් උගෙ ලස්සනට තියෙන.මං උගෙ කන ගාව ඉඳන් උගුරු ඇටෙ ගාවට ඇඟිල්ල ඇඳන් ආවා.සබන් හින්දා මගෙ ඇඟිල්ල ලෙස්සනවා.මට හිතුනා උගෙ බෙල්ල මිරිකන්න.උගෙ ඇස් වලින් කඳුලු පනිනකන් උගෙ බෙල්ල හයියෙන් අල්ලන්න.මං ලිස්සන ඇඟිලි උගෙ හිනිබෙල්ල දිගෙ එහෙ මෙහෙ ඇදන් ගියා.ආග්‍රගෙ ඇස් ලොකු වෙලා.ඌ මන් දිහා බලන් ඉන්නවා.මට දැනුනෙ මහ අමුතු හැඟීමක්.මං තව ටිකක් ආග්‍රගෙ ළඟට ආවා.

ආග්‍රWhere stories live. Discover now