රෙදි ටිකත් මං ගල උඩට දාලා මං එතනම වාඩි වුනා.ඔයේ වතුර ගලන සද්දෙ විතරයි ඇහෙන්නේ.අමුතු මූසල ගුප්ත බවක් තිබ්බේ.පුරුදු හින්දද කොහෙද වෙනසක් තිබ්බේ නැතත් අමුතු නුපුරුදු හැඟීමක් ආවේ.ලාවට මීදුම් බාලා වෙනදා නැති විදිහෙ ගැස්මක් පපුවට ආවේ.මොකෙක් හරි බලන් ඉන්නවද.දෙපාරක් තුන් පාරක් බැලුවත් ගහක් කොලක් වත් හෙලවෙන්නෙ නැති තරං පරිසරය නිහඬයි.ඕනේ හුත්තක් කියලා ඔයට පැනලා රෙදි ටිකත් අපුල්ලන් මං වලව්වට ආවා.නාලා ආපු වෙලේ ඉඳන් පරණ දෙයක් මතකෙ උඩ එනවා වගෙ දැනුනේ.ගෙදර ඈයෝ මිදුලෙද කොහෙද.ගේ ඇතුලේ ආපු කන් දෙක කරන සද්දෙ අඩුයි.අඟුරු කේතලේ ලිප උඩින් තියලා මං ලිපට උඩින් මං අත් දෙක ඇල්ලුවේ සීතල යන්න.ආග්‍රයා මොනවා කරනවා ඇතිද.රෙද්ද හෙන ගහනවා වගේ මගෙ ඔලුවට ආවේ ඒක.මොන හුත්තක්ද මන්දා මට මොකද.ඔලුව ඔබාගන්න හිතුනෙ ලිපේ.තෝත් දැන් ඕනවට වැඩි.ඒ කීවට හිතට එකඟව ඉන්න බෑ.මං උටත් එක්ක කෝප්පෙට තේකක් වක්කරන් සාලෙට ගියා.ඌ තේ බීලද දන්නෑ.ඒත් කමක් නෑ කියලා මං දොර රෙද්ද ෂේප් එකේ ඈත්කරා.පොර නිදිද කොහෙද.ඇදේ පැත්තකට හැරිලා ඉන්නවා.මං තේක දිහා බැලුවා.ඌ බොන්න ඇති නේද.නිදි හින්දා මට හිතුනේ පව් කියලා.සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න කාමරේට පැනලා මං තේක මේසෙ උඩින් තිබ්බා.නැගිට්ටහමවත් බොන්නැතෑ.එහෙම තියල හැරිලා යන්න ගියත් මාව නැවතුනේ පාස් පේපර්ස් පොතක් අස්සෙන් එලියට පැනලා තිබ්බ කොලේට.කලු පෑනෙන් කුරුටු ගාපු චිත්‍ර කෑල්ලක් ආයෙත් ආයෙත්.මගෙ මොලේ කීවේ කොහෙ හරි ඒක පුරුදුයි කියලා.එතකොටයි මට මීටර් වුනේ ඉස්කෝලෙ ලැබ් එකේ බිමට පාවුනු කොළ කෑල්ල.කොළ කෑල්ල එළියට ඇදලා අරන් මං ඒක දිහා හොඳට බැලුවා.එදා එක වගේමයි.එකම රූපයක් වගේ.මං ආග්‍ර දිහ බැලුවා.ඌ තාමත් නිදි.තිබ්බ විදිහටම කොලේ පොත ඇතුළට දාලා මං කාමරෙන් එළියට ආවා.
මගෙ ඔලුව උඩ කලු ගලක් තියලා වගේ දැනුනේ.ඇයි කියන්න මටවත් තේරුන්නෑ.කිරි කලේ වගේ තිබ්බ ඔලුවට ගොම බිංදුවක් වැටිලා වගේ.ගේ ඇතුළේ කට්ටිය පිරිලා යද්දිත් මං කුස්සියෙ බංකුව උඩට වෙලා කල්පනා කරා.මොනවද කල්පනා කරෙ කියලවත් මීටර් නෑ.රටේ නැති හුත්තවල් විතරයි ඔලුවට ආවේ.ගෙදර වුන්ගෙ සන්නිය ඉවර වෙලා උන් ඇඳට යනකන් ඉඳලා මං ආග්‍රයාගෙ කාමරේට එබුනා.මිනිහා නානවා වගේ.නාන කාමරෙ වතුර වැටෙන සද්දෙ එළියට ඇහෙනවා.හෙට පිරිවරට උයන්න ඕනෙ හින්දා අම්මා මෙහෙ.මං ගෙදර යන්න කලින් මට ඕනෙ උනේ ආග්‍රයාව පොඩ්ඩක් බැහැ දැකලා යන්න.මං ඌ එනකන් උගෙ කාමරේ තිබ්බ පොත් මේසෙන් වාඩි වුනා.උගෙ පොත් මේසෙ පිළිවෙළ නෑ ගොඩක්.ඌ පිළිවෙලයි.අඳිද්දි කද්දි ඇවිද්දි හැබැයි උගෙ පොත් මේසේ පට්ට කැතයි.පොත් ගොඩක් නැතත් කලබලෙන් එහෙ මෙහෙ දාලා වගේ.මෙලෝ රහක් නෑ.මං උගෙ මේසේ තිබ්බ පොත් එහෙ මෙහෙ කරලා පොඩ්ඩක් පිළිවෙළක් කරා.පේපර් පොත අස්සෙ තිබ්බ කුරුටු ගාපු කොළ කෑල්ල තවත් එතන තිබ්බෙ නෑ.මේසෙ උඩ තිබ්බ පැන්සල් පෑන් ටික ලාච්චුවට ඔබද්දි මං දැක්කෙ ලාච්චුවේ පැත්තකට වෙන්න තිබ්බ ඩයරියක් අනුන්ගෙ ඒවා කියවන එක හොඳ නෑ තමයි.එහෙමයි කියලා මට කියලා විශේෂ ගුණයක් තිබ්බෙත් නැති එකේ මං ලාච්චුව වහලා පොත අතට ගත්තා.ඩයරියක් කියනවට වඩා ඒකට කවි පොතක් කීවනම් ගැළපෙනවා.ඩයරියෙ ප්‍රින්ට් කරලා තියෙන දිනේ උඩින්ම ආයේ තද අකුරෙන් දින වෙනස් කරලා ලියලා ඊට යටින් කවියක් ලියලා තියෙයි.
KAMU SEDANG MEMBACA
ආග්‍ර
Romansa"ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....