37.

3.6K 549 73
                                    

"ආහ්"
"මදි කියලා කියන්නේ.තව ටිකක්"
"කේත්"
"ම්ම්ම්ම්ම්"
"හැම ප්‍රශ්නෙටම තනියම උත්තර හොයන්න යන්න එපා.ඔයාට රිදෙනවා.මා එක්ක ඉන්න කේත්.ඉස්සරහට එන විදිහකට මුහුණ දෙමු."
"හා.කෝ ළඟට එනවා"
"කේත්.අප්ප්ප්ප්"
කියවිල්ල වැඩි මුගේ.මට ඌ එක්ක වාද කරන්න බෑ.ආග්‍ර විඳින්න විඳින්න ලස්සන වෙන හැඟීමක් වගේ. මං ආයෙත් ඌව මං ගාවට ගත්තා.ඌ සුවඳයි.
මං මගෙ දිව උගෙ දිවේ පටලගත්තා.
"ම්ම්ම්ම්ම්ම්ම්ම්.........."
ආග්‍ර කෙදිරිගානවා.ඒක තමා මට අහං ඉන්න බැරි.මට ලිමිට් නෑ ඒවා ඇහෙද්දි.මං උගෙ බෙල්ල අතකට මිරිකගෙන උගෙ යටි තොල මගෙ දත් අස්සට ගත්තා.
එන්න එන්න ආග්‍ර රතු වෙනවා.ඇහෙන් කඳුලු පනිනවා.මං ආස විදිහ ඒ.ඌ ආදරෙ හින්දා මා ගාව අසරණ වෙනවා බලන්න.වෙලා යද්දි උට අමාරුයි වගේ දැනෙද්දි මං ඌව මෑත් කරා.
රතු වෙලා,කඳුලු ගලලා,කට වටේට කෙළ.
ආග්‍ර කමිස අතෙන් කට වටේ පිහගන්න ගමං මං දිහා බැලුවා.මං උගෙ නළලට නළල තියාගෙන ඌ ගාවට නැමුනා.

"ඇයි තමුසෙ මට කලින් නොකීවේ.මේ හැඟීම් මෙච්චර ලස්සනයි කියලා"
"මමත් අද තමයි දැනගත්තේ.මේක මෙච්චර ලස්සනයි කියලා"
උට කතා කරගන්න බෑ.මං උගෙ කඳුලු පාරවල් ඇඟිල්ලෙන් අහක් කරා.බෙල්ල පුර මගෙ ඇඟිලි පාරවල්.ඌව එහෙම දකිද්දි මගෙ හිත අමුතු උණුසුමකින් පිරිලා යනවා.උබ මගේ ආග්‍ර.මට ඒක දැනෙනවා.

"කාලද ආවේ"
"නෑ බත් එක ගෙනාවේ"
"යමං කන්න.යකෙක් කන්න බඩගිනී"
"ඇයි කෑව හරිය මදිද"
"කොහෙද.බඩ ඇවිස්සුවා විතරනේ.නහයෙන් කටෙන් හොටු පෙරාගෙන දඟලනවා"
"අනේ මේ"
"අඤේ මේ තමා.යං යං බඩගිනී"
මං ඌවත් ඇදන් ගිහින් බත් එක මෙසෙ උඩ දිගැරියා.

"යකෝ.මෙච්චර මොකාට කන්නද"
"වැඩ අල්ලලා මහන්සි ඇතිනේ"
"අහ් මමද.තමුසෙනෙ,ඔයා ඔයාගෙ වැඩක් ඤරගන්න මං ඥන්නම් අරකයි මේකයි ගගා වැළලුනේ"
"මෙන්න මේක කාපං කියවන්නැතුව"
ආග්‍ර බත් එකේ තිබ්බ හාල්මැස්සෙක් මගෙ කටේ එබුවා.

කාලා ඉවර වෙලා මං පාඩං කරනකන් ඌ මං ගාව හිටියා.මට නින්ද යාගෙන එද්දි මට තට්ටුවක් දාලා නැඟිට්ටෙව්වා.වෙලාව හරියටම දොළහයි.ආග්‍ර හිටියෙ ඇඳේ ඉඳගෙන.ඌ පොතක් බලන ගමන්.මං ඇඳට ගිහින් ඌ ගාවින් වාඩි වුනා.
"ඉවරද"
"නෑ තව.කම්මැලි"
"තේකක් හදන්නද"
"එපා.ටිකක් එනවකෝ"
මං ඌව ළඟට කරගෙන උගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.මට කෙලින්ම පේන්නේ ආග්‍රගේ මූණ.ඌ කන්නාඩි දෙකත් හදාගෙන පොත බලනවා.
"මොකක්ද ඔය පොත"
"නවල් එකක්"
"ඕක පැත්තකට දාලා මං දිහා බලනවකෝ"
මං කීවේ උගෙ අතේ තිබ්බ පොත ඇදේ කොනකට විසික් කරලා උගෙ අත අරන් මගෙ ඔලුවේ තියාගෙන.
"මොකද අලි බබා"
"මගෙ ඔලුව අත ගාලා දෙනවා.මට මහන්සි"
"අප්පේ.ඇයි කුඹුරු කෙටුවද"
"මොනවද ආග්‍ර.බැයිනම් කියනවකෝ"මං බොරු තරහක් මවාගෙන උගෙ ඔඩොක්කුවෙන් නැඟිටිද්දි ඌ ආයෙම මාව උගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා.මෙතන හරි සනීපයි ආග්‍ර.නිදහස්.
"කේත්"
"ම්ම්ම්ම්ම්"
"මාව මඟාරින්න එපා"
"එහෙනම් මට තරම් ආශාට ලං වෙන්න එපා"
"ඊරිසියයිද"
"ඔව්.තමුසෙවත් මරලා මටත් මැරෙන්න හිතෙනවා"
මං එහෙම කියද්දි ආග්‍ර මං දිහා බලන් හිටියේ ලාවට හිනා වෙලා.
"මට දැන් නිදහස් කේත්.මේ දැනෙන අමුතු හැඟීමට මම ආසයි.මං කවදාවත් හිතුවෙ නෑ මම වෙනුවෙන් විශේෂ කෙනෙක් ඇති කියලා.මං ගැන වද වෙන ලෝභ වෙන කෙනෙක්."
"මමත් හිතුවේ නෑ තමුසෙ ගැනම හිතෙයි කියලා.මතකද මගෙ අතට කෙළලා ඇරියෙ එදා.මේ බලනවා කැළල"
මං පෙන්නුවෙ එදා වීදුරුවට කැපිච්ච අත.ආග්‍රයාගෙ මූණ දෙල් වෙලා.
"ඔයානේ ඕන්නැති වැඩ කරේ"
"යකෝ මං මොකක්ද කරේ.තමුසෙනෙ එක පාරට චූන් වෙලා නැටුවෙ ඇවිත්.දෙන්න හිතුනා එදා නම් හොම්බ ගැලවෙන්න"
ආග්‍ර මගෙ අත දිගෙ ඇඟිලි අරන් ගියා.එක අතක් මගෙ ඔලුවේ.උගෙ හීනි දිග ඇඟිලි ඔලුව පුරා දඟ කරද්දු පට්ට සනීපයි.මගෙ ඇස් පියවීගෙන එද්දි ආග්‍ර මගෙ කොන්ඩෙන් ඇද්දා.
"නිදි මතයිද?"
"ඔව්"
"හෙට උදේ ඇහැරින්න එහෙනම් දැන් නිදාගන්න"
"ඔයා යනවද"
"යන්නම් කේත්.ආශායි සුමනයි විතරනෙ ගෙදර"
"යං.මාත් එන්නම්"
මං ආග්‍රයත් ඇඳන් ගෙයින් එළියට බැහැලා දොර වහලා දැම්මා.කැළෑ පාර මඟ ඇරලා වැව් කන්ඩිය දිගේ ඌයි මායි ඇවිදන් ආවා.ආග්‍රගෙ ෆෝන් එකේ එළිය අපේ පාර එළිය කරා.

ආග්‍රWhere stories live. Discover now