" ඔව් අප්පච්චී ඔයාගේ දෝණී හොදින් ඉන්නවා ....."
අප්පච්චී බයවෙලා ... බයවෙන එකත් සාධාරණයි මමනේ අපෙ අප්පච්චීට ඉන්න වන් ඇන්ඩ් ඔන්ලි දූ සිගිත්ත....කවදාහරි අප්පච්චීව බලාගන්න ඉන්නේ මමනේ....ඊටත් අප්පච්චීගේ සම්පූර්ණ ආදරේත් මටම විතරයි ...
" එහෙනම් දෝණී පරිස්සමෙන් ඉන්න...අප්පච්චීට ආයේ කතාකරන්න හරිද ..."
" හරි අප්පච්චී ....මම පරිස්සමෙන් ඉන්නම්....හැමෝවම මතක් කරන්න එහෙනම් ......අර මෝඩයට කියන්න පාඩම් කරන්න කියලා ....තියනවා අප්පච්චී බුදුසරණයි ......."
අප්පච්චී එක්ක කතා කරලා එහෙමම දොර අරින කොටම මම ජිවීතේ දැකපු නපුරුම ආඩම්බරකාරම කෙල්ල මගේ ඉස්සරහ ....කැම්පස් එකේදීවත් දැක්කේ නෑ ඒ තරම් ශෝ එක තියන කෙල්ලෙක් ..... ලාවට මෝදුවී ගන ආ හිනාවත් එක්කම ඒ ඇස් දිහා බැලුවේ දැන්හරි මනුස්සකමට කතා කරොත් මමත් හිනාවෙන්න හිතාගන්න...
දෙතොල් දිහා බලන්නත් බෑ තදම තද රතු පැහැ ලිප්ස්ටික් තවරාගන...නාස් පුඩුවලට උඩින් එක්වුණු ඇහිබැම පවා තවත් අව පැහැ ගැන්විලා ...ඒ එක්වුණු ඇහිබැම නම් කේන්තිකාරයෙක්ගේ ලක්ෂනයක් කියලා අප්පච්චී කිව්වා මතකයි.ඒකත් මෙයාව දැකලම තමා ඊයේ රෑ අපි එන වෙලාවෙ ගෙදර හිටියනේ.....
...කම්මුල් ලාවට ගිලා බැහැලා වගේ ...ඒත් මේකප් එකට පින්සිද්ද වෙන්න ආවාට එකක්වත් අත්කාචයකින්වත් හොයාගන්න නෑ...දෑස් ලොකු කරගන නපුරු බැල්මෙන් බලාගන ඉන්නේ මම දිහා .....ඒ බැල්මට මට එන හිනාව නවත්ව ගන්න අමාරුයි ..අම්මෝ හුස්ම ගන්නත් බෑ.ඒ තරම් ආයාසයකින් මම ඉන්නේ ....මේ මෝහිනී ඉස්සරහ විරිත්තන්න ගියොත් රවන රැවිල්ලට මාව අළුවෙලා යයි....
අත් දිග බ්ලවුස් එකට ටයිඩ් ස්කර්ට් එකක් මාරම මැචින් ...මොනවා වුනත් කෙල්ලෙක්ගේ පෞර්ෂත්වය කැපිලා පේන්න තැනට ගැලපෙන විදියට නම් අදිනවා. ....ඒත් මේකප් එක වැඩි වගේ ....කියන්න හිතයි...ඒත් නිකම් මොකටද පලවෙනි දවසම මුස්පේන්තු කරගන්නෙ....මමත් නොදැක්කා වගේ බිම බලාගන පය ඉක්මන් කරේ පහලට යන්න....
මට ඉස්සරහින් යන නිසා අගලක් දෙකක් විතර උසට තියන හීල්ස් පවා පේනවා....අඩි පහමාරක් විතර උස මේ මනුස්සයාට මොකටද හීල්ස්....
ESTÁS LEYENDO
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...