35

684 125 3
                                    

#ඔබගෙන්_තරම්
     තිස්පස්වන  හමුවීම

" හේ බබා..... මොකද වුනේ ..."

දෑතින් අල්ලාගන්නා අතරමයි අක්කා ඇහුවේ.. මනසේ ඇදුනු දර්ශන වල අගක් මුලක් සිතාගත නොහැකිව පටලැවිල්ලක... පන්සලේ සැනසීම ලද හිස මතකයන් වලින් පිරී ගොස් එකක් පසු පස තවකක් හඹා එනවා.....

" දුමී..."

ඔළුව කැරකැවිල්ල වගේ ... අක්කාගේ වාරුවට ගැති වෙලා ඒ සිරුරට හේත්තු වුනා.....

" තාන්වි , මානෙල්..... පොඩ්ඩක් එන්න..."

" දුමී අක්කි......."

" මොකද ලොකු බේබී වුනේ...."

තාන්වි නංගිගේත් මානෙල්ගේත් අක්කාගේත් හඩ පසුබිමින් ඇහුණත් තවම මනසේ ඇදී යන්නේ මට නුපුරුදු වෙනස්ම දර්ශන ...   ඒ අතරින් පතර මට කරදර කරන විසල් මිනිසාගේ රුව මෙන්න ආදරණීය කුඩා දරුවෙකුගේද හැඩ මැවෙනවා......

" දුමී එන්න.....මෙතනින් වාඩිවෙන්න...."

මට දැනුනා මාව සීතල පොලවක වාඩි කරන බව....ඒ වගේම සීතල ජලයද මුහුණ පුරාම ගැල්වුනා.....

ගතවන කාලය පිළිබද සිහියක් නොතිබුන මා පියවි සිහියට ආවේ තාන්වි නංගීගේ දෑත් මත....
ලොකු හාමුදුරුවෝ පවා එවිට අපේ ලග...

" දුමී ..... "
අක්කාත් හිස පිරිමදින අතරේ ලගින් වාඩිවුනා....කදුළු පිරුණු ඇස්වලින් මම ඇයැදුවේ ඒ ආදරය...... මට පෙනුන මට දැනුන ආදරය..

" ඔය ලමයි බයවෙන්න එපා දැන් .... සංසාරික දේවල් අපිට වෙනස් කරන්න බෑ...... අසම්පූර්ණ බැදීමක් මතකයන් වල... "

ලොකු හාමුදුරුවෝ කිව්වේ අපි ඔක්කොටම.... ඔව් අසම්පූර්ණ බැදීමක් තියනවා ...ඒකත් මගෙය් අක්කාගෙයි.... ඒත් ඒ දේවල් ඇත්තමද....නැත්නම් මගේ හිතලුවක් වෙන්න බැරිද.....

" ඔය දරුවා දැන් නිදහසේ ඉන්න .... "

ලොකු හාමුදුරුවෝ එහෙම කියලා යන්නයි ගියේ .....

" එන්න අක්කි අපි ගෙදර යමු....ඔයාට මහන්සි නිසා වෙන්න ඇති .... ටිකක් රෙස්ට් කරාම හරි........"

තාන්වියි මානෙල්නුයි දෙන්නම උදව් කරා මට වාහනේට නගින්න....පස්සේ ෂීට් එකෙන් වාඩිවෙලා ඔළුව තියාගන දෑස් පියාගත්තා.....
තාන්වි කිව්ව වගේ මේ විකාර පෙනුනේ ගොඩක් මහන්සි වුන නිසා වෙන්න පුළුවන් ඒත් මගේ හිත පොඩ්ඩක්වත් කලබල නෑ.... ගොඩක් සැහැල්ලුවෙන් නිදහසෙයි හිටියේ .....

ඔබගෙන් තරම් || G×GOù les histoires vivent. Découvrez maintenant