56

1K 130 35
                                    

චාන්වී  P.O.V  ( extra chapter )

මම හැමදාමත් එකම හීනයක් දැකපු කාලයක් තිබුනා. මට යමක් තේරෙන අවදියේ පටන්ම ඒ රුව හැමදාමත් මාව සිහිනෙන් සැනසුවා. මට ආදරේ අඩුව දැනුන හැම මොහොතකම ඒ දෑස් මාව ආදරයෙන් පිරෙව්වා... ආදරයෙන් තුරුළු කරගත්තා. ඒත් ඒ රුවේ හිමිකාරිය කවුද කියලා මම හරියටම දැනගත්තේ අවුරුදු විසි අටකට පස්සෙ ..ඒ වෙන කවුරුත් නෙවෙයි මගේම අම්මා , මම නොදැන හිටපු මම නොදැකපු මගේම අම්මා.

ප්‍රේමයේ හෙවනැල්ලත් එක්ක මගේ ජීවිතේට තවත් රුවක් සමීප වෙන්න උත්සාහ කරා. හිස් පිටු කොල දහස් ගනනක රෑ නිදි වර්ජිතව මම සිහිනයෙන් දකින ඒ කාන්තා රුව චිත්‍රයට නගන්න ඇති. සමහරවෙලාවට මම හිතුවෙ ඒක පිස්සුවක් කියලා ....ඒ තරමටම මම ඒ  සිහිනෙන් පෙනෙන ගැහැණු රුවට වශිවෙලයි හිටියේ...

යසස්වි මගේ ජීවිතේට ආවේ එහෙමයි. මගේ හීනෙට සමාන හැඩහුරුකම් යසස්විගෙන් දැක්කා....මම හිතුවෙ ඒ මගේ හීනේ ඉන්න කෙනාමයි කියලා ......ඒත් මට කලින් දහම් , යසස්විව අයිතිකරගන.... දුකක් නොදැනුනාමත් නෙවෙයි .....ඒත් ඒ දුක එලියට පෙන්නන එක චාන්වීගේ ස්ටයිල් එක නෙවෙයි ...

ඒත් එක දවසක ඒ හැමදෙයක්ම වෙනස්වුනා....යසස්වි කියන්නේ හීනේ කෙනා නෙවෙයි කියලා තහවුරු වුනේ ඒ දවසේ , කවුද හිතුවෙ මාව පිස්සු වට්ටපු ඒ කෙල්ල අපේම ගෙදරට එයි කියලා....

ඒ දවස කවදාවත්ම මට අමතක කරන්න බෑ....අමතක වෙන්නෙත් නෑ..

" ලොකූ.....දරුවෝ පොඩ්ඩක් පහලට යන්නකෝ , මාමාලා ඇවිත් දැන් පැය දෙකකට වැඩි "

" ඕකේ "

කේන්තියෙන්  ෆෝන් එකත් කට් කරලා  ඇදට විසිකරලා නැගිට්ටේ අපිව අවුරුදු ගානකට පස්සෙ බලන්න ආපූ මාමාව බලන්න යන්න ...අම්මත් අද ඩියුටි දාගන ඒ කරදරේත් මගේ ඇගේම ගැහුවනේ...
මේ මිනිස්සුත් වදදෙන්නමනේ එන්නෙ ...

කේන්තිය හිතේ තදකරගනම පහලට යන්න කලියෙන් දැක්කේ පහල සෝෆා එකේ ඉදගන ඉන්න අවුරුදු පනහ පැනපු පිරිමියෙක් ,ඒ මුහුණුවර නම් අම්මගෙ වගේ ....මේ අපේ මාමාණ්ඩි වෙන්නැති....ඒ පිරිමි කෙනාට එහාපැත්තේ සාරියක් දවටගතපු ඒ වයසෙම වගේ ගැහැණු කෙනෙක් ...ආ තව කොල්ලෙකුත් ...
අම්මා කිව්වෙ නම් අපේ ගෙදර නවතින්නේ මාමාගේ දුව කියලයි....කෝ එතකොට ඒ ගර්ල්...වෙන මිනිස්සු ගෙදර නවත්වගන්න අපේ ගෙදර මිනිස්සුන්ටත් පිස්සුනේ...

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now