#ඔබගෙන්_තරම්
තිස්අටවන හමුවීම
නොහොබිනා දෙයක් නම් නෙවෙයි අක්කා කරන්නේ මේලස් චෙක් කරනවා.....ඒත් මම පිටිපස්සෙන් දැකපු පාර කෙල්ල ගැස්සුනා....තව වින්ඩෝ එකක් මිනිමයිස් කරලා....මම ඒක දැක්කේ නෑනේ .....හොර බොරු වංචා නොකෙරුවට මේ පැණි හිනාව නම් මට වැඩිය දිරවන්නෙ නෑ.....මොකක්හරිම එපා කරපු වැඩක් කරලා ඇති ......බලෙන් බලන්න විදියක් නෑ.....නැගිට්ට ගමන් ලැප් එක වහගන එලියට ගියානේ...... දැන්නම් අක්කට රහස් හොදටෝම වැඩියි...
හවස් වරුවම එලියේ වාඩිවෙලා පොතකුත් එක්ක ජීවත්වුනා........අනිත් අය බරටම වැඩ....පොඩි උදව්වක් කරන්න ඒ පැත්තට ගියත් අක්කාගෙන් නම් රැවුම් ගෙරවුම්....හැබැයි වැඩ කරන්න ආපු කොල්ලො ටිකනම් මරු.....හැමෝම ඇඹලයෝ.......ඒක නිසාමයි අක්කටත් තරහ ගියේ ඉතින් මගේ එකාගේ ලේ කෝප කරනවට වඩා සැපයි පාඩුවෙ තනියම පොතක් රසවිදිනවා........
කම්මැලි කමට කෝපි කෝප්පෙකුත් හදාන පිටුවෙන් පිටුවට දෑස් ගෙනගියා......සෞම්‍ය කාලගුණය සීතල සුලග එක්ක මහන්සිය විඩාව අවමය......ඒත් දහවලට නම් සාමාන්‍ය තරමට රස්නයක් මෙහෙටත් තියනවා......නමුත් අදුර වැටෙන්න වැටෙන්න සීතල හිමි හිමිහිට පලාතම අාක්‍රමණය කරනවා......
" මොකක්ද කියවන්නේ ..."
ඇවිත් කියවපු පොත උඩින් උස්සලා ඇදලා ගත්තා....මම ආසම නැති ජරා වැඩක් ඒකනම්........
" ම්ම්ම් ......දැන් කියවන්නේ රුසියන් සාහිත්‍යය ......."
මගේ එහා පැත්තෙන් ඒ බංකුවෙන්ම ඉදගන්න අතරේ මට ආපහු පොත දුන්නා.....ඒ වෙනුවට අතට ගත්තේ කෝපි කෝප්පේ නුහුරට අල්ලගන.....
" කෝ මට.....".
හිස් කෝප්පය දිහා බලාගනයි මගෙන් ඉල්ලුවේ.........
" ඕනෙද.......හදලා දෙන්නම්......"
" එපා එපා......පස්සේ බොමු....මම ආවේ හවසට සප්‍රායිස් නෑ කියන්න....ගොඩක් වැඩ තියනවා බබා....වෙන වෙලාවක යමු...."
" අනේ......කමක් නෑ එක්කෝ......නිදහස් වෙලාවක යමුකෝ "
මුලින් අදහස ආවේ කොහොමහරි කැමති කරවගන්න ඒත් ඒ තෙහෙට්ටු මුහුණේ ආයාචනාත්මක බව දුටුවහම මුරණ්ඩු වෙන්න බෑ මට......
VOUS LISEZ
ඔබගෙන් තරම් || G×G
Roman d'amourඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...